මොකද්ද මේ Astrobiology ?
මොකද්ද මේ Astrobiology, එහෙමත් නැත්තන් තාරකා ජිව විද්‍යාව කියන්නේ? තාරකා විද්‍යාව ගැන ඇල්මක් දක්වන අයනම් මේ ගැන දන්නවාතාරකා ජිව විද්‍යාව කියන්නේ පෘථිවිය මත වගේම පෘථිවියෙන් එපිට විශ්වයේ පවතින ජිවය පිලිබදව අධ්‍යයනය කිරීම. එහෙම කිව්වම ගොඩක් අය හිතන්නේ මේක මේ පිටසක්වල ජීවින් ගැන හොයන එකක්දෝ කියල.
නෑ, මේක ඊට වඩා ගැඹුරට ගිය විෂය පථයක්. පෘථිවිය හැදුනේ කොහොමද?, පෘථිවිය මත ජිවය ඇති උනේ කොහොමද?, එදා ඇති වෙච්ච ජිවය අද දක්වා පරිණාමය උනේ කොහොමද? පෘථිවියෙන් එපිට ජිවය තියෙනවද? පෘථිවියෙන් එපිට ජිවය හොයන්නේ කොහොමද? වගේ කාරනා රාශියක් මේකට අයත් වෙනවා. මේ සියල්ල ගැන අධ්‍යනය කරන තාරකා ජිව විද්‍යාවට ගොඩක් විෂය පථයන් සම්බන්ද වෙනවා. තරකා විද්‍යාව, ජිව විද්‍යාව, රසායන විද්‍යාව, භූගර්භ විද්‍යාව ඉන් කිහිපයක්. මේ විදියට විෂයන් ගොඩක විද්‍යාඥයන් එකතු වෙලා කරන පර්යේෂණ වලින් ඉතා වැදගත් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. එවගේ මූලිකම දේ තමයි පෘථිවියේ වායුගෝලය, කබොල සහ සමුද්‍ර පරිසරය අධ්‍යයනය කරලා ජිවය පිළිබඳව හොයා ගන්න පුළුවන් කියල වගේම පෘථිවියේ තොරතුරු සිකුරු, අගහරු වගේ ග්‍රහ ලෝක වල වයුගෝලය හා භූ විද්‍යාත්මක තොරතුරු සමග සංසන්දනය කරලා පෘතුවිය සහ අනෙක් ග්‍රහ ලෝක වල සම්භවය ගැන ගොඩක් තොරතුරු හොයා ගන්න පුළුවන් බව.
තාරකා ජීව විද්‍යාවේ අලුත්ම පියවර වෙන්නේ මේ දත්ත භාවිතා කරලා වෙනත් සෞරග්‍රහ මණ්ඩල වල තරු වටේ පෘථිවිය වගේ ග්‍රහලෝක තියෙනවද කියල හොයන එකයි. මීලග ලිපියෙන් පෘථිවිය හැදුනේ කොහොමද කියල විස්තර ටිකක් එක්ක නැවත හමුවෙමු.