නිම් නැති විශ්වය – මෙසියර් 4
මෙසියර් ගේ ආකාෂ වස්තු පිළිබඳ පළවන තාරකාවිද්‍යා ලිපිපෙළ තුලින් අද ඔබ වෙත ගෙනහැරෙන්නේ.
වැදගත් කරුණු :
වස්තුව -තරු පොකුරකී (Cluster)
වර්ගය – ගෝලීය තරු පොකුරකී (Globular Cluster)
වෙනත් නාමකරණ – Messier 5, M4, NGC 6121
තාරකා රාශිය – වෘශ්චික (Scorpius)
විශුවදංශය (Right Ascension) – 16h 23m 35s
ක්‍රාන්තිය (Declination) – -26° 31′ 32″
පෘතුවියට ඇති දුර – ආලෝක වර්ෂ 7200 (7200 Light Years) / කිලෝ පාර්සෙක් 2.2 (2.2 Kilo Parsecs)
දෘශ්‍ය දීප්ත විශාලත්වය (Apparent magnitude) – +5.9
නිරපේක්ෂ දීප්ත විශාලත්වය (Absolute magnitude) – +5.9
අහසේ ආපාතනය කරන විශාලත්වය (විෂ්කම්භය) – කලා 26 (26 Arc Minutes)
විශාලත්වය (අරය) – ආලෝක වර්ෂ 35 (පාර්සෙක් 10.73)
හැදින්වීම
M4 යනු පෘථිවියට ආසන්නයෙන්ම පවතින ගෝලීය තාරුපොකුරු වලින් එකකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 7200 ක දුරින් පිහිටන දීප්ති විශාලනය + 5.9 ක් වන මෙය තාරකා 20,000 කට අධික ප්‍රමාණයකින් සමන්විත ගෝලාකාර තරු පොකුරක් වේ.
නිරීක්ෂණ ඉතිහාසය
මෙය පළමුව සොයාගන්නා ලද්දේ ස්විස් ජාතික Jean Philippe නම් තාරකා විද්‍යාඥයකු විසින් 1746 දී වන අතර පසුව ඔහුගේ නාමාවලියට දහනම වන ස්ථානය යටතේ මෙම තාරුපොකුර ඇතුළත් කර ඇත. පසුව 1764 මැයි මස අට වන දින චාල්ස් මෙසියර් විසින් මෙය ඔහුගේ නාමාවලියට ඇතුළත් කර ගන්නා ලදී. 1752 ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥ නිකොලා ලුයී ඩී ලැකයිල් (Nicolas Louis de Lacaille) විසින් මෙම ගෝලාකර තරු පොකුර වෙනමම නිරීක්ෂණය කර ඇති අතර එය ඔහුගේ ලයිස්තුවේ Lacaille I.9 ලෙස සටහන් තබ ඇත.
Charles messier ගේ වාර්තා අනුව ඔහු විසින් මෙය ඉතා කුඩා දුර්වල පැහැති තරු පොකුරක් ලෙස හදුන්වා ඇති අතර එය මඳක් නිහාරිකාවක් වැනි යැයි ද ඔහු විසින් සඳහන් කර ඇත. එසේම එය ඇන්ටාරස් (Antares) තාරකාවට ඉතා ආසන්නයෙන් පිහිටන බව ද ඔහු විසින් පවසා ඇත.
M4 හි සුවිශේෂී කාරණයක් වන්නේ චාල්ස් මෙසියර් විසින් තාරකා තනි තනි වශයෙන් විභේධනය කර නිරීක්ෂණය කළ එකම ගෝලාකාර තරු පොකුර මෙය වීම නිසාය. මෙසියර් සටහන තුළ ඇති අනෙකුත් ගෝලීය තරු පොකුරු සියල්ලේම තාරකා තනි තනි වශයෙන් විභේධනය කර නිරීක්ෂණය කළේ විලියම් හර්ෂල් (William Herschel) විසිනි. මෙම තාරකා පොකුර මධ්‍යයේ යෂ්ඨියක් වැනි ව්‍යුහයක් ඇති බව විලියම් හර්ෂල් (William Herschel) ගේ නිරීක්ෂණ් වාර්ථාවල සටහන් වී ඇත.
ව්‍යුහය හා සංයුතිය
මෙම තරු පොකුර ආසන්න වශයෙන් වසර බිලියන 12.2 ක් පමණ වයස යැයි විශ්වාස කරයි. M4 තරු පොකුර සාමාන්‍ය ගෝලීය තරු පොකුරු වලට ප්‍රමාණයෙන් වඩා කුඩා වන අතර මෙහි තාරකා 20,000 වඩා ප්‍රමාණයක් අඩංගු වේ. සාමාන්‍යයෙන් ගෝලීය තරු පොකුරක ලක්ෂ 5 ක් දක්වා තාරකා පිහිටිය හැක. ඉතා අතීතයේ මෙම ගෝලීය තරු පොකුරු තුල පිහිට වඩා විශාල තාරකා ප්‍රමාණයක් තිබුණු බව විශ්වාස කරයි.
මෙසියර් 4 හි තාරකා ඝනත්වය සාපෙක්ෂව අඩු අගයක් ගන්නා අතර තාරකා ඝනත්ව පරිමාණයෙන් (density class) IX පන්තියට අයත් වේ. තාරකා ඝනත්ව පරිමාණය I සිට XII දක්වා ව්‍යාප්ත වන අතර I මගින් උපරිම තාරකා ඝනත්වයද XII මගින් අවම තාරකා ඝනත්වයද නිරූපණය කරයි.
මෙම තරු පොකුර තුළ අවම වශයෙන් විචල්‍ය තාරකා 65 පමණ පවතින බව විශ්වාස කරයි. මෙතුල තුළ පවතින තරු අධ්‍යයනය කිරීම තුළින් විද්‍යාඥයන් විසින් මෙහි තරු පරම්පරා කිහිපයක් තුළ හටගත් ඒවා ලෙස සලකා ඇත. එනම් මෙහි විවිධ ස්ථානවල විවිධ වයසැති තාරකා දක්නට ලැබේ.
අප මන්දාකිණිය වන ක්ෂීරපථයේ මධ්‍යයේ සිට පාර්සෙක් පන්දහක් පමණ දුරින් මන්දාකිණි තැටිය ප්‍රදේශයේ මෙම ගෝලීය තරු පොකුර පිහිටයි. එය ආසන්න වශයෙන් තප්පරයට කිලෝමීටර් 70.4 ක වේගයකින් ක්ෂීරපථය වටා ගමන් කරයි.
මෙම තරු පොකුර තුළ අප ක්ෂීරපථය තුළ පවතින වයස්ගතම තරු කිහිපයක් අඩංගු බවද විද්‍යාඥයන් විසින් තහවුරු කර ඇත. එම තාරකා ආසන්න වශයෙන් වසර බිලියන 13ක් පමණ වයසැතිය. තරු පොකුරේ මැද කොටසේ පවතින සුදු වාමන තාරකා එම පැරණි තාරකා වල ඉතුරු වු හරයන් බව 1995 වසරේදී සොයාගන්නා ලදී. එසේම මෙම තරු පොකුර තුළ පවතින තරු වලින් 15% පමණ ද්විත්ව තාරකා වේ.
2003 ජූලි මස තාරකා විද්‍යාඥයන් විසින් මෙම තරු පොකුර තුළ එක්තරා ග්‍රහලෝකයක් සොයා ගන්නා ලදී.මෙම ග්‍රහලොව බ්‍රහස්පති ග්‍රහයා මෙන් 2.5 ගුණයක් පමණ බරින් යුක්ත වන අතර එය සුදු වාමන තාරකාවක් සහ පල්සර් තාරකාවක් අඩංගු ද්විත්ව තාරකා පද්ධතියක් වටා පරිභ්‍රමණය වෙමින් පවතී. මෙම ද්විත්ව තාරකා පද්ධතිය PSR B1620-26 යන නමින් හඳුන්වන අතර එය මෙම තරු පොකුරහි මධ්‍ය ප්‍රදේශයෙන් මඳක් ඉවතට වන්නට පිහිටයි එහි අඩංගු ග්‍රහලොව PSR B1620-26b ලෙස නම් කර ඇති අතර එය the Genesis Planet/Methaselah යන නම් වලින්ද හඳුන්වයි. මෙම ග්‍රහලොව වසර බිලියන 12.7 ක් පමණ වයසැති බවට විශ්වාස කරන අතර මෙය සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට සොයාගන්නා ලද ග්රහලොවන් ගෙන් පැරණිතම ග්රහලොවක් යැයි ද සලකයි.
පිහිටීම
හොඳ කාළගුණ තත්ත්ව හා වායුගෝල තත්ත්ව යටතේ මෙසියර් 4 පියවි ඇසින් නිරීක්ෂණය කළ හැක. මෙම තරු පොකුර පෘථිවියට ආසන්නතම තරු පොකුරක් වීම නිසා ඉතා කුඩා දුරේක්ෂයකින් හෝ හොඳ දෙනෙතියක් භාවිතයෙන් ඉතා පහසුවෙන් දැක බලා ගත හැක.
දකුණු දිශාවට වන්නට පවතින වෘශ්චික තාරකා රාශිය දීප්තිමත්ම තාරකාව වන ඇන්ටාරස් (Antares) තාරකාවට අංශක 1.3 ක් පමණ බටහිර දිශාවට වන්නට මෙම තරු පොකුර පිහිටයි. (ඇන්ටාරස් තාරකාව අහසේ දිස්වන තාරකා වලින් දිිප්තිමත්ම එකක් වන නිසා ඉතා පහසුවෙන් මෙම ස්ථානය හඳුනා ගත හැක). පුළුල් පරාසයක් බැලිය හැකි හොඳ දුරේක්ෂයක් භාවිතයෙන් මෙම ගෝලීය තරු පොකුරු සහ ඇන්ටාරස් (Antares) තාරකාව යන දෙකම එකවර නිරීක්ෂණය කර ගැනීමේ හැකියාවද ඇත. (මේ සමග ඇති තාරකා සිතියම බලන්න).
වෘශ්චික තාරකා රාශිය මැයි,ජුනි,ජූලි යන මාසවල දී දකුණු දිශාවෙන් අහසේ වඩාත් ඉහළින් දැකබලා ගත හැකිය.
ඡායාරූප:
දම්සිත් ආසිරී වීරසිංහ
මූලාශ්‍ර :
International Astronomical Union (IAU)
The National Aeronautics and Space Administration (NASA)
https://www.messier-objects.com/