දුර ඈත මන්දාකිනි ද්විත්වයක මේ දිනවල සිදුවන සුපර්නෝවා පිපිරීම්
තාරකා විද්‍යාවට ඇල්මක් ඇති ඔබට සුපර්නෝවාවක් යන නම ඇසූ පමණින් එය ගැන සොයා බැලීමට බොහෝ කැමැත්තක් ඇති වන බව නම් නිසැකයි. ඒ තරමටම සුපර්නෝවාව සුන්දර දර්ශනයකි. ඇත්තෙන්ම සුපර්නෝවාවක් යනු, යෝධ තාරකාවක අවාසන කාලයේදී එය බලවත් හා දීප්තිමත් ආලෝකයක් නිකුත් කරමින් පුපුරා යාමයි.
මේ දිනවල බොහෝ කතාබහට ලක් උනේ වල්ගා තරු ගැන වුවද ඊට අමතරව මේ මස මුලදී සිදු කල නිරීක්ෂණ වලට අනුව සුපර්නෝවා පිපුරුම් දෙකක් පිළිබඳවද වාර්ථා වී ඇත. තාරකා විද්‍යාඥයන් විසින් දීප්තියෙන් අඩු චක්‍රාවාටයක දීප්තිමත් සුපර්නෝවා පිපුරුමක් සහ දීප්තිමත් චක්‍රාවාටයක දීප්තියෙන් අඩු සුපර්නෝවා පිපිරුමක් නිරීක්ෂණය කර ඇත.
වර්ගෝ චක්‍රාවාට පොකුරට අයත් පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 52ක් ඈතින් පිහිටි M61 දීප්තිමත් චක්‍රාවාටයේ, දීප්තතාව ඒකක 14.7 ක් වූ සුපර්නෝවා පිපුරුමක් මැයි 6 වනදා නිරීක්ෂණය කර ඇති අතර එහි තවදුරටත් දීප්තතාව වැඩිවෙමින් ඇතැයි නිරීක්ෂකයෝ පවසති. මැයි මස 10 වන දිනට එය ඒකක 14.3ක දීප්තතාවකින් දිස් වූ අතර එහි උපරිමය මැයි මස තෙවන සතිය අවසන් වන විට දැකහැනීමට හැකිවනු ඇති බවයි ඔවුන් පවසා තිබුනේ. ලිවපූර්ල් හී මූර්ස් විශ්වවිද්‍යාලයේ ඩැනියල් පර්ලි (Daniel Perley) සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම විසින් ලබාගත් වර්ණාවලි සටහනට අනුව මෙම සුපර්නෝවාව type II සුපර්නෝවා පිපුරුමක් ලෙස සලකයි. මෙය SN2020jfo ලෙස නම් කර ඇත.
මෙම සුපර්නෝවාව පිහිටි චක්‍රාවාටය වන M61 හී මීට පෙරද සුපර්නෝවා පිපුරුම් රැසක් සිදුවී ඇත. මෙහි පළමුවරට සුපර්නෝවාවක් නිරීක්ෂණය කර ඇත්තේ 1926 දීය. එතැන් පටන් 1961, 1964, 1999, 2006, 2008, 2014 වර්ෂ වලදී සුපර්නෝවාවාන් නිරීක්ෂණය කර ඇත.
SN2020hvf නම් දෙවන සුපර්නෝවාව හමුවන්නේ ආලෝකවර්ෂ මිලියන 95 ඈතින් පිහිටා ඇති NGC3643 චක්රාවාටයෙනි. එම චක්‍රාවාටයේ දීප්තතාව ඒකක 14ක් පමණ වන අතර එය පිහිටා ඇත්තේ සිංහ රාශියේ දකුණු ප්‍රදේශයට වන්නටය. SN2020hvf සුපර්නෝවාව ආරම්භයේදි ඒකක 15.5 ක් වැනි අඩු දීප්තතාවක් පෙන්නුම් කලද මැයි මස මුල් සතිය අවසන් වන විට එය ඒකක 12.5 ක් දක්වා ඉහළ දීප්තතාවක් පෙන්නුම් කලේ එහි හරය පමණක් නොව මුලු චක්‍රාවාටය පුරාම තම දීප්තිය පතුරවමිනි. සුපර්නෝවාවේ බලපෑම කොතරම්ද යත් එතෙක් දීප්තතාව ඒකක 14ක් ව තිබූ NGC3643 චක්‍රාවාටය ඒකක 13.5ක් දක්වා වැඩි වූ බව මේ පිළිබඳ පර්යේෂණ කල ATLAS project පර්යේෂණ කණ්ඩායම පවසයි. තවද මෙම සුපර්නෝවාව type Ia සුපර්නෝවාවක් වන බවට සොයාගෙන ඇත.
ඉහත සටහන කියවූ ඔබට නැගුනු එක් ප්‍රශ්නයක් නම්, මොනවද මේ type II සුපර්නෝවා සහ type Ia සුපර්නෝවා??? ඒගැනයි මේ පහත සටහන!!
තරුවක ආලෝකය නිපදවීමට එහි හරය කොටස මගින් විශාල ලෙස න්‍යෂ්ටික ඉන්ධන දහනය කරයි. එම න්‍යෂ්ටික ඉන්ධන දහනයේදී තරුවේ මධ්‍ය ප්‍රදේශයේ විශාල පීඩනයක් ඇති වේ. මෙය සිදුවන අතරම තරුවේ ගුරුත්වාකර්ෂණ බලපෑම නිසාද ප්‍රතිවිරුද්ධ අතට (හරය වෙතට) බලයක් ඇතිවේ. මෙම බල දෙකෙන් වඩා ප්‍රභල වන්නේ න්‍යෂ්ටික ඉන්ධන දහනයෙන් ඇතිවන බලයයි. අවුරුදු බිලියන ගණනක් පුරාවට සිදුවන මෙම සංසිද්ධිය නිසා එම තරුව කෙමෙන් කෙමෙන් විශාල වේ. කාලයක් ගතවන විට තරුවේ න්‍යෂ්ටික ඉන්ධන අවසන් වීම නිසා තරුව එකවරම සිසිල් වීමට පටන් ගනී. එමගින් අභ්‍යන්තර පීඩනය අඩුවීම නිසා ගුරුත්වාකර්ෂණ බලපෑම වැඩි වීමෙන් තරුව ක්ෂණිකවම ඇකිලෙන්නට පටන් ගනි. එනමුත් එම හදිස්සි තත්වය දරාගැනීමට නොහැකි වී යාමෙන් එම තරුව දෙදරා ගොස් විශාල න්‍යෂ්ටික පිපිරීමක් ඇති කරයි. එම පිපිරීම type II සුපර්නෝවා පිපිරීමක් ලෙස හඳුන්වයි.
සමහර ද්විත්ව තරු පද්ධති වල වැඩි වශයෙන්ම සිදුවන සංසිද්ධියකි, type Ia සුපර්නෝවා පිපුරුම. එම තරු පද්ධතියේ එක තරුවක් සුදු වාමන තරුවක් ලෙස පවතින විට එය මගින් අනෙක් තරුවේ පදාර්ථ ඔහු වෙත ඇද ගනි. ඒවා එකතු වීමෙන් තරුවේ ස්කන්ධය වැඩිවන අතර එය චන්ද්‍රසේකර් සීමාව (Chandrasekhar limit) වන සූර්යය ස්කන්ධ 1.4 ඉක්මවූ විට අමතරව ඇදගත් පදාර්ථයන් නිසා ස්කන්ධය සහ පීඩනය ඉහළ යෑමෙන් න්‍යෂ්ටික විලයනයක් ඇතිවී ක්ෂණිකවම පුපුරා යයි. මෙය ඉතාමත් දීප්තිමත් ආලෝකයක් විහිදුවන අතර එහි දීප්තිය type II සුපර්නෝවාවක් මගින් ඇති කරන දීප්තියටත් වඩා වැඩි වේ.
තවද දීප්තතාව පිළිබඳවත් යමක් සටහන් කළ යුතුය. දීප්තතාව සාපේක්ෂ මිම්මක් වන අතර එහි ඒකක 0 ලෙස සලකණු ලබන්නේ ලයිරා තරු රටාවේ ඇති දීප්තිමත්ම තරුව වන වේගා තරුවයි. දීප්තතාව වැඩි වීම යනු එහි අගය අඩු අගයක් ගැනීමයි.
සූර්යයා ඒකක -26.72 ක අගයක් ගන්නා අතර රාත්‍රී අහසේ දීප්තිමත්ම තරුව වන මහ බල්ලා තරු රටාවේ ඇති සීරියස් (Sirius) තරුව ඒකක -1.46 කි. කැරිනා තරු රටාවේ ඇති කැනෝපස් (Canopus – රාත්‍රී අහසේ දෙවනියට දීප්තිමත් තරුව) ඒකක -0.72 කි. ඉහත කී සුපර්නෝවාවන් සියල්ලම පාහේ + අගයන් ගන්නා අතර ඒවා වල දීප්තතාව අඩු බව ඔබට දැන් වැටහෙනු ඇත.
නාගරික ප්‍රදේශයක සිටින අයෙකුට පියවි ඇසට උපරිම වශයෙන් දැකගත හැකි සීමාව +3.0 දක්වා වන අතර ගම්බද ප්‍රදේශයකදී නම් එය +4.0, +5.0 වැනි අගයක් ගනී. කෙසේ නමුත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර කාලගුණ තත්වය අනුවද එම අගය අඩු වැඩි වේ. ඇස වඩාත් අඳුරට හුරු වූ විට +6 වන දීප්තතාවක් ඇති වස්තුවක් උවද ඉතාමත් කලාතුරකින් දැක ගැනීමට හැකිවනු ඇත.
මූලාශ්‍ර :
https://skyandtelescope.org/