යෝධ කලුකුහර දෙකක නර්තනයක්!
අප සිටින ගැලැක්සියට ආලෝක වර්ෂ බිලියන ගනනක් ඈතින් පිහිටි අති විශාල කලු කුහර යුවලක එක්තරා විශේෂිත වූ නර්තනයක් පිළිබඳ සටහනක් මෙම ලිපිය මගින් අප ඔබට ඉදිරිපත් කරමු.
විද්‍යාඥයන් විසින් සිදුකල නිරීක්ෂණ වලදී සූර්යයාගේ ස්කන්ධය මෙන් බිලියන 18ක් පමණ විශාල කලු කුහරයක්, ආලෝක වර්ෂ බිලියන 3.5 ක් දුරින් පිහිටි OJ 287 ගැලැක්සියෙන් හමුවී ඇත. මෙය මෙතෙක් සොයාගෙන ඇති විශාලම කලුකුහර අතරින් එකකි. එමෙන්ම මෙම කලු කුහරයට වඩා මදක් කුඩා සහකාර වාමන කලු කුහරයක් ඒ අසලින්ම ඇති බවද විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. විශාල කලු කුහරය වටා අක්‍රමවත් චලිතයක් දක්වන එම කුඩා කලු කුහරයේ ස්කන්ධය සූර්යයාගේ ස්කන්ධය මෙන් මිලියන 150ක් පමණ වෙයි.
ගුරුත්වය නිසා එකට බැඳුණු මෙම යෝධ කලු කුහර දෙක අතර සිදුවන පරිභ්‍රමණ චලිතයේදී, කුඩා කලු කුහරය මගින්, විශාල කලු කුහරයේ දූවිලි සහා වායූ එකතුවෙන් සෑදුන තලය කපාගෙන ගමන් කිරීමත් සමගම ඇතිවන අන්තර්ක්‍රියා නිසා අසාමන්‍ය පිපිරුමකින් සුවිශාල ආලෝක දහරාවක් නිකුත් කරයි.
එම ආලෝකයේ තීව්‍රතාව අපගේ සූර්යයා වැනි සූර්යයන් ට්‍රිලියනයක් පමණ එක වර නිකුත් කරන ආලෝකයට සමාන වේ යැයි පර්යේෂකයෝ පවසති. එහි දීප්තිය කොතරම්ද යත් ආලෝක වර්ෂ බිලියන 3.5ක් ඈතින් මෙම පිපුරුම සිදුවුනා උවද පෘථිවියේ සිට මෙය නිරීක්ෂණය කල හැකි වී ඇත. තවද එම අන්තර්ක්‍රියා සිදුවන කාලයද ගණනය කිරීමට පර්යේෂකයින් ට හැකි වී ඇත. ඔවුන් විසින් මෙම සංසිද්ධිය Cosmic dance එනම් අන්තරීක්ෂ නර්තනය ලෙසින් හඳුන්වා දී ඇත.
මෙම සංසිද්ධිය ආසන්න වශයෙන් අවුරුදු 12 කට පසු දෙවතාවක් බැගින් සිදුවන බව නිරීක්ෂණය කර ඇත. තවද අක්‍රමවත් කාල ප්‍රාන්තර වලින් මෙම සංසිද්ධිය සිදුවන නිසා මීළඟට මෙවැන්නක් දිස්වෙන දිනය ස්ථිර වශයෙන්ම නිගමනය කිරීම තරමක් අපහසු බව පර්යේෂකයන් පවසති. කෙසේ නමුත් ඔවුන් පවසන පරිදි මීළඟ පිපිරුම් ආලෝක දහරාව 2022 දී දිස් වීමට නියමිත අතර ඉන් පසු 2033දීත් හා 2034දීත් එවැනිම ආලෝක දහරා දිස්වන බවට ගණනය කිරීම් මගින් තහවුරු කර ඇත.
මෙම cosmic dance හී අවසානය තවත් අවුරුදු 10,000 කින් පමණ සිදුවනු ඇති බවට පර්යේෂකයන් පෙන්වා දෙයි. කුඩා වාමන කලු කුහරය දිගින් දිගටම පිපුරුමකට භාජනය වීම නිසා අවසානයේදී එහි පදාර්ථ සියලම ඔහුගේ යෝධ සහකරු විසින් ගිලගැනීමට නියමිතය.
මූලාශ්‍ර :
Russia Today News