ඇන්ඩ්‍රොමීඩා තාරකා රාශිය
තාරකා රාශිය – ඇන්ඩ්‍රොමීඩා
පොදු නාමය – දම්වැල් දැමූ කාන්තාව (the chained woman)
කෙටි නාමය – And
විශුවදංශය (Right Ascension) – 23h 25m 48s – 2h 39m 32s
ක්‍රාන්තිය (Declination) – +53.18° – +21.67°
අහසේ ආපාතනය කරන විශාලත්වය – 722 sq.deg(722 sq.deg)
ප්‍රධාන තාරකා ගණන – 16
ග්‍රහලෝක සහිත තාරකා ගණන -12
සූර්ය ස්කන්ධ 3ට වැඩි තරු- 3
දීපතිමත්ම තාරකාව – Alpheratz
මෙසියාර් වස්තු ගණන -3
උල්කාපාත වර්ෂාව – andromedids
වටා පිහිටන තාරකා රාශි – පර්සියස්, කැසියොපියා, පේගසස්, පිිසෙස්, ට්රයන්ගියුලම්, ලසෙර්ටා
සාමාන්‍ය තොරතුරු
ඇන්ඩ්‍රොමීඩා තාරකා රාශිය පළමු තාරකා රාශි 48න් එකකි.මෙම තාරකා රාශිය ක්ලෝඩියස් ටොලමි විසින් එකතු කරන ලද්දකි.
අතීතයේ ග්‍රීක මිත්‍යා කතා වල සදහන් වෙන කැසියෝපියා ගේ දියණිය වන ඇන්ඩ්‍රොමීඩා ගේ නමින් මෙම තාරකා රාශිය නම් කර ඇත.
උතුරු අර්ධ ගෝලීය තාරකා රාශියක් වන මෙය පවතින තාරකා රාශි අතරින් විශාලතම එකකි.එක විශාලතම තාරකා රාශිය වන හයිඩ්‍රා තාරකා රාශියෙන් බාගයක් ප්‍රමාණයක් පමණ විශාල වේ.එසේම කුඩාම තාරකා රාශිය වන CRUX ට වඩා 10 ගුණයක් පමණ විශාල වේ.
පවතින ප්‍රධාන තාරකා
And Alpheratz & sirrah මෙහි දිිප්තිමතම තාරකාවයි. මෙය ද්විත්ව තාරකාවක් වන අතර මෙහි දීප්ත විශාලනය 2.1 කි .මෙය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 97 ක දුරින් පිහිටන අතර මෙම තාරකා රාශිය මෙන්ම පෙගසස් තාරකා රාශියේ කොටසක් ලෙසද මෙම තාරකාව හඳුන්වයි . මෙම තාරකාව සමඟ පෙගසස් තාරකා රාශියේ තාරකා තුනක් එකතු වීමෙන් The Great square of Pegasus නම් තාරකා රටාව සාදයි.
And Mirrach – මෙය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 198 ක දුරින් පිහිටන අතර දීප්ත විශාලනය 2.06 කි. මෙම තාරකාව මගින් ඇන්ඩ්‍රොමීඩා ගේ පාද ප්‍රදේශය නිරූපණය කරයි.
And Almaak – තාරකා හතරකින් සමන්විත පද්ධතියක් වන මෙය ඇන්ඩ්‍රොමීඩා රාශිය හි දකුණු දිශාවට වන්නට පිහිටයි.මෙහි දිිප්ත විශාලනය 2.14 ක් වන අතර මෙම තාරකාව විලියම් හර්ෂල් විසින් සිය සටහන් වල වල වර්ණ කිහිපයකින් දැකිය හැකි බවට සටහන් කර ඇත.කහ, නිල් සහ කොළ යන ප්‍රාථමික වර්ණ වලින් දක්නට ලැබේ.
ගැඹුරු ආකාශ වස්තූන්
මෙම තාරකා රාශිය තුළ මෙසියර වස්තු තුනක් පවතින අතර මෙම තාරකා රාශිය මන්දාකිණි තැටිය දෙසට පිහිටන නිසා විවෘත තරු පොකුරු සහ දීප්තිමත් නිහාරිකා වැනි ගැඹුරු ආකාශ වස්තුව දැක ගැනීම තරමක් දුර්ලභ වේ
ඇන්ඩ්‍රොමීඩා තාරකා රාශිය පුරාවටම මන්දාකිණි විශාල සංඛ්‍යාවක් දැකගත හැකි වන අතර ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය ඉන් ප්‍රධාන තැනක් ගනී. මෙය M31/ NGC 224 ලෙස නම් කර ඇති අතර මෙය අප මන්දාකිණියට ළඟින්ම පීහිටන විශාලතම මන්දාකිණියයි. එසේම මෙම මන්දාකිණිය අප අයත් වන ස්ථානීය මන්දාකිණි පොකුරේ (Local group) විශාලතම මන්දාකිණියට හිමි ස්ථානය ද ලබා ගැනේ.මෙය අප මන්දාකිනී මෙන් දෙගුණයක් පමණ විශාල වන අතර පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 3 ක පමණ දුරකින් පිහිටයි. මෙය පියවි ඇසින් බලා ගත හැකි වන අතර දුරේක්ෂයක් හෝ දෙනෙතක් භාවිතයෙන් ඉතා පහසුවෙන් නිරීක්ෂණය කළ හැක.මෙය පළමුවෙන්ම Al-suki විසින් සොයාගෙන ඇති අතර එය ඔහු විසින් එය Book of fixed stars ලෙස නම් කර ඇති ඔහුගේ පොතෙහි සඳහන් කර ඇත. එසේම මෙය පළමු වරට දුරේක්ෂයක් මගින් නිරීක්ෂණය කර ඇත්තේ Simon Marius විසින් 1612 වසරේදීය.
මෙය තුල පවතින ගැඹුරු ආකාශ වස්තු අතරින් M32 හා M110 යන ගැඹුරු ආකාශවස්තු තවත් විශේෂ ස්ථානයක් ලබාගනී. මෙම මන්දාකිණි දෙකම ඉලිප්සාකාර වාමන මන්දාකිණි වන අතර M32, 1749 වසරේදී Gaillaume Le Gentil විසින් සොයා ගන්නා ලද අතර මන්දාකිණි දුරේක්ෂයක් භාවිතයෙන් ඉතා පහසුවෙන් නිරීක්ෂණය කළ හැක. එසේ වුවද M110, M32 ට වඩා විශාල වන අතර සොයා ගැනීම අපහසු වේ.
NGC 891 ඉතා කුඩා මන්දාකිනියකි. Almach තාරකාවට නැගෙනහිර දිශාවට වන්නට පිහිටි මෙය යෂ්ඨි සහිත සර්පිලාකාර මන්දාකිණියක් වන අතර දීප්ති විශාලනය 9.9 කී. මෙය විලියම් හර්ෂල් විසින් 1783 දී සොයා ගන්නා ලදි මෙහි සිට ආලෝක වර්ෂ මිලියන 30 ක පමණ දුරකින් මෙය පිහිටයි.
NGC 752 මෙහි පවතින එක් විවෘත තරු පොකුරකි මෙහි දීපත විශාලනය 5.7 ක් පමණ වන අතර මෙහි දීප්තිමත් තාරකා 12ක් පමණ අඩංගු වේ.ඉතා හොඳ කාලගුණ තත්ත්ව යටතේ දී පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි අතර දුරේක්ෂයක් හෝ දෙනේතියක් භාවිතයෙන් නිරීක්ෂණය කිරීමේදී තාරකා 60ක් පමණ දැකගත හැකි වේ (සියල්ලේම පාහේ දීප්ති විශාලනය 9 ට වඩා වැඩිය)
NGC 7662 ; The Snowball Nebula මෙය ඇන්ඩ්‍රොමීඩා තාරකා රාශිය තුළ පවතින ග්‍රහලෝක නිහාරිකාවකි පෘථිවියේ සිට ආලෝක වර්ෂ හාරදාහක් පමණ දුරින් පිහිටන අතර මෙහි දීිප්ත විශාලනය 9.2ක් වේ.මෙය හැඩයෙන් රවුම් වන අතර අපහැදිලි ස්තරීභවනය වූ නිල් කොළ පැහැයට නිරීක්ෂණය කළ හැකි වස්තුවකි.
NGC 7686 තවත් විවෘත තරු පොකුරකි .දීපත විශාලනය 5.6ක් පමණ වන අතර දීප්තිමත් තාරකා විස්සක් පමණ දුරේක්ෂයක් භාවිතයෙන් පමණක් නිරීක්ෂණය කළ හැක.
උල්කාපාත වර්ෂාවන්
Andromedids නොවැම්බර් මාසයේ දී දැකගත හැකි ඉතා කුඩා උල්කාපාත වර්ෂාවක් වන මෙය පසුබිම් ඇන්ඩ්‍රොමීඩා තාරකා රාශිය පසුබිම් කරගනිමින් දැකගත හැකි වේ.
මෙම උල්කාපාත වර්ෂාවේ උපරිම අවස්ථාව නොවැම්බර් මස අග දී උදාවන අතර එහිදී වුවද පැයකට උල්කාපාත දෙකක් පමණ වන පරිදි දැක ගත හැකි වේ.
මෙම උල්කාපාත වර්ෂාවට පාදකවූ වල්ගාතරුව Comet Biela ලෙස නම් හඳුන්වයි මෙය 1772 වසරේදී නිරීක්ෂණය කරන ලද්දක් අතර 1852 දී විලියම් බෙයිලා විසින් එහි කක්ෂය හඳුනා ගන්නා ලදී.
මූලාශ්‍ර :
https://www.constellation-guide.com/