වෙසක් මහේ රෑ අහසේ අසිරිය
මැයි මස මුල් දෙසතියේ දී සිකුරු ග්‍රහයා වෘෂභ (Taurus) රාශිය පසුබිම් කරගනිමින් 20° පමණ උන්නතාංශයකින් බටහිර අහසේ රාත්‍රී 7 ට පමණ දැක ගත හැක. එම වේලාවටම මැයි අවසන් සතියේ දී බුධ ග්‍රහයා 10° ක පමණ උන්නතාංශයකින් වෘෂභ රාශිය පසුබිම් කරගනිමින් දැක ගත හැකිය. මැයි මස පුරාවටම මධ්‍යම රාත්‍රියෙන් පසුව හිරු උදාව වන තෙක් ඔබට බ්‍රහස්පති, සෙනසුරු හා අගහරු යන ග්‍රහලෝක ත්‍රිත්වයම පිළිවෙලින් ධනු (Sagittarius), මකර (Capricornus), කුම්භ (Aquarius) රාශි පසුබිම් කරගනිමින් දැකගත හැකිය.
මැයි මස 20 පමණ වන තෙක් වසරේ දැක ගත හැකි ප්‍රසිද්ධ උල්කාපාත වර්ෂාවක් (meteor shower) වන Eta Aquarids, කුම්භ රාශිය පසුබිම් කරගනිමින් දැක ගත හැකිය.මෙම උල්කාපාත වර්ෂාව උපරිමව ක්‍රියාකාරී වන දිනය මැයි 5 වන අතර එහි ZHR අගය 35ක් පමණ වේ.
මැයි මාසයේ රාත්‍රී අහස වල්ගාතරු ද්විත්වකින්ද විචිත්‍රවත් වීමට නියමිතය. ඒ C/2020 F8 (SWAN) නොහොත් Comet SWAN හා C/2019 Y4 (ATLAS) නොහොත් Comet ATLAS යන වල්ගාතරු ද්විත්වය මගිනි.
මෙම වසරේ අප්‍රේල් මස 11 වන දින සොයාගැනුන Comet SWAN වල්ගාතරුව පෘථිවියට ආසන්නතම වන දිනය මැයි 12 වන අතර එදින මීන (Pisces) රාශිය පසුබිම් කරගනිමින් එය දර්ශනය වේ.
Comet ATLAS වල්ගාතරුව පෘථිවියට දීප්තිමත්ව දිස්වන දිනය මැයි 31 වන අතර එදින එම වල්ගාතරුව වෘෂභ රාශිය පසුබිම් කරගනිමින් දැකගත හැකිය. නමුත් එම වල්ගාතරුව කොටස් කිහිපයකට කැඩීයාමත් සමග දීප්තිය සැලකිය යුතු මට්ටමින් අඩුවී ඇති අතර මින් පෙර පුරෝකථනය කල ආකාරයේ දීප්තිමත් බවක් පෙන්වයිද යන්න දැන් සැක සහිතය.
මැයි මාසයේ දී දැකිය හැකි ප්‍රධාන තාරකා රාශි පිළිබඳ අවධානය යොමු කිරීමේ දී රාත්‍රී 8 ට හිස් මුදුනේ දැකිය හැකි සිංහ (Leo), කන්‍යා (Virgo) රාශි ද උතුරු අහසේ දැකිය හැකි මහ වලසා (Ursa Major) රාශිය ද දකුණු අහසේ සෙන්ටෝරස් (Centaurus), දකුණු කුරුසය (Southern Cross) යන රාශිද නැගෙනහිර අහසේ තුලා (Libra) හා එඩේරා (Bootes) රාශිද දැක්විය හැකිය.
එමෙන්ම සිංහ, කන්‍යා හා එඩේරා තාරකා රාශි වල පිළිවෙලින් රෙගුයුලස් (Regulus), ස්පයිකා (Spica) හා ආක්ටුරස් (Arcturus) තාරකා යා කරමින් දිස් වන වසන්ත ත්‍රිකෝණයද (Spring Triangle) ඔබට මෙම වේලාවේදි දැකගත හැකිය.
මෙම වේලාවේදි පහසුවෙන් නිරීක්ෂණය කල හැකි ගැඹුරු ආකාශ වස්තු (deep sky objects) ලෙස පිළිවෙලින් කටක (Cancer), දකුණු කුරුසය, සෙන්ටෝරස් රාශි වල පිහිටා තිබෙන Beehive cluster (M 48), Jewel Box cluster (NGC 4755), Omega centuari cluster (NGC 5139) යන ගැඹුරු අකාශ වස්තු හැදින්විය හැකිය.
මැයි මස පුරාවටම අලුයම 3 ට පමණ ඔබට තවත් සිත් ඇදගන්නා සුළු තාරකා රාශි කිහිපයක් දැකගත හැකිය. ලයිරා (Lyra), සිග්නස් (Cygnus), ඇක්විලා (Aquila), වෘශ්චික (Scorpius) හා ධනු තාරකා රාශි ඒ අතරින් ප්‍රධාන වේ.
වෘශ්චික තාරකා රාශියේ පිහිටා ඇති Ptolemy cluster (M 7) හා Butterfly cluster (M 8) මෙන්ම ධනු රාශියේ ඇති Omega nebula (M 17), Trifid nebula (M 20), Eagle nebula (M 16) මෙම වේලාවේදි පහසුවෙන් නිරීක්ෂණය කල හැකි ගැඹුරු අකාශ වස්තු කිහිපයකි.
ඔබ සතුව දුරේක්ෂයක් පවතී නම් පැහැදිලි අහසක් ඇති දිනකදී ඉහත සදහන් ගැඹුරු ආකාශ වස්තු පහසුවෙන් නිරීක්ෂණය කල හැකි වනු ඇත.
මෙම මාසයේ අමාවක දිනය (new moon) මැයි 22 දින බැවින් එතෙක් ඔබට චන්ද්‍රයා රාත්‍රී අහසේ නිරීක්ෂණය කල හැකිය. මැයි 7 වන දින මෙම මාසයේ පූර්ණ චන්ද්‍රයා (full moon) දැකගත හැකි වන අතර අව අටවක (last quarter) චන්ද්‍රයා මැයි මස 14 වන දින දැකගත හැකිය. චන්ද්‍රයා අහසේ ඇති විට ඉහත නිරීක්ෂණ කටයුතු සිදු කිරීම අපහසු වනු බැවින් ජංගම දුරකථන යෙදවුමක් භාවිත කර චන්ද්‍රයා නිරීක්ෂණයට බධා නොවන වේලාවක් නිරීක්ෂණ කටයුතු වලට යොදා ගැනීම වඩා ඵලදායි වනු ඇත.
මූලාශ්‍ර
Stellarium 0.19.2
theskylive.com
space.com