හයිඩ්රජන් අයනීකරණ කළාප
අන්තර් තාරීය මාධ්‍යයෙන් 99% ප්‍රතිශතයක් වායූන් වන අතර එයින් 90% ප්‍රතිශතයක් පමණ හයිඩ්රජන් වායුව අඩංගු වන අතර ඉතිරි 10% ප්‍රතිශතයක් හීලියම් වායුවද අනෙකුත් වායුන්ද අන්තර්ගත වේ. දෘශ්‍ය ආලෝකය පවතින කලාපයේදී සාමාන්යෙන් වායූන් වලට වඩා දුහුවිලි අංශු ආලෝකයට බලපෑම් ඇති කරයි.ද්විත්ව තාරකා පද්දතියක වර්ණවලි රේඛා අද්‍යනය කල විට අන්තර් තාරීය වායූන් පවතින බව සොයාගත හැක. එහිදී අපට එය හදුනාගත හැක්කේ වර්ණාවලියේ ඇදී තිබෙන රේඛා මගින් එම ද්විත්ව තාරකා අතර පවතින චලනය නිරුපණය කරන අතර ඒවා අතර ඉතා ලගින් පිහිටන රේඛා මගින් අප හා එම පද්දතිය අතර ඇති අවකාශයේ ශීත අන්තර්තාරීය වායූන් පෙන්නුම් කරයි.මෙම වායූන් අතර පවතින හයිඩ්රජන් වායුව අපට විවිධ තත්ව යටතේ නිරීක්ෂණය වෙයි.ඒවා නම් අයනිකරණයට ලක්වූ අවස්ථාවන්ද ,උදාසීන අවස්ථාවන් හා අණුක අවස්ථාවන්ය.අයනිකරණයට ලක්වූ හයිඩ්රජන් ශක්තිය විමෝචනය කිරීම සිදුකරන්නේ දෘෂ්‍ය ආලෝකය පවතින කලාපයේ වන අතර උදාසීන හා අණුක හයිඩ්රජන් තම ශක්තිය විද්‍යුත් චුම්බක වර්ණාවලියේ රේඩියෝ තරංග කලාපයේ විමෝචනය කිරීම සිදුකරයි.
H Ⅱ කළාපය
මෙම කළාප ඉතා උෂ්ණත්වයෙන් අධික කළාප වන අතර හයිඩ්රජන් පරමාණුවල ප්රතිදීප්තතාවයෙන් දිදුලන තුනී හයිඩ්රජන් විමෝචන නිහාරිකා තුල සුළබව මේවා නිරීක්ෂණය වෙයි.රෝමානු අංක ක්‍රමයට අනුව H Ⅱ හි අර්ථය වනුයේ හයිඩ්‍රජන්ට එක ඉලෙක්ට්‍රෝනයක් අහිමවී ඇති බවය.එසේනම් H Ⅰ හි අර්ථය වන්නේ එය උදාසීන පරමාණුක හයිඩ්රජන්ගෙන් සමන්විත වන බවය.අධික උෂ්ණත්වයෙන් යුතු O හා B ඛාණ්ඩ වලට අයත් තාරකා මගින් නිදහස් කරන පාරජම්බුල කිරණ සැලකූ විට ඒවා මගින් තාරකා වටා අයනිකරණයට ලක්වෙච්ච හයිඩ්රජන් පවතින කළාපයක් ඇති කරයි.ඉලෙක්ට්‍රොන නැවත ප්‍රෝටෝන සමග එකතුවීමේදී වැඩි වශයෙන් දෘෂ්‍ය ආලෝක තරංග කළාපයේ ආලෝකය විමෝචනය සිදු කරයි.සාමාන්යෙන් මෙම නිකුත් කරන ආලෝකයේ තරංග ආයාමය නැනෝමීටර් 656.3 පමණ වෙයි. හයිඩ්රජන් විමෝචන නිහාරිකා වල රතු පැහැය ඇති වන්නේ මෙම සංසිද්ධිය නිසාය. මෙම පාරජම්බුල කිරණ වලට සිදුවන විපර්යාසය නිසා එක පාරජම්බුල ෆෝටෝනයක් එක් දෘෂ්‍ය ආලෝක ෆෝටෝනයක් නිපද වීම සිදු කරයි.නිහාරිකාවක උෂ්ණත්වය සාමන්යෙන් එහි අඩංගු තාරකා මත රදා පවතින අතර එහි ප්රතිදිප්තතාවය ඉහළ යාම මගින් O හා B ඛාණ්ඩයේ තාරකා පවතින්නේද යන්න නිගමනය කල හැක.ප්‍රතිදීප්ත බල්බයේද මෙවැනිම මුලධර්මයක් ක්‍රියාත්මක වන අතර එකම වෙනස පාරජම්බුල කිරණ නිපදවාගැනීමට රසදිය වාෂ්පය භාවිත වීමයි.
බොහෝ ජනප්‍රිය H Ⅱ කළාපයක් ලෙස ඔරායන්(Orion) නිහාරිකාව අපට හදුන්වා දිය හැක. ඔරායන් තාරකා රාශියේ කඩුවේ කොටසක පියවි ඇසින් නිරීක්ෂණය කල හැකි නිහාරිකාව මෙය වෙයි.මෙය පෘතුවියට ආසන්නතම තාරකා නිපදවන කර්මාන්ත ශාලාවක් වැනිය.ඔරායන් නිහරිකාවේ හදවත කොටස සැළකු එහි “Trapezium” නම් තාරකා පිහිටීම නිර්මාණය වී ඇත්තේ O හා B ඛාණ්ඩ වල තාරකා 4 කින් බව දැනට සොයාගෙන ඇත.තවත් විශාල H Ⅱ කළාපයක් ලෙස ධනු තාරකා රාශියේ ලැගුන් (Lagoon) නිහාරිකාව පෙන්වා දිය හැක.මෙය සාමාන්යෙන් ආලෝක වර්ෂ 5000 ක දුරින් පිහිටා ඇත.සාමාන්යෙන් මෙම නිහාරිකාව ආලෝක වර්ෂ 130 x 60 ක පුළුල් වපසරියක විහිදී ඇත. උණුසුම් තාරකා මගින් ලැබෙන තීව්ර විකරණ හේතුවෙන් නිහාරිකාව තුළ සංකීර්ණ අන්තර්ක්‍රියා සිදුවන අතර එමගින් නිහාරිකාව ආලෝකමත් වීම සිදුවේ. එහි පවතින වායූන් හා දුහුවිලි අංශුවල විවිධ ඝනත්ව වෙනස් වීම් හා උෂ්ණත්ව වෙනස්වීම් නිසා නිහාරිකාව තුල විවධ ආකූල තත්ව හබල් දුරේක්ෂය මගින් වර්තමානය වනවිට නිරීක්ෂණය කොට ඇත.තවත් H Ⅱ කළාපයක් පිහිටන ප්‍රදේශයක් ලෙස ලැගුන් (Lagoon) නිහරිකවට ආසන්නයෙන් දිස්වන ඔමෙගා (Omega) නිහාරිකාව අපට හදුන්වා දිය හැක. සාමාන්යෙන් H Ⅱ කළාපවල වර්ණාවලිය තාරකාවල වර්ණවලින්ට වඩා සරළ බැවින් ඒවා තේරුම් ගැනීම පහසුවේ. එහි තත්වයන් හා සංයුතිය තාරකාවල තත්වයන් හා සංයුතියන්ට වඩා පහසුවෙන් ග්රහනය කරගත හැක.එබැවින් සාමාන්යෙන් H Ⅱ කලාප මන්දාකිණියක තාරකා පරිණාමය වී ඇති ඉතිහාසය අද්යනයට යොදා ගත හැකිවේ.අප මන්දාකිණියේ මෙම කළාප සර්පිලාකාර ආකාරයට විහිදී පවතී. O හා B ඛාණ්ඩ තාරකා සෑම තැනම නොපිහිටිමත් හා හයිඩ්රජන් වායුව සම්පූර්ණයෙන් අයනීකරණය නොවීමත් නිසා මන්දාකිණිය සිතියම් ගත කිරීමට රේඩියෝ කළාපයේ තරංග ආයාමයක් භාවිතා කරයි.
සෙන්ටිමීටර් 21 විකරණ තරංග රේඛාව
අන්තර්තාරීය මධ්‍යයේ පවතින බොහෝමයක් හයිඩ්රජන් වායූන් ශීත පරමාණුක ස්වභාවයෙන් හෝ අණුක ස්වභාවයෙන් පවතී.වසර 1944 දී හේන්ඩ්රික් වැන් ඩි හල්ස්ට් ප්‍රකාශ කර සිටින්නේ සීතල පරමාණුක හයිඩ්රජන් වායුවේ හයිඩ්රජන් පරමාණුවල සුළු ශක්ති වෙනසකින් රේඩියෝ තරංග පරාසයේ නිශ්චිත තරංග ආයාමයක් විමෝචනය කළහැකි බවයි.තවදුරටත් එම තරංග ආයාමය සෙන්ටිමීටර් 21.1 (සංඛ්‍යාතය 1420.4 MHz )ලෙස පෙන්වා දුන් අතර අද වනවිට සෙන්ටිමීටර් 21 ක රේඛිය විකිරණය ලෙස මෙය හැදින්වෙයි. මෙහිදී පරමාණුක හයිඩ්රජන් වායුව උෂ්ණත්වය කෙල්වින් අංශක 100ත් 3000ත් අතර පවතී.අභ්‍යවකාශයේ පවතින බොහෝමයක් හයිඩ්රජන් භූමි මට්ටමේ පවතී.ප්‍රෝටෝන වටා භ්‍රමණය වන ඉලෙක්ට්‍රෝනවලට එම ප්‍රෝටෝන භ්‍රමණ දිශාවට සමාන්තරව එනම් එම භ්‍රමණ දිශාවටම හෝ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණය වීමේ හැකියාවක් ඇත.සාමාන්යෙන් ඉලෙක්ට්‍රොන ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණය වනවිට එහි ශක්තිය ඊට සමාන්තර දිශාවට භ්‍රමණය වන අවස්ථාවේ ශක්තියට වැඩ අඩු වේ. අප සෑම විටම මතක තබගතයුතුයි පරමාණුව සෑම අවම ශක්ස්ති මට්ටමක සිටීමට කැමතිය.අප ඉලෙක්ට්‍රෝනය සමාන්තර දිශාවට යොමුකලද කෙසේහෝ එය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණය වීමට එය නැබුරු වේ.ශක්ති වෙනස ඉතා අඩුවන බැවින් මෙම සංක්‍රාන්තියට වසර මිලියන ගණනාවක් ගතවේ.මෙය ඉතා දුර්ලභ සංක්‍රාන්තියක් වුවද විශාල හයිඩ්රජන් වායු පිහිටන ප්‍රදේශවලින් ප්‍රමාණවත් තරම් පරමාණුක හයිඩ්රජන් රේඩියෝ දුරේක්ෂ මගින් පහසුවෙන් හදුනාගත හැකි ඕනෙම අවස්ථාවක සෙන්ටිමීටර් 21 රේඛිය විකිරණය විමෝචනය වේ.අපගේ මන්දාකිණිය වන ක්ෂිරපතයේ සූර්ය ස්කන්ධ බිලියන 3 පමණ H Ⅰ වායුන් පිහිටයි.බොහොමයක් මෙම වායුන් ක්ෂිරපතයේ තැටියේ අන්තර්ගතවේ. සාමාන්යෙන් සෙන්ටිමීටර් 21 රේඛීය විකිරණය දුහුවිලි අංශු මගින් මැඩ නොවන නිසා මෙය මන්දාකිණිය සිතියම්ගත කිරීමට යොදාගතහැකි හොදම නිරික්ෂණයකි.
ඡායාරූප:
දම්සිත් ආසිරී වීරසිංහ