සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය – බුධ
හැදින්වීම
බුධ යනු සෞරග්‍රහ මණ්ඩලයේ පළමුවන ග්‍රහලෝකය වන අතර කුඩාම ග්‍රහලෝකයද වේ. ආදි කාලීන රෝමන්වරුන් විසින් දෙවියන්ගේ පණිවිඩකරුවා (Swift messenger of god) යන අරුත් ඇතිව බුධ ග්‍රහයා ම’කරි (Mercury) ලෙස හදුන්වා ඇත. පුරාණ ග්‍රීකයන් Hermes හ’ මීස් ලෙස හදුන්වා ඇත.
විශේෂ ලක්ෂණ
අපගේ චන්ද්‍රයා ට වඩා මදක් විශාල වන මෙය පාෂාණමය ග්රහලොවකි. බුධ ග්‍රහයාගේ විශ්කම්හය 4,879.4 km කි. ඝනත්වය අතින්ද, උෂ්ණත්වය අතින්ද දෙවන තැන ගන්නා ග්‍රහලෝකය වේ. මෙහි ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 13.56 වේ. සූර්යයාගෙ සිට කිලොමීටර් මිලියන 57.91 පමණ සාමන්‍ය දුරකින් පිහිටා ඇති බුධ ග්‍රහලෝකයේ කක්ෂය අනෙත් ග්‍රහලෝක වලට වඩා කුඩා නිසා සූර්යයා වටා පරිභ්‍රමණය ට ගතවන කාලය ඉතා අඩුය. මෙය සාමාන්‍යයෙන් පෘථිවි දින 88 කි. මෙහි සැළකිය හැකි තරම් වායුගෝලයක් නොමැති අතර එම නිසාම උෂ්ණත්වය රදවා ගත නොහැක. එම නිසා දහවලේදී 450°C වන අතර රාත්රියේදී 170°C පමණ වේ. බුධ ග්‍රහලෝකයට චන්ද්‍රයන් නොමැත. එමෙන්ම බුධ ග්‍රහයාගේ එක් හිරු බැස යාමක් සඳහා පෘථිවි දින 180 පමණ ගතවේ. මෙයට හේතුව එහි කෙටි ආවර්ත කාලයත් දිගු දිනයත් (පෘථිවි දින 59) වේ. තවද බුධ යනු සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිම ආවාට ප්‍රමාණයක් ඇති ග්‍රහලෝකය වේ. මෙහි ඇති විශාලතම ආවාටය වනුයේ කැලෝරිස් ( Caloris ) ආවාටයයි.
Mariner 10 යානය විසින් මෙහි චුම්බක ක්ෂේත්රයක් ඇති බවට 1970 දශකයේ මුලින්ම කරුණු අනාවරණය කරගන්නා ලදී. එය පෘථිවියේ චුම්බක ක්ෂේත්රයට සාපේක්ෂව 1.1 අගයකි. මෙතරම් කුඩා ග්‍රහලොවකට චුම්බක ක්ෂේත්රයක් පැවතීමට හේතුව මෙහි අභ්‍යන්තර හරයේ ඇති ද්‍රවමය ස්වභාවයත් එය භ්‍රමණය වීමත් ය. මෙයට අමතරව චුම්බක බල ආරෝපිත කදු ද බුධ ගේ කබොලෙහි දැකගත හැක.
මෙම ග්රහලෝකයහි සූර්යය සමීපකය (Perhelion) කිලෝමීටර් මිලියන 47 ක් අතර සූර්යය දූරකය (aphelion) මිලියන 70 ක් වේ. එමනිසා මෙහි වීකේන්ද්රීයතාව 0.21 පමණ ඉතා ඉහල අගයක් ගනී. මෙයට හේතුව ලෙස සදහන් කල හැක්කේ බුධ ග්‍රහයා ට පසුව ඇති ග්‍රහයන්ගෙන් බුධ වෙත යෙදෙන ගුරුත්වාකර්ෂණ ඇදීමයි. තවද මෙම බුධ ග්‍රහයාගේ කක්ෂයේ ඇති සුවිශේෂීත්වය වන්නේ මෙහි කක්ෂයේ සූර්යය සමීපක ලක්ෂ්‍යය ඉතා සෙමින් සූර්යයා වටා පරිභ්‍රමණය වීමයි. (මෙය Perhelion precession ලෙස හදුන්වයි.) එනම් මෙහි කක්ෂය සැමදා එකම ස්ථානයේ නොතිබේ. එය කාලයත් සමග වෙනස් වේ. මෙයට හේතුව පැහිදිලි කරන්නේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය (Genaral relativity) ඇසුරිනි.
බුධ ග්‍රහයා නිරීක්ෂණය
මෙම ග්‍රහලොව ප්‍රථම වරට දුරේක්ෂයකින් නිරීක්ෂණය කරන ලද්දේ ගැලීලියෝ ගැලීලි හා තෝමස් හැරොයිට් විසිනි. මෙම ග්‍රහලෝකය පියවි ඇසින් දැකගත හැකි වන අතර නිරීක්ෂණය කළ හැකි කාලසීමාව ඉතා කුඩා වේ. මන්දයත් එය සූර්යයා සමීපව ගමන් ගන්නා බැවිනි. නමුත් පූර්ණ සූර්යග්‍රහණයකදී සූර්යයා අසල දැක ගත හැකි වේ. බුධ ග්‍රහයා බොහෝ විට අපට නිරීක්ෂණය කළ හැකි වන්නේ බටහිර හෝ නැගෙනහිර ක්ෂිතිජය ට ආසන්නවය. මෙහි උපරිම උන්නතාංශය (altitude) 28° ක් පමණ වේ. මෙහි නිරීක්ෂණය කළ හැකි සුවිශේෂී සංසිද්ධියක් වන්නේ බුධ ග්‍රහයාගේ කලා ය. (Phases of Mercury) මේවා බොහෝ සෙයින් චන්ද්‍ර කලා වලට සමානය.
බුධ පිළිබඳ කර ඇති අධ්‍යනයන්
නාසා ආයතනය විසින් මැරීනර් 10 යානය හා මෙසෙන්ජර් යානය බුධ ග්‍රහයා ගවේෂණය සදහා යවා ඇත. මෙයට අමතරව Bepicolombo නැමැති මෙහෙයුම 2018 වසරේ දී ESA ( Europian Space Egency)හා JAXA ( Japan Aerospace Exploration Egency) ආයතන වල ප්‍රධානත්වයෙන් දියත් කරන ලදී. මෙය 2025 වන විට බුධ වෙත මෙය ළගා වීමට නියමිතය.