අහසට අධිපති වායුමය යෝධයා බ්‍රහස්පති
සෞරග්‍රහමණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය ලෙස සැලකෙන බ්‍රහස්පති විශාලත්වයෙන් දෙවැනි වන්නේ සූර්යයාට පමණි.ප්‍රථම වරට බ්‍රහස්පති ග්‍රහයා දුරදක්නයෙන් නිරීක්ෂණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ඉතාලි ජාතික ගැලීලියෝ ගැලීලිටය. ඔහු වර්ෂ 1610 දී තමා විසින්ම සාදන ලද වර්තක දුරේක්ෂයකින් බ්‍රහස්පති නිරීක්ෂණය කර ඇති බව සඳහන් වේ.
හැඳින්වීම
පුරාණ රෝමවරුන්ගේ දේවමණඩලයේ ප්‍රධානියා වූ අහසට අධිපති ජුපිටර් (ග්‍රීක ස්වරූපය සියුස්) ගේ නාමය මෙයට යොදා ඇත්තේ බ්‍රහස්පතිගේ විශාලත්වය අනුව එය ග්‍රහලෝකයන්හි රජු ලෙස සලකා විය යුතුය. සූර්යයාගේ සිට පස්වැනි ස්ථානය හිමිකරගෙන සිටින බ්‍රහස්පති ග්‍රහයා ජෝවියන් හෙවත් වායුමය ග්‍රහලෝකයකි. රාත්‍රී අහසේදී -2.8ක දීප්තියකින් දිස්වන බ්‍රහස්පති ග්‍රහයා චන්ද්‍රයා හා සිකුරු හැරුණුවිට රාත්‍රී අහසේ තුන්වැනි දීප්තිමත්ම වස්තුව වේ. එසේම සෞරග්‍රහමණ්ඩලයේ වැඩිම ගුරුත්වාකර්ෂණ ශක්තියක් හිමි ග්රහලොවද බ්‍රහස්පතිය.
සංයුතිය හා වායුගෝලය
බ්‍රහස්පති ග්‍රහයා මූලික වශයෙන් සෑදී ඇත්තේ හයිඩ්රජන් හා හීලියම් වලිනි. බ්‍රහස්පති පෘථිවිය මෙන් 1,317 ගුණයක් විශාල අතර එහි ස්කන්ධය පෘථිවිය මෙන් 317 ගුණයකි. සමකාසන්නයේදී බ්‍රහස්පතිගේ විශ්කම්භය 142,984 km වන අතර ඝනත්වය 1.326 g/cm3 වේ. බ්‍රහස්පති නිතරම ඇමෝනියා ස්ඵටික හා ඇමෝනියම් හයිඩ්රොසල්ෆයිඩ් වලින් යුත් වළාකුළු වියනකින් ආවරණය වී ඇත. බ්රහස්පතිහි වළාකුළු තැඹිලි හා දුඹුරු පැහැ වීමට හේතුව වනුයේ ඉහළට ගමන් කරන සංයෝගයි. ඒවා සූර්යය පාරජම්බුල කිරණ වලට නිරාවරණය වීමෙන් මෙම වර්ණ විපර්යාසය සිදුවේ.
දුර දක්නයක් ආධාරයෙන් බ්‍රහස්පති නිරීක්ෂණය කළ විට බ්‍රහස්පති මතුපිට හරස් අතට දීප්තිමත් හා අඳුරු රේඛා තිබෙන බව දක්නට ලැබෙන අතර මේවායින් අඳුරු රේඛා, තීරු(Belts) ලෙසත් දීප්තිමත් රේඛා කලාප(Zones)ලෙසත් හදුන්වනු ලබයි.
බ්‍රහස්පතිගේ වායුගෝලයේ පහළම ස්තරයේ සිට ඉහළ ස්තර දක්වා විමසන විට අභ්‍යන්තර පරිවර්තී ගෝලයද (Troposphere)ඉන්පසු ස්තර ගෝලයද(Stratosphere)ඉන් අනතුරුව තාප ගෝලයද (Thermosphere) සහ බාහිරින් බහීර් ගෝලයද(Exosphere) පිහිටා ඇත.එමෙන්ම මෙම ස්තර පෘථිවි වායුගෝලයේ ස්තර සමග සැසඳූ විට පෘථිවි වායුගෝලයේ තිබෙන ශීතගෝලය (Mesosphere) හැර අනෙක් සියලුම වායු ස්තර බ්‍රහස්පති වායුගෝලයේ දක්නට ලැබීම විශේෂත්වයකි. බ්‍රහස්පති මතුපිට සිට 200 km ක් වැනි සීමාවක් දක්වා ඉහළට පරිවර්තී ගෝලය විහිදී තිබේ. එතැන් සිට ඉහළට 260 km වැනි සීමාවක දක්වා ඉහළට පරිවර්තී ගෝලය ද එතැන් සිට 1,000 km සීමාවක දක්වා බහීර් ගෝලයද විහිදී ඇත.මෙම වායු සහිත පරිවර්තී ගෝල සීමාවේ කුණාටු මෙන්ම විදුලි කෙටීම්ද නිරන්තරයෙන් හටගනී.
මහා රතු ලපය
බ්‍රහස්පති ග්‍රහයාගේ විශේෂම ලක්ෂණය වන්නේ මහා රතු ලපයයි. එය සමකයට දකුණට වන්නට පිහිටි කුණාටු තත්වයක් වන අතර පෘථිවියට වඩා විශාල වේ. වායුගෝලීය කුණාටු තත්වයක් හේතුවෙන් මෙය නිර්මාණය වී ඇති බවට සැලකේ.බ්‍රහස්පති සමකයේ සිට අංශක 22ක් දකුණින් පිහිටා ඇති මෙම මහා රතු ලපය පෘථිවි දින 6කට වරක් එනම් බ්‍රහස්පති දින 14කට වරක් වාමාවර්තව භ්‍රමණය වන බව 17 වන සියවසේදී ඩොමිනික් කැසිනි හෝ රොබට් හුක් යන විද්‍යාඥයින් දෙදෙනාගෙන් කෙනකු නිරීක්ෂණය කළ බවට වාර්තා වෙයි.මේ මහා රතු ලපය බටහිර සිට නැගෙනහිරට 24 km සිට 40,000 km දක්වාත්,දකුණේ සිට උතුරට 12 km සිට 14,000 km දක්වාත් පැතිර ඇති ඉලිප්සාකාර අධිපීඩනයක් සහිත වළාකුළු ප්රවාහයකි. පෘථිවියේ සිට ප්‍රබල දුරදක්නයකින් නිරීක්ෂණය කළවිට 12 cm පමණ හරස්කඩ විශාලත්වයක් ඇති ලපයක් ආකාරයට දිස්වෙයි.මෙම ලපය මත දක්නට ලැබෙන රතු පැහැයට හේතුව රතු පොස්පරස් සංකීර්ණ කාබනික අංශු හෝ ගෙන්දගම් වැනි සංයෝග හේතුවන බව විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ.
වළලු
වර්ෂ 1979 දී වොයේජර් යානය මගින් බ්‍රහස්පතිට වළලු පද්ධතියක් ඇති බව අනාවරණය විය.ඒවා දූවිලි වලින් සෑදී ඇති අතර ප්‍රධාන වළලු හතරකින් සමන්විත වේ.ඇතුළතින්ම පිහිටි වළල්ල හේලෝ(Halo Ring) යනුවෙන්ද ඊට පිටතින් ඇති දෙවෙනි වළල්ල මූලික වළල්ල(Main Ring)යනුවෙන්ද හැඳින්වෙයි.තුන්වැනි වළල්ලත් පිටතින්ම පිහිටි හතරවැනි වළල්ලත් ගොසාමර් වළලු (Gossamar Rings) ලෙසද හැඳින්වෙයි.දූවිලි වලින් සෑදී ඇති නිසා මෙම වළලු පද්ධතිය දුර්වර්ණ ස්වභාවයක් ගනියි.
උපග්‍රහයින්
බ්‍රහස්පතිගේ උපග්‍රහයින් 79ක් මේ වන විට සොයාගෙන ඇති අතර ඒවා අතරින් ප්‍රධාන වන්නේ ඉතාලි ජාතික ගැලීලියෝ ගැලීලි විසින් සොයාගත් ආයෝ,යුරෝපා,ගැනිමීඩ්,කැලිස්ටෝ යන ගැලීලියානු චන්ද්‍රයින් ය.
බ්‍රහස්පති ග්‍රහයා පිළිබඳ විශේෂ තොරතුරු
• සූර්ය දූරකය:- 5.4581AU
• සූර්ය සමීපකය:- 4.9504AU
• ආවර්ත කාලය:- පෘථිවි වසර 11.85
• කක්ෂයට දක්වන ආනතිය:- 1.3050
• ගුරුත්වාකර්ෂණය:-2.528g
• වියෝග ප්‍රවේගය:-59.5ms-1
• භ්‍රමණ කාලය:-පැය 9 මිනිත්තු 50 (පෘථිවි පැය වලින්)
බ්‍රහස්පති ගවේෂණය
පයනියර් 10
සුර්ය ග්රහමණ්ඩලයේ බාහිර ග්‍රහලෝක ගවේශනයට යැවූ යානයකි. 1973 දී බ්රහස්පතී හා එහි උපග්රහයන් අස්ලින් පළමු වරට ගමන් කර දත්ත රැස් කරන ලද යානය වේ.
පයනියර් 11
සුර්ය ග්රහමණ්ඩලයේ බාහිර ග්‍රහලෝක ගවේශනයට යැවූ යානයකි. 1974 දී බ්රහස්පතී හා එහි උපග්රහයන් අස්ලින් ගමන් කර දත්ත රැස් කරන ලදී.
වොයේජර් 1 හා වොයේජර් 2
සුර්ය ග්රහමණ්ඩලයේ බාහිර ග්‍රහලෝක ගවේශනයට යැවූ යානයකි. 1979 දී බ්රහස්පතී හා එහි උපග්රහයන් අස්ලින් ගමන් කර දත්ත රැස් කරන ලදී.
ගැලීලියෝ
1995 සිට 2003 දක්වා බ්රහස්පතී ග්‍රහයා වටා කක්ශගත්වී ගවේශණය කරන ලදී. බ්රහස්පතී ග්‍රහයා ගවේශනය කිරීමම ඉලක්ක කරගෙන යැවූ පළමු යානය මෙයයි. තවද බ්රහස්පතීගේ වායුගෝලය හා සංයුතිය පිලිඹඳ දත්ත රැස්කිරිමටද ග්‍රහයා මතට ඇතුලු කිරීමට ද යානයක් ගැලීලියෝ යානය විසින් රැගෙන යන ලදී. එය බ්රහස්පතී ගේ වායුගෝලයට ඇතුල්වී. විනාඩි 57 දත්ත සම්ප්‍රේශණය කිරීමෙන් අනතුරුව විනාශයට පත්විය. .
ජූනෝ
2016 දී බ්රහස්පතී වටා ධ්‍රැවීය කක්ශයකට මෙම යානය අවතීර්ණ විය. බ්‍රහස්පතීගෙ අකුණු, වායුගෝලීය සංයුතිය මෙන්ම එහි හරය ගැන තවදුරටත් දත්ත ගවේශණයට මෙම යානය අභ්‍යාවකාශ ගත කරන ලදී.2021 වසරේ මෙම මෙහෙයුම නිමා වීමට නියමිතය.
අනාගතයේදී බ්‍රහස්පති මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක වීමට ඇත. ඒවා නම්,
2026 යුරෝපා ක්ලිපර් (Europa Clipper)
2027 ලුසී (Lucy)
2029 ජුපිටර් අයිස් මූන් එක්ස්ප්ලෝර (JUpiter ICy moons Explorer
– JUICE)
ඔබත් රාත්‍රී අහස නිරීක්ෂණයට කැමති තාරකා විද්‍යා ලෝලියෙකු නම් මේ දිනවල වලාකුළු රහිත රාත්‍රී අහසේ ඔබටත් අසිරිමත් බ්‍රහස්පතිගේ සුන්දරත්වය විඳගත හැකිය.
මූලාශ්‍ර :
http://www.wikipedia.com/Jupiter.
https://www.nasa.gov/