විශ්ව න්‍යාය විද්‍යාව – ප්‍රවේශය
රෑ අහස නිසා ඔබත් මම වගේම කුතුහලයෙන් පිස්සුවැටුන කෙනෙක්ද? අපේ ලෝකයෙන් එපිට ලෝකය ගැන නිතරම කල්පනා කරන කෙනෙක් ද? හිස් අභ්‍යවකාශය, වෙනත් තරු ග්‍රහලෝක, නිහාරිකා, මන්දාකිනි පිරුනු මේ පුදුමාකාර විශ්වය ගැන නිතර වදවෙන කෙනෙක්ද. “විශ්වය කොච්චර නං ලොකු ඇත්ද”, “මේ විශ්වයට කොච්චරනං වයස ඇත්ද”, “මේ ඔක්කොම හැදුනෙ කොහොමද”, “මේ විශ්වයට කෙලවරක් තියනවද”, “අපි මේ විශ්වයට ආවෙ කොහොමද”, “විශ්වයට අවසානයක් තියනවද” ; වගේ නානාවිධ ප්‍රශ්න ඔලුවෙ තියාගෙන කල්පනා කරල, ඒවට උත්තර හොයන්න මහන්සිවෙලා තියනවද? භය වෙන්න එපා ! ඔබ මේ ලෝකෙ තනිවෙලා නෑ. මේ පිස්සුව තියන මිනිස්සු ඉන්නෙ කීපදෙනෙක් නෙමේ ! අද ඊයෙක ඉදං නුත් නෙමේ. අද මේ ඔබ අප ජිවත් වෙන නූතන ලෝකයය අවුරුදු දසදහස් ගනනකට කලිං ගල්ගුහාවල ජීවත් වුනු ආදි අපේ මුතුන්මිත්තන් ගෙ ඉදල, මානව ඉතිහාසයේ අපි විද්‍යාවට ඉගනගන්න 15 වෙනි සතවර්ශයේ හිටපු විද්‍යා පර්යේශකයන්ටත්, නූතන දියුණුයැයි සම්මත ලෝකයක ජීවත් වෙන ඔබටත් මටත්, අඩු නොඅඩුව තිබ්ච්ච මේ පිස්සුව; අපිට නොපෙනෙන නොතේරෙන දේවල් ගැන දැනගන්න මිනිසාට තිබුනු අසීමාන්තික කුතුහලයක ප්‍රතිඵලයක්.
ඒත් ඇත්තටම මේවට උත්තර තියනවද? කොහොමද මේ උත්තර හොයාගන්නෙ? හම්බෙන උත්තර ඇත්තටම හරිද? මේ දේවල් ගැන කතා කරන්න තමයි මේ ලිපි පෙලෙන් අපි උත්සාහ කරන්නේ. මේවට ඇත්තටම උත්තර තියනවා! තියෙන්නෙ නූතන විද්‍යාව ඇතුලෙ. අතිශය සංකීර්ණ ගනිතකර්ම, විද්‍යාත්මක සංසිද්ධි, නූතන අභ්‍යවකාශ විද්‍යාව පාවිච්චිකරල මේ විශ්වයේ රහස් ගොඩක් එලිකරගන්න මිනිස්සුන්ට පුලුවං වෙලා තියනවා. මේවා ගැනම හොයන්න විශයක් පවා නිර්මානය වෙලා තියනවා. ඉංග්‍රීසි භාශාවෙන් Cosmology, අපේ භාශාවෙන් කිවුවොත් “විශ්ව න්‍යාය විද්‍යාව” කියන්නෙ ඒ විශයට.
ඒත් සංකීර්ණ ගනිත කර්ම වටාහාගන්න තරම් හැකියාවක්, තාක්ශනික දැනුමක් තවම ඔබට නැත්ද? ගැටලුවක් නෑ. අපි උත්සාහ කරමු මේ විශ්වයේ රහස් හෙලිකරපු සිද්ධාන්ත, ගනිත සූත්‍ර, සරල උදාහරන වලිං තේරුං අරං; හැබැයි විද්‍යාත්මක සාක්ශි එක්ක, මිත්‍යාවෙන් මිදිලා මේ විශ්වය කොයි වගේද කියල අපිට ගෝචර වෙන තරමට තේරුම් ගන්න. අර අපේ හිත් වලට වද දීපු ප්‍රශ්න වලට නූතන විද්‍යාවෙ තියන පැහැදිලි කිරීම් තේරුම් ගන්න. ඒවට තියන සාක්ශිත් කතාකරමු.
හැබැයි එක දෙයක්! මේ දේවල් කතාකරන්න තේරුම් ගන්න, පොඩි හරි විද්‍යාව දැනුමක් ඕනි. ඒක අපිහැමෝටම පාසලේදි ලැබිල තියනවා (කට්ටි පනින්නෙ නැතුව අහං හිටියනං). ඒ වගේම මේ අපි කතාකරන දේවල් එකපාරට ඔලුවට දාගන්න ගිහිං කල්පනා කරලා කරලා ඔලුව විකාර කරගන්නත් එපා. පුලුවං තරම තේරුම් ගන්න. ඉතිරිවා බැහැර කරන්න. අනික අපි මේ කතාකරන්න යන්නෙ විද්‍යාවක්. තාම පැහැදිලිව හොයාගන්න බැරිවුනු දේවලුත් එමටයි. ඒ දේවල් ගැන උත්තර හම්බෙනකං ඉවසීමෙන් ඉන්න එකත් ඔබෙත් මගෙත් වගකීමක්.