වළයාකාර සූර්යග්‍රහණය 2019
2019 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින ශ්‍රී ලංකාවේ උතුරු පෙදෙසට දිස්වන වළයාකාර සූර්යග්‍රහණය තාරකා විද්‍යාත්මක වශයෙන් ශ්‍රී ලංකාවට අති දුර්ලභ අවස්ථාවකි.
සූර්යග්‍රහණය සම්බන්ධ වැදගත් තොරතුරු
ආරම්භක වේලාව :- උදෑසන 08:09
උච්චතම වේලාව :- උදෑසන 09:35
අවසන් වන වේලාව :- උදෑසන 11:21
(ඉහත දත්ත, ශ්‍රී ලංකාවේ උතුරු පෙදෙස සඳහා නිවැරදි වන අතර ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා මිනිත්තුවක පමණ කාල වෙනසක් පැවතිය හැක.)
ග්‍රහණ කාලය :- පැය 3 මිනිත්තු 12
එමෙන්ම සූර්යග්‍රහණයේ වළයාකාරී අවස්ථාව මිනිත්තු 3 තත්පර 8 ක පමණ කාලයක් පවතිනු ඇත.
මීට පෙර, අවසාන වරට වළයාකාර සූර්යග්‍රහණයක් දිස්වූයේ 2017 වසරේ පෙබරවාරි 26 වන දිනය. එය දර්ශනය වූයේ දකුණු ඇමරිකාවේ දකුණු පෙදෙසටත් අප්‍රිකාවේ නිරිත දිග පෙදෙසටත්ය.
අවසාන වරට ශ්‍රී ලංකාවට වළයාකාර සූර්යග්‍රහණයක් දිස්වූයේ 2010 වර්ෂයේ ජනවාරි මස 15 වන දිනය. 2019 න් පසුව මීළඟට ශ්‍රී ලංකාවට වළයාකාර සූර්යග්‍රහණයක් දර්ශනය වනුයේ 2031 වර්ෂයේ මැයි මස 21 වන දිනය.
සූර්යග්‍රහණයක් ඇති වන්නේ කෙසේද?
සූර්යග්‍රහණයක් ඇති වන්නේ සූර්යයා සහ පෘථිවිය අතරට චන්ද්‍රයා පැමිණි විටය. මෙහිදී සූර්යයා, චන්ද්‍රයාට සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් වැසීම සූර්යග්‍රහණය ලෙස හඳුන්වයි. තවද සූර්යග්‍රහණයක් යම් කිසි ප්‍රදේශයකට පමණක් සීමා වී දර්ශනය වේ.
මෙලෙස සූර්යග්‍රහණයක් දිස්වන ආකාරය අනුව සූර්යග්‍රහණ වර්ග කීපයකි.
1. පූර්ණ සූර්යග්‍රහණය
2. අර්ධ සූර්යග්‍රහණය
3. වළයාකාර සූර්යග්‍රහණය
සූර්යයාගේ දෘශ්‍ය විශ්කම්භයට වඩා චන්ද්‍රයාගේ දෘශ්‍ය විශ්කම්භය කුඩා වීම හේතුවෙන් වළයාකාර සූර්යග්‍රහණයන් දිස්වීම සිදුවේ. මෙහිදී සූර්යග්‍රහණයේ උච්චතම අවස්ථාවේදී සූර්යයා මුදුවක් ආකාරයෙන් දැක ගත හැකිය.
ශ්‍රී ලංකාවේ උතුරු පෙදෙසට වළයාකාර සූර්යග්‍රහණය දිස්වන අතර ශ්‍රී ලංකාවේ අනෙක් සියලුම ප්‍රදේශවලට අර්ධ සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබේ.
සූර්යග්‍රහණයක් නැරඹීමේදී පියවි ඇසින් නැරඹීම නොකළ යුතුය. ඒ සඳහා වන විශේෂ උපැස් යුවළක් හෝ සූර්ය පෙරහන් සහිත දුරේක්ෂ මේ සඳහා යොදාගැනීම ආරක්ෂිතය.
ඔබ සිටින ප්‍රදේශයට සූර්යග්‍රහණය දිස්වන ආකාරය දැන ගැනීම සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න.