සුර්යග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා – හිරු
අපේ සුර්යග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ හිරුය. හිරු නොවූයේ නම් මිහිපිට ජීවයක් නොමැත. ඉතින් අප අද ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ මේ සූර්යයා ගැනයි.
පෘථිවියේ සිදුවන පාරිසරික අන්තර්ක්‍රියා සදහා සූර්යයා ගෙන් ලැබෙන ශක්තිය ඉවහල් වේ. උදාහරණ ලෙස ශාඛ ප්‍රභාසංස්ලේෂණය, වර්ශනය, ජල චක්‍රය ක්‍රියාත්මක වීම වැනි සංසිද්ධි හැඳින්විය හැකිය
සූර්යයා G2V යන වර්ණාවලි පන්තියට (Spectral Class) අයත් තාරකාවකි. මෙය අදින් වසර බිලියන 4.5 කට පෙර සූර්යය නිහාරිකාව ලෙස හැදින්වූ අණුක වලාවකින් බිහිව ඇත. වර්තමානයේ සූර්යයා තම තරුණ අවදිය පසු කරමින් සිටියි.
සූර්යයා තුල අඩංගු වන්නේ මොනවාද?
මූලික වශයෙන් මෙහි හයිඩ්රජන් හා හීලියම් අඩංගු වේ.
H – 75 %
He – 25 %
මෙයට අමතරව ලෝහමය මූලද්‍රව්‍ය අල්ප ප්‍රමාණයක් අඩංගු වේ.
සූර්යයා තුල ශක්තිය නිපදවන්නේ කෙසේද?
සූර්යයා ගේ අභ්‍යන්තර හරයේ ඇති හයිඩ්රජන් (H) න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා හේතුවෙන් හීලියම් (He) බවට පත්වේ. ( න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා යනු පරමාණුක න්‍යෂ්ටි එකිනෙක එකතු වීමයි. මෙහිදී පරමාණු වෙනත් පරමාණු බවට පත්වේ.) මෙහිදී විශාල ශක්තියක් විමෝචනය වේ. මෙම ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය අදියර කිහිපයක් ඔස්සේ නිපදවේ. මේ සදහා ප්‍රෝටෝන – ප්‍රෝටෝන දාමය (p-p chain) නැමති ක්‍රියාවලිය හොඳම උදාහරණයකි. න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා සිදුවන්නේ මේ ක්‍රියාවලිය හරහාය.
සූර්යයාගේ ආකෘතිය
සූර්යයාගේ අභ්‍යන්තරය කොටස් තුනකින් සමන්විත වී ඇත
1. අභ්‍යන්තර හරය (Core)
2. විකිරණ කලාපය (Radiative zone)
3. සංවහන කලාපය (Convective zone)
සූර්යයාගේ වායුගෝලය කලාප තුනකින් සමන්විත වී ඇත
1. ප්‍රකාශ ගෝලය (Photosphere)
2. වර්ණ ගෝලය (Chromosphere)
3. කොරෝනාව (Corona)
Solar Activity ( සූර්ය ක්‍රියාවලිය )
සූර්යයා නිරීක්ෂණයේදී අපට සූර්යයා මතුපිට සංසිද්ධි කිහිපයක් දැකිය හැකිවේ. ඒවා පහත සදහන් වේ.
සූර්යය ලප( Sun spots )
sun spots යනු සූර්යයාගේ චුම්බක ක්ශේත්‍රය ඛණ්ඩනය වීමෙන් සූර්යය ප්‍රකාශ ගෝලයේ හට ගන්නා අදුරු ලපවේ. මේවාහි උෂ්ණත්වය සූර්යයාගේ සාමාන්‍ය උෂ්ණත්වය ට සාපේක්ෂව අඩු 3800K පමණ ඉතා පහල අගයක් ගනී. මේවා Galileo Galilee විසින් ප්‍රථම වරට නිරීක්ෂණය කරන ලදී. මේවා සංඛ්‍යාත්මක ලෙස වසර 11 කට වතාවක් ඇතිවේ. මෙහි ආයු කාලය සතියක් හෝ කිහිපයක් විය හැක. (මේ සමග ඇති ඡායාරූප බලන්න)
සූර්යය විදාරණ ( Solar flare)
Solar flare යනු සූර්යයා ගේ පෘෂ්ඨයෙන් සිදුවන ක්ෂණික විදාරණයන් (explosion ) වේ. Coronal Mass Ejection (CME) යනු ද මේ හා සමාන සංසිද්ධියකි. මෙහිදී විද්‍යුත් ආරෝපිත අයන හා විවිධ අංශූන් වර්ග අභ්‍යාවකාශයට විසි කර දමයි.
මෙවාට අමතරව Solar magnetic loops නැතහොත් සූර්ය ගිනිදලු (solar prominence’s), Filaments සහ plages වැනි සංසිද්ධීන් ද දැකගත හැක.
සූර්යය විදාරණ, සූර්ය ගිනිදලු, Filaments සහ plages වැනි සංසිද්ධීන් නිරීක්ෂණයට සාමන්‍ය පෙරහන් සහිත දුරේක්ෂ භාවිත කළ නොහැකි අතර ඒ සඳහා හයිඩ්රිජන් ඇල්ෆා පෙරහණක් සහිත විශේෂ දුරේක්ෂ අවශ්‍ය වේ. (මේ සමග ඇති ඡායාරූප බලන්න)
විශේෂයෙන්ම solar flares හා CME නිසා පෘථිවියේ විදුලි හා සන්නිවේදන ජාලයන්ගේ බිදවැටීම් හා ධ්‍රැවාසන්න ප්‍රදේශ වල අහසේ ආවුරෝරා (aurora) ඇතිවේ.
ඡායාරූප :
දම්සිත් ආසිරි වීරසිංහ
සචිත් සිරිවර්ධන
ආදි නාලන්දීය තාරකා විද්‍යා සංගමය