කොරෝනාවට අභියෝග කල චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම
2020 වසරේ ලෝකයේ වැඩිම අවධානයක් යොමුවුණු රට කුමක්දැයි කිසිවෙක් පැනයක් ඇසුවොත් නිසැකවම ඔබේ පිළිතුර, “චීනය” වනු ඇත. Covid-19 වෛරසයේ තිඹිරිගෙය බවට චීනයට එල්ල වූ චෝදනා කෙමෙන් ප්‍රංශය දෙසට යොමුවන අතරතුර ආසියාවෙ බලවතා වූ චීනය යළිත් හිස ඔසවමින් සිටියි.
කොරෝනා මර්දනය ප්‍රමුඛතම වගකීම ලෙස සලකා අනෙක් සෑම රාජ්‍යයක්ම කටයුතු කරන පසුබිමක් තුළ චීනය සිය නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කටයුතු 2022 වසර වන විට අවසන් කිරීමට සූදානම් බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කල බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එහි පියවරක් ලෙස ඉකුත් මැයි 06 වනදා චීනයට අයත් Long March 5B රොකට්ටුව චීනයේ Hainan හි පිහිටා ඇති Wenchang දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් එරට වේලාවෙන් පස්වරු 6.00 අභ්‍යවකාශගත කරන ලදී.
LM 5B රොකට්ටුව LM 5 රොකට්ටුවේම නවීකරණයක් වන අතර මේ වන විට චීනය සතුව ඇති ප්‍රබලම රොකට්ටුව වනුයේ එයයි. මූලිකවම, ගඟනගාමීන් අභ්‍යවකාශගත කිරීම සඳහා නිර්මාණය කල මෙම රොකට්ටුව මෙහිදී එකඳු ගඟනගමියෙකුවත් නොමැතිව දියත් කිරීම විශේෂත්වයකි. එසේ නමුත් මේ තුල එකවර ගඟනගාමීන් 6 දෙනෙකුට ගමන් කල හැකි නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගඟනගාමීන් රැගෙන යාමට යොදාගැනීමට නියමිත චීනයේ මීළඟ මිනිසුන් ප්‍රවාහනය කරන අභ්‍යවකාශ කැප්සියුලයෙහි prototype මොඩියුලයක් අන්තර්ගත විය.
චීනය සිය නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය “ස්වර්ගයේ සමඟිය” යන අරුත සහිතව Tianhe ලෙස නම් කර ඇත. ඉදිකිරීම් නිම කිරීමෙන් පසුව මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉංග්‍රීසි T අකුරේ හැඩ ගනු ඇති අතර මධ්‍යයේ core මොඩියුලයද, දෙපසින් lab මොඩියුල දෙකක්ද පිහිටනු ඇත. එකවර ගඟනගාමීන් තිදෙනෙකුට දීර්ඝ කාලයක් රැඳී සිටීමේ පහසුකම් සහිත මෙහි ජෛව සැපයුම් ප්‍රතිස්ථාපනය කිරීමේ ක්‍රමවේදයක්ද සහිතව නිමවේ. සමස්ත වියදම ඇ.ඩො.බිලියන 30ක් බවට ඇස්තමේන්තු කර ඇත.
කෙසේනමුත් චීනය දියත් කරන පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය මෙය නොවුනත් මේ වසරේ මෙම මෙහෙයුම ලෝකයේම අවධානය දිනාගැනීමට සමත් විය.(Chinese National Space Administration-CNSA විසින් Tiangong-1 හා Tiangong-2 අභ්‍යවකාශ මධ්‍යස්ථානද 2011 හා 2016 වසර වලදී දියත් කරන ලදී) මේ වසරේ මාර්තු මස LM 7A රොකට්ටුව චීන චන්ද්‍රිකාවක් සමඟ විනාශ වීමත්, පසුගිය මස LM 3B රොකට්ටුව ඉන්දුනීසියානු සන්නිවේදන චන්ද්‍රිකාවක් සමඟ විනාශ වීමත් යන කරුණු හේතුවෙන් චීන අභ්‍යවකාශ මෙහෙයුම් මේ වසර තුළ පසුබෑමකට ලක්වනු ඇතැයි බොහෝ දෙනා අදහස් පළ කලහ.කෙසේ වෙතත් අභියෝග හමුවේ දියත් කල මෙම මෙහෙයුම සාර්තක බව චීන මාධ්‍ය පසුගියදා ප්‍රකාශ කරන ලදී.
මෙම මෙහෙයුමේ ප්‍රධානම අරමුණ වූයේ මෙම කැප්සියුලය පෘථිවිය වෙත යළි ගෙන්වාගැනීමේ තාක්ශණය (තාප පරිවාරක පද්ධතිය හා ප්‍රතිසාධන පද්ධතිය) තහවුරු කරගැනීමයි. නව කැප්සියුලය ආපසු පැමිණීමේදී පැරෂූට භාවිතා කරන අතර ගොඩබිමකට පතිත වීමකදී ඝට්ටනයේ කම්පනය අවම කිරීමට airbags භාවිතා කරයි. ඒ අනුව 2016 වසර දක්වාම චීනය අභ්‍යවකාශයට මිනිසුන් ප්‍රවාහනයට යොදාගත් Shenzhou යානා මෙම කැප්සියුලය මගින් ප්‍රතිස්ථාපනය වනු ඇත. Shenzhou යානා ගොඩබැස්වීමේදීද පැරෂුට භාවිතා කල නමුත් ඝට්ටනයේ කම්පනය අවම කිරීමට එහිදී භාවිතා කල රොකට් තෙරපුම්කාරක හේතුවෙන් ගඟනගාමීන් හට සුමට ගොඩ බැසීමක් අත්දැකිය නොහැකි විය.
නව කැප්සියුලය සෑම අතින්ම Shenzhou යානා වලට වඩා පරිපූර්ණ වන අතර සඳ මතට ඟඟනගාමීන් රැගෙන යාමටද මෙම යානා භාවිතා කල හැකි බව චීන මාධ්‍ය වාර්තා කරයි. Shenzhou යානාවක එක් වරකදී ගමන් කල හැකි උපරිම ගඟනගාමීන් ප්‍රමාණය 3ක් වන අතර නව කැප්සියුලය තුල වරකදී ගඟනගාමීන් 6කට ගමන් කිරීමේ පහසුකම පවතියි. මෙම කැප්සියුලයක් ගමන් වාර 10කට යොදාගැනීමට හැකියාවක් පවතින අතර ඉහළ උශ්ණත්ව වලට ඔරොත්තු දීමේ හැකියාවද Shenzhou යානා වලට වඩා ඉහළ වේ.
චීන මාධ්‍ය පවසන පරිදි මෙම මෙහෙයුම සම්බන්ධ සියලුම හමු දුරස්ථව සිදු කෙරුණු අතර සීමිත කාර්ය මණ්ඩලයක සහභාගීත්වයෙන් මෙම දියත් කිරීමේ මෙහෙයුම සිදුකෙරිණි. තවද මෙම මෙහෙයුමේ සාර්තකත්වත් සමඟ චීනය සිය පළමු අඟහරු රෝවරයද මේ වසරේදී දියත් කිරීමට සූදානම් වන අතර එම මෙහෙයුම Tianwen 1 ලෙස නම් කර ඇත Tianwen හෙවත් “ස්වර්ගයට පැනයක්”, යනු පැරණි චීන කවියෙකු වන Qu Yuan විසින් රචිත කවියකි. CNSA පවසන පරිදි චීනයේ අනාගත ග්‍රහලෝක ගවේෂණ මෙහෙයුම් සියල්ලක්ම Tianwen නමින් නම් කෙරෙණු ඇත. එමෙන්ම චීනය චන්ද්‍ර පාශාණ පෘථිවියට රැගෙන ඒමේ අරමුණින් Change 5 යානයද මේ වසරේ දියත් කිරීමට සැලසුම් කර සිටියි.