අඩ සියවසකට පසුව සද තරණයට සැරසෙන Artemis ව්‍යාපෘතිය
ඉදිරි වසර 4 ඇතුලත නැවත වරක් ගගනගාමින් සඳ මතට යැවීම සඳහා ඇමෙරිකාවේ නාසා ආයතනය සැලසුම් සකස් කරමින් පවතී. Apollo ව්‍යාපෘතියට පසු ප්‍රථම වතාවට සැලසුම් කරන මෙම ව්‍යාපෘතිය Artemis නමින් ඔවුන් නම් කොට ඇත. වසර 1972 න් පසුව මිනිසා සද තරණයට මෙවර සැලසුම් කරනුයේ විශේෂ දැක්මක් සහිතවය. නාසා ආයතනය ” තිරසාර වැඩපිළිවෙලක් ” යන තේමාව මුලික කොට ගෙන මෙවර චන්ද්‍ර ගවේෂණය සිදු කරනු ඇත. මෙහිදී චන්ද්‍රයා මත යටිතල පහසුකම් සංවර්ධනය සදහා මොවුන් වැඩි වශයෙන් අවදානය යොදා ඇති බව දැනට වාර්තා වේ. මෙහිදී ප්‍රවාහන සැපයුම් සලසා ගැනීම සදහා වාණිජ ගුවන් හා අභ්‍යවකාශ ආයතන හවුල් කරගැනීමක් සිදු කරගෙන ඇති බවටද වාර්තා වේ.
මෙහිදී චන්ද්‍රයා මත ගගනගාමින්ට ගොඩබැසීම සදහා එම මෙහෙයුම් වලට අවශ්‍ය යානා නිශ්පාදනයට ප්‍රධාන අභ්‍යවකාශ ආයතන 3 තෝරාගන්න ලදී. ඒවා නම් spaceX , Blue Origin සහ Dynetics ආයතන වේ. මෙම ආයතන සියල්ලටම පැවරුනේ අදාළ බර ප්රමාණයන්ට සරිලන පරිදි මිනිසුන් ගොඩබැස්වීමේ පද්දතියක් සංවර්ධනය කිරීමය. මේ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 967 මුදලක් ආයෝජනය කර ඇති අතර ඔවුන්ට මේ සදහා මාස 10 පමණ කාලයක් ලබා දී ඇති බවටද වාර්තා වේ. මෙම මාස 10 ක කාලය තුළ එම ආයතන වල තාක්ෂණික විශේෂඥතාවය ගොඩනගා ගැනීමටද , අභ්‍යවකාශ ගමන් අත්හදා බැලීමට මෙන්ම එම ක්‍රියාවලිය සමාලෝචනය කිරීමටද යොදා ගත යුතුව ඇත.
spaceX ආයතනය මගින් චන්ද්‍රයා මත ගොඩබැස්වීම සදහා starship ආකෘතියක් සංවර්ධනය කරමින් පවතී.සම්පූර්නයෙන්ම ඒකාබද්ද කොට නිර්මාණය කර ඇති මෙම යානය spaceX ආයතනය සතුව පවතින සුපර් හෙවි බූස්ටර් යොදා ගනිමින් දියත් කිරීමට අදහසක් පවතී.තවද සියලුම ගගනගාමින්ට නවාතැන්ගත හැකි ආකාරයෙන්ද , විශේෂ ගුවන් යානා දෙකක් රදවා තබා ගැනීමට හැකි ආකාරයෙන්ද ඉඩකඩ සහිත කොටසක් මෙහි අන්තර්ගත වේ. Blue origin ආයතනය මගින් අදියර 3 යටතේ චන්ද්‍රයාට ගොඩබැස්විය හැකි ILV නොහොත් Integrated Lander Vehicle එක සාදමින් පවතී. මෙහි සඳ මතට ගොඩ බැස්වීමේ කොටස Blue origin ආයතනයද, හුවමාරු කොටස Northrop Grumman ආයතනය සහ සඳ මත සිට නැවත අභ්‍යාවකාශ ගත කිරීමේ කොටස Lockheed Martin ආයතනය මගින්ද සාදනු ඇත. ඇලබාමහි හන්ට්ස්විල් ප්‍රදේශයේ පවතින Dynetics අභ්‍යවකාශ ආයතනය මගින් DHLS හෙවත් Dynetics Human Landing System එක සංවර්ධනය කරමින් පවතින අතර මෙය Orion අභ්‍යවකාශ යානයට ගොඩවීමට හා එයින් නික්ම යාමට උපකාරීවේ. මෙම යානය මගින් සැපයුම් කාර්යක්ෂමව සිදුරකර ගැනීමට නිර්මානකරුවන් බලාපොරොත්තුවේ.
මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සදහා දැනට ඇස්තමේන්තු කර ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 35 කි. තවද Artemis ව්‍යාපෘතිය 2024 වසරේදී දියත් කිරිමට බලාපොරොත්තු වන නාසා විද්‍යා ගවේෂණ ආයතනය මේ සදහා කේප් කැනවරල් හි පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය තෝරාගෙන ඇත. දැනට ඉහත සදහන් කල ආයතන 3 සදහා 2021 වසරේ පෙබරවාරි මස දක්වා තම නිර්මාණ එලි දැක්වීමට කාලය ලබාදී ඇති අතර ඒවා සාර්ථක වීම මත ව්‍යාපෘතියේ අනාගතය තීරණය වීම සිදුවේ. වසර 48 කාලයකට පසුව සද ගමන සාර්ථක වේවි යන බලාපොරොත්තුව පෙරදැරි කොට ගෙන මුළු මහත් ලෝකයක්ම මෙහි ඉදිරි වැඩ කටයුතු පිලිබදව තම නෙත් යොමු කොට නොඉවසිල්ලෙන් පසුවේ.
මූලාශ්‍ර :
https://www.nasa.gov/