21 වන ශතවර්ශයේ උඩුගුවනට යන ප්‍රතිපදාර්ථ රොකට්
අද වන විට බොහෝ මිනිසුන් මෙම ප්‍රතිපදාර්ථය (Anti Matter) යන වචනය අසා තිබේ. ඒ රුපවාහිනිය මගින් තිරගත කෙරුණු star trek වැඩසටහන මගිනි. වර්තමානය වන විට මෙම ප්‍රතිපදාර්ථ තාක්ෂණයේ නිපදවීම හා ගබඩාකිරීමේ ප්රගමනය සැලකිය මට්ටමකින් වර්ධනය වී ඇත. පදාර්ථය හා ප්රතිපදාර්ථයේ හැසිරීම කිසිවිටකත් භෞතික විද්‍යා මුලධර්ම වලට පටහැනි වන්නේ නැත. දැනට පවතින ගැටළුවක් වන්නේ ආලෝකයේ ප්‍රවේගයට ලගා විය හැකි විශාල ප්‍රතිපදාර්ථ ඉන්ධන රොකට්ටු තැනීමට විශාල වශයෙන් පිරිවැයක් දැරීමට සිදුවීමය. වසර 1929 යේ Paul Dirac ගේ උපකල්පනය පරිදි ප්රතිඉලෙක්ට්රෝනය හෙවත් පොසිට්‍රෝනය කොස්මික් කිරණ භාවිතයෙන් විද්වත් Carl Anderson වසර 1932 දී සොයාගන්නා ලදී. අංශුව හා ප්‍රතිඅංශුව සැලකු විට ඒවාට ප්‍රතිවිරුද්ද ආරෝපණ ඇති අතර ඒවා එකිනෙකට ආකර්ෂණය වීමද සිදුවේ. මේවායේ ස්කන්ධ ගැමා කිරණ බවට පත්කිරීම තුලින් භාවිතයට ගැනීම සිදුකරනු ලැබේ. 1965 වර්ෂයේදී Eugen Sanger තම ෆෝටෝන ප්රතිච්චේදන රොකට් මුලධර්මයට මෙය භාවිතා කොට ඇත.මෙය ක්‍රියාත්මක වන්නේ පදාර්ථය හා ප්‍රතිපදාර්ථය සම ස්කන්ධ එකිනෙක සම්බන්ධ කිරීම මගිනි.එහිදී නිපදවෙන ගැමා කිරණ පරාවර්තනය උපයෝගී කරගනිමින් යානය ඉහලට එසවීමට බලය ලබාගැනීම සිදුකරගනී. නමුත් මෙම තාක්ෂණය අපට තවමත් සිහිනයක් පමණී.
Robert Forward වසර 1980 යේ මුල් භාගයේදී ප්‍රතිපදාර්ථය පිලිබදව අධ්‍යයනයක යෙදුනේය. Massiar නැමති තැනැත්තා පෙන්වා දුන්නේ ප්‍රතිපදාර්ථය සම්බන්ධ නිෂ්පාදන හා ඒවා සංචිතව පවත්වා ගැනීමේ කර්මාන්තශාලා ඉතා අසාර්ථක ඒවා බවය. ඒවා නිෂ්පාදනයට විශාල ශක්තියක් සහිත අංශු කදම්බයක්, වෙනස් නොවන ලෝහ තහඩුවකට ගැටීමට සලස්වියයුතුය. මෙහිදී යම් ප්‍රමාණයක් පමණක් ප්රතිඅංශු නිපදවෙන අතර ඒවා වලින් කොටසක් පමණක් ග්රහනය කරගැනීමට අවස්ථාව සැලසේ. මේ අතර Chapline නැමැත්තා සුර්ය ශක්තිය මගින් ප්‍රතිපදාර්ථය නිපදවීමට ආකෘතියක් ප්‍රකාශයට පත් කළේය. ඒ සදහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක් වැය කලයුතු අතර ඉන් නිපදවෙන ප්‍රතිපදාර්ථ ප්‍රමාණය වසරකට එක් කිලෝග්රමයකි. තවද 1982 වසරේදී Cassenti විසින් සිදුකරන ලද පරීක්ෂණ මගින් Pion වලින් 67% චාලක ශක්තියක්, ප්‍රෝටෝනය හා ප්රතිප්රෝටෝනය අතර ප්‍රතික්‍රියාවකින් ලබාගත හැකිබවද muon මගින් 40% කින් ශක්තිය නිපදවාගත හැකිබවද අනාවරණය විය. Morgan මගින් තවදුරටත් Pion මගින් අතිරේකව යානයේ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගය මෙන් 0.9 ගුණයකින් ඉහල නංවා ගත හැකිබවද ඇස්තමේන්තු කළේය.
වර්තමානය වන විට ලෝකය මගින් ප්‍රතිපදාර්ථය නැනෝග්රෑම් ප්‍රමාණයෙන් නිෂ්පාදනය කරමින් පවතී. මෙයට හේතුව වන්නේ මෙයට අධික පිරිවැයක් වැයවිමය. වසර 1999 දී ප්‍රතිපදාර්ථ එන්ජිම පිලිබදව බොහෝමත ඉදිරිපත්වූ අතර එමගින් තාරකා විද්‍යා විද්වතුන් අනාගතයේදී මෙම ක්‍රමය වඩාත් උචිත ආකාරයෙන් විශ්ව ගවේශනයට යෝදාගත හැකිබවට අනාවැකි පළකලේය. අද වන විට ලෝක බලවතුන් රාශියක් මෙම තාක්ෂණය පසුපස ලුහුබදින අතර, මෙය 21 වන ශතවර්ශයේ සාර්ථක වුවහොත් අභ්‍යවකාශ ගවේශනය පහසුවෙන් හා අවම කාලයකින් සිදුකරගැනීමට අවකාශය සැලසෙනු ඇත.