නුබ ගැබ සිය අණසක පැතිරූ දෙව් අධිපති – යුරේනස්
හැඳින්වීම
යුරේනස් සෞරග්‍රහ මණ්ඩලයේ තෙවන විශාලතම ග්‍රහලෝකය වන අතර එය සූර්යයා සිට සෙනසුරු ග්‍රහයාට ඇති දුර මෙන් දෙගුණයක් දුරින් පිහිටා ඇත.යුරේනස් බොහෝ විට හැඳින්වෙන්නේ “අයිස් යෝධ” ග්‍රහලෝකයක් ලෙස ය.
දුරේක්ෂයකින් සොයාගත් පළමු ග්‍රහලෝකය යුරේනස් වන අතර එය 1781 දී බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥ විලියම් හර්ෂල් විසින් සොයා ගන්නා ලදී. ඔහු එය තුන්වන ජෝර්ජ් රජුගේ නමින් “Georgian Sidus” ලෙස නම් කළේය. යුරේනස් යන නම තාරකා විද්‍යා ජොහාන් බෝඩේ (Johann Bode) විසින් යෝජනා කරන ලදී.
යුරේනස් ග්‍රහලෝකය ලා නිල් පැහැ වර්ණයක් ගනී. එම වර්ණය එහි වායුගෝලයේ ඇති මීතේන් වායුවෙන් ලබා දෙයි. මෙම ග්‍රහලෝකයේ විරල වළලු පද්ධතියක් සහ පුළුල් චන්ද්‍ර පවුලක් ඇත.
යුරේනස් සෑදී වැඩි කලක් යන්නට මත්තෙන් ග්‍රහලෝකයක් පමණ විශාලත්වයක් ඇති වස්තුවක් සමඟ ගැටීම නිසා එහි භ්‍රමණ අක්ෂයේ නැඹුරුව අංශක 98 කින් ඉහළ ගොස් ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස යුරේනස් එහි කක්ෂීය මාර්ගය දිගේ ගමන් කරන අතර එහි භ්‍රමණය ප්රතිගාමී (අනෙක් බොහෝ ග්‍රහලෝකවලට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරයි) වේ.
වොයේජර් 2 අභ්‍යවකාශ යානය ඒ අසලින් පියාසර කරන තුරු යුරේනස් ග්‍රහලොව ගැන එතරම් තොරතුරු දැන සිටියේ නැත. 1986 දී වොයේජර් 2 අභ්‍යවකාශ යානය කිලෝමීටර් 81,500 ක දුරින් ග්‍රහලෝකය පසුකර ගියේය. එය යුරේනස්ගේ පළමු සමීප රූප, චන්ද්‍රයන් සහ වළලු සහිත ඡායාරූප ලබා දුන්නේය.
ග්‍රීක මිථ්‍යා කථා සාහිත්‍ය
යුරේනස් යනු ග්‍රීක පුරාවෘත්තවල පැරණි දෙවිවරුන්ගෙන් කෙනෙකි. ඔහු විශ්වය පාලනය කළ අතර ඔහුගේ නමේ අර්ථය අහස හෝ ස්වර්ගයයි. ඔහු වචනාර්ථයෙන් අහස විය. ග්‍රීකයන් අහස යනු, තාරකා වලින් පිරුණු පිත්තල තටාකයක් ලෙස සිතා සිටි බව මූලාශ්‍ර මගින් පහැදිලි වේ. ඔහු ගයියා (Gaiya) නොහොත් පෘථිවියේ සැමියා විය.එමෙන් ම ඔහු සෙනසුරුගේ පියා වන අතර, අහස් තලයට අධිපති ව වැඩ වසන බව ද ග්‍රීක මිථ්‍යා කථා සාහිත්‍යයේ දැක්වේ.
කක්ෂය, ව්‍යුහය සහ වායුගෝලය
සූර්යයා වටා කක්ෂගත වීමට යුරේනස් වසර 84 ක් ගතවේ. එහි කක්ෂයේ දිග හා ග්‍රහලෝකයේ අධික ඇලවීම නිසා එහි ධ්‍රැවීය ප්‍රදේශ වසර 21 ක් පමණ ගත වන්නේ සූර්යයා දෙසට හැරී පවතිමින්ය.එමගින් එක් පසකට අඛණ්ඩ දිවා කාලයක් ද,අනෙක් පසට දීර්ඝ රාත්‍රී කාලයක් ද ඇති වී තිබේ.
යුරේනස් හි විශාල කොටසක් ද්‍රව වලින් සෑදී ඇති අතර එය ජලය, ඇමෝනියා සහ මෙතේන් වලින් සමන්විත වේ. එය පාෂාණමය හරයක් වටා පිහිටා ඇත. දියර ස්ථරය ආවරණය වී ඇත්තේ ගැඹුරු වායුමය වායුගෝලයකිනි. අනෙක් වායු යෝධයන් මෙන්, එයට හයිඩ්රජන් ඉහළ තට්ටුවක් ඇති අතර එය හීලියම් මිශ්‍රව ඇත. ඊට පහළින් පාෂාණ හා අයිස් හරයක් වටා ඇති අයිස් සහිත ආවරණයක් ඇත. ඉහළ වායුගෝලය සෑදී ඇත්තේ ජලය, ඇමෝනියා සහ මීතේන් අයිස් ස්ඵටික වලින් වන අතර එමඟින් ග්‍රහලෝකයට සුදුමැලි නිල් පැහැය ලබා දේ.
යුරේනස් හි ඉහළ වායුගෝලය මීතේන් ආවරණයක් ආවරණය කර ඇති අතර එය වලාකුළු තට්ටුවල සිදුවන කුණාටු සඟවයි.
යුරේනස්ගේ චන්ද්‍රයන්
යුරේනස්ගේ උපග්රහයන් නම් කර ඇත්තේ විලියම් ශේක්ස්පියර් හා ඇලෙක්සැන්ඩර් පෝප් නිර්මාණය කළ නාට්‍යවල චරිත නාමයන්ගෙනි.
සියළු ම චන්ද්‍රයන් අදුරු පෘෂ්ඨ සහිත අධික ශීතල ඒවා වේ. විශාලතම පහ (ටයිටේනියා, ඔබෙරොන්, ඇම්බ්රියෙල්, ඒරියල් සහ මිරැන්ඩා) 1787 සහ 1948 අතර කාලය තුළ සොයා ගන්නා ලදී. ඉතිරිය 1980 ගණන්වල මැද භාගයේ සිට සොයාගෙන ඇත.
යුරේනස්ගේ විශාලතම චන්ද්‍රයා ටයිටේනියා ය. එහි විශ්කම්භය 1578km පමණ වේ.වඩාත්ම සිත්ගන්නා යුරේනියානු චන්ද්‍රයා මිරැන්ඩා ය; එහි අයිස් කැනියන්, ටෙරස් සහ අමුතු පෙනුමක් ඇති මතුපිට ප්‍රදේශ ඇත.
යුරේනස්ගේ වළලු පද්ධතිය
යුරේනස්ට ඉතා තුනී තද පැහැති වළලු කට්ටල දෙකක් ඇත. එම වලලු කට්ටල් දෙක, අභ්‍යන්තර වළලු 11ක් සහ පිටත වළලු 2 ලෙස වලලු 13 කින් සමන්විතය. වළලු අංශු කුඩා වන අතර එය දූවිලි ප්‍රමාණයේ අංශුවක සිට කුඩා ගල් දක්වා වේ. පළමු වළල්ල 1977 දී සොයා ගන්නා ලද අතර 2003 සිට 2005 දක්වා කාලය තුළ හබල් අභ්‍යවකාශ දුරේක්ෂ රූපවලින් පිටත වළලු දෙක සොයා ගන්නා ලදී. යුරේනස්ගේ චන්ද්‍රයන් එකක් හෝ වැඩි ගණනක් කැඩීගොස් ඒවා සෑදී ඇත.
භෞතික දත්ත
සූර්යයාගේ සිට දුර – බිලියන2.87 km
පරිභ්‍රමණ කාලය – පෘථිවි වර්ෂ 84
භ්‍රමණ කාලය – පෘථිවි පැය 17.2
චන්ද්‍රයින් ගණන – 27
උපරිම දීප්ති විශාලනය – 5.3
ස්කන්ධය – 8.68X1025kg
පරිමාව – 6.833X1013 km3
මතුපිට වර්ගඵලය – 8.1156X109 km2
මධ්‍යන්‍ය ඝනත්වය – 1.279 g/cm3
සමක විෂ්කම්භය – 51118km
භ්‍රමණ අක්ෂයේ ආනතිය – 97.80
උෂ්ණත්වය – (-195)0C
වියෝග ප්‍රවේගය – 21.3 km/s
මතුපිට ගුරුත්වාකර්ෂණ බලය – 8.69 ms-2
පෘථිවියට සාපේක්ෂව ගුරුත්වාකර්ෂණය – 0.9
වායුගෝලීය සංයුතිය
H2 ( හයිඩ්රජන්) – 83%
He ( හීලියම්) – 15%
CH4 ( මීතේන් ) – 2.3%
D2O( බැර ජලය) – 0.007%-0.0115%
NH3(ඇමෝනියා) – හිම වශයෙන්
H2O(ජල වාෂ්ප) – හිම වශයෙන්
ඔබත් රාත්‍රී අහස නිරීක්ෂණයට කැමති තාරකා විද්‍යා ලෝලියෙකු නම් මේ දිනවල අලුයම් කාලයේ මේශ තාරකා රාශිය පසුබිම් කරගෙන යුරේනස් ග්‍රහලෝකය නිරීක්ෂණය කළ හැක. නමුත් මේ සඳහා ඔබට දුරේක්ෂයක අධාරය අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ.