නිම් නැති විශ්වය – මෙසියර් 51 ( Whirlpool Galaxy)
වැදගත් කරුණු :
වස්තුව – මන්දාකිණියකි (Galaxy)
වර්ගය – සර්පිලාකාර (Spiral Galaxy)
පංතිය (Class) : SA(s)bc pec
වෙනත් නාමකරණ – Messier 51, M51, M51a,NGC 5194, වර්ල්පූල් මන්දාකිණිය (Whirlpool Galaxy), Rosse’s Galaxy, Question Mark Galaxy, PGC 47404, UGC 8493, Arp 85, GC 3572, VV 001a, VV 403, BD+47 2063, IRAS 13277+4727, 1RXS J132953.8+471143, TC 827
තාරකා රාශිය – කැනිස් වෙනාටිසි (Canes Venatici), දඩයම් බල්ලෝ
විශුවදංශය (Right Ascension) – 13h 29m 52s
ක්‍රාන්තිය (Declination) – +47° 11′ 43″
පෘතුවියට ඇති දුර – ආලෝක වර්ෂ මිලියන 23 (23 Million Light Years) / මෙගා පාර්සෙක් 7.1 (7.1 Mega Parsecs)
දෘශ්‍ය දීප්ත විශාලත්වය (Apparent magnitude) – +8.4
අහසේ ආපාතනය කරන විශාලත්වය (විෂ්කම්භය) – කලා 11.2 x 6.9 (11.2 x 6.9 Arc Minutes)
විශාලත්වය (විශ්කම්භය) – ආලෝක වර්ෂ 60000(පාර්සෙක් 18396)
හැදින්වීම
මෙසියර් 51 (M 51) නොහොත් වර්ල්පූල් මන්දාකිණිය (Whirlpool Galaxy) අහසේ වඩාත් කැපී පෙනෙන හා වඩාත් කතාබහට ලක්වෙන ඉතා අලංකාර සර්පිලාකාර දිවිත්ව මන්දාකිණියකි. මෙම චක්‍රාවාට සක්‍රීය අවස්ථාවේ පවතින අතර පහත රූපයේ පරිදි විශාල මන්දාකිණිය M51a (NGC 5194) ලෙසද කුඩා මන්දාකිණිය M51b (NGC 5195) ලෙසද නම් කර ඇත. මෙම චක්‍රාවාටය, දඩයම් බල්ලෝ රාශියට (Canes Venatici Constellation) අයත්, පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 23 ක් දුරින් පිහිටා ඇති තාරකා බිලියන 100 පමණ සමන්විත චක්රාවාටයකි.
ව්‍යුහය හා සංයුතිය
හබල් දුරේක්ෂය නවතම නිරීක්ෂණවලට අනුව M51b ලෙස හඳුන්වන මන්දාකිණිය වඩා පිටුපසින් පවතින අතර එම කුඩා මන්දාකිණිය(M51b) වසර මිලියන ගණනාවක් තිස්සේ ම එසේ පසු කරමින් ගමන් කරමින් පැවත ඇත.
මන්දාකිණියේ පවතින විවිධ වායු කැළඹීම් හා සම්පීඩනයට ලක්වීම නිසා මෙහි සමහර කලාපවල තරු විශාල වශයෙන් නිපදවීම සිදුවේ. එසේ තරු නිපදවීම බහුලව සිදු වනුයේ එම මන්දාකිණියේ බාහුවල වේ. හබල් දුරේක්ෂය මගින් ලබාගත් මෙම මන්දාකිණියේ ඡායාරූප වලට අනුව නිල් පැහැයෙන් පෙනෙන්නේ තරුණ තාරකා වන අතර රතු පැහැයෙන් පෙනෙන්නේ යෝධ තාරකාවේ කහ පැහැයෙන් දැකගත හැකිවනුයේ වයස්ගත තාරකා පවතින ප්‍රදේශ වේ. මෙම මන්දාකිණිය ක්ෂීරපථයෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් අත්කර ගන්නා අතර එහි සූර්ය ස්කන්ධ බිලියන 160 ක පමණ බරති තාරකා අඩංගු බවට විශ්වාස කරයි
මේවන විට මෙම මන්දාකිණිය තුළ සුපර්නෝවා පිපිරීම් තුනක් දැක ඇති අතර ඒවා 1994 අප්‍රේල් මස ද 2005 ජුනි මස ද 2011 මැයි මස 31 වන දින වලදීද පෘථිවියට දර්ශනය වී ඇත. අවසානයට දර්ශනය වූ සුපර්නෝවා පිපිරූමේ නිරපේක්ෂ දීප්ති විශාලනය 14.2 වන අතර එය type II ආකාරයේ සුපර්නෝවා පිපුරුමකි. මෙම පිපුරුම පෘථිවියේ සිට එම මන්දාකිණියට පවතින දුර සෙවීම සඳහා වඩාත් ඉවහල් වී ඇත.
මන්දාකිණියේ මධ්‍යයේ කළු කුහරයක් පවතින බවට විශ්වාස කරන අතර මෙය එකිනෙකට වෙනස් අක්ෂ දෙකක පිහිටන දූවිලි වලා දෙකකින් වට වී ඇත. එම දූවිලි වලා පටල කළු කුහරය වටා X අකුරක හැඩයක් ගනී. මෙම චකාරාවටයට ආවේනික X හැඩය සහිත කලු කුහරය මෙහි එක් රූපසටහනකින් දැක්වේ. එසේම චන්ද්‍රා එක්ස් දුරේක්ෂයේ radio නිරීක්ෂණවලට අනුව මන්දාකිණිය කළු කුහරයක් හෝ නියුට්රිනෝ තාරකාවක් පැවතිය හැකි ස්ථාන රාශියක් හඳුනා ගෙන ඇති අතර එමගින් නිකුත් කරන ලද ඡායාරූප දම් පැහැති ලප වලින් පෙන්වන්නේ එම ප්‍රදේශ වෙයි
නිරීක්ෂණ ඉතිහාසය
මෙම මන්දාකිණිය චාල්ස් මෙසියර් (charles messier) විසින්ම ප්‍රථම වරට සොයා ගන්නා ලද අතර ඔහු විසින් මෙය 1773 ඔක්තෝම්බර් මස 13 වන දින සොයාගන්නා ලදී. ඔහු විසින් මෙය ඉතාමත් අපැහැදිලි තාරකා රහිත නිහාරිකාවක් ලෙස විස්තර කර ඇත. M51b කුඩා මන්දාකිණිය චාල්ස් මෙසියර් ගේ යහළුවකු වන පියරේ මේචේයින් (Pierre Mèchain) විසින් 1781 සොයා ගන්නා ලදී. කෙසේ නමුත් මෙහි සර්පිලාකාර ස්වභාවය පළමු වරට නිරීක්ෂණය කරනු ලැබුවේ 1845 දී Lord Rosse විසිනි. ඔහු විසින් මෙම ගැඹුරු ආකාශ වස්තූවේ පැහැදිලි රූපසටහනක් රූපයට නගා ඇති අතර එම රූප සටහනේ M51a/M51b යන කොටස් දෙකම අඩංගු කර ඇත. M51, Whirlpool ලෙස හැඳින්වීමට අමතරව රොස් ගේ ප්‍රශ්නාර්ථය ( Rosse’s question Mark) ලෙස ද හඳුන්වනුයේ මොහුගේ මෙම ක්‍රියාවලිය නිසාවෙනි.
පිහිටීම
මෙම මන්දාකිණිය දඩයම් බල්ලෝ තාරකා රාශියේ (Canes Venatici) පිහිටයි. Big dipper (නගුල) asterism ට ආසන්නයෙන් පවතින අතර මහා වලසා තාරකා රාශියේ වල්ගයෙ කෙළවර පවතින තාරකාව වන Alkaid තාරකාවේ සිට අංශක 5ක් පමණ දකුණු දිශාවට වන්නට පිහිටයි. වඩාත් හොඳ කාලගුණ තත්ත්වයක් සහ ආලෝක දුෂණය අඩු ප්‍රදේශයක දී හොදින් දැකබලාගත හැකිවන අතර පියවි අසින් නිරීක්ෂකයන් සිදුකළ නොහැක. දුරේක්ෂයක් භාවිතයෙන් නිරීක්ෂණය පහසු වේ.