මන්දාකිනියෙන් පැමිණි අපූරු ගුවන් විදුලි තරංගය
තාරකා විද්යාඥයයින් අපගේ මන්දාකිනිය තුලින් නිකුත් වන අතිශය තීව්රර ගුවන් විදුලි තරංග සංඛයාතයක් නිරීක්ෂණය කිරීමට සමත් වූ බව මෑතකදී ලොවට අනාවරණය විය. මෙම විශ්මය ජනක නිරීක්ෂණය, වේගවත් ගුවන් විදුලි සංඛ්‍යාත පිපිරුමක් ලෙස හදුනාගත් ඔවුන් මෙවන් අධි සංඛයාත තරංග විමෝචනවල අභිරහස සොයා ගැනීමට එම නිරීක්ෂණය උපකාර කර ගැනීමට යොදා ගත හැකි බව පවසයි.

මෙම සංඛයාතය ලොව පුරා රේඩියෝ දුරේක්ෂ මගින් නිරීක්ෂණය කෙරුණු අතර එම සංඛ්‍යාතය SGR 1935 + 2154 ලෙස හඳුන්වන ඉහළ චුම්බක නියුට්‍රෝන තාරකාව දිශාවෙන් එන විද්‍යුත් චුම්භක විකිරණ බවට සනාථ කර ගත් ඔවුන් එම දත්ත විශ්ලේෂණයට ඒවා හුවමාරු කර ගැනීමක්ද ලොව පූරා සිදු කොට ඇත. සයන්ස් ඇලර්ට් විසින් ප්‍රථම වරට වාර්ථා කරන ලද මෙම නිරීක්ෂණය, අපගේ මන්දාකිනියේ සිට ආරම්භ වූ පළමු ගුවන් විදුලි තරංග පිපිරීම නිරූපණය කරන බව ලොවට අනාවරණය කෙරුනි. විශේෂත්වය වනුයේ විද්‍යාඥ යින් මෙම සිදුවීම වෙනත් මන්දාකිණිවලින් පැමිණ ඇති බවට වාර්තා වී ඇති වේගවත් රේඩියෝ තරංග පිපිරීමක් ලෙස තීරණාත්මකව සලකා බැලීමට උත්සුක වීමක් දක්වා නොමැති වීමයි.
වේගවත් ගුවන්විදුලි තරංග පිපිරීම් හරියටම ඒවා ශබ්දයේ ආකාරයෙන් හැසිරීම සිදු වන අතර කෙටි, ශක්තිමත් ගුවන් විදුලි තරංග අප සැමවිටම පෘථිවියේ සිට මිනුම් කිරීම සිදු කරයි.මේවා සෑම විටම ක්ෂීරපථයට පිටතින් ආරම්භ වේ. විද්‍යාඥයින් 2001 වසරේදී පාර්ක්ස් ගුවන්විදුලි දුරේක්ෂය භාවිතයෙන් පළමු වේගවත් ගුවන්විදුලි පිපුරුම සොයා ගත් අතර එම මොහොතේ පටන් තවත් බොහෝ පිපුරුම් සොයාගෙන ඇත. මෙම පිපිරීම් ඉතා දුර මන්දාකිණිවලින් පැමිණ ඇති හෙයින්, ඒවාට හේතුව කුමක්දැයි වටහා ගැනීම තවමත් දුෂ්කර වී ඇත.නමුත් SGR 1935 + 2154 වැනි චුම්බක තරංග බොහෝ දුරට වැරදි නිරීක්ෂණයක් වීමට ඉඩකඩ පවතින බවටද තාරකා විද්‍යාඥයින් පවසයි.
නීල් ගෙහෙරල්ස් ස්විෆ්ට් නිරීක්ෂණාගාරය, ෆර්මි ගැමා කිරණ අභ්‍යවකාශ දුරේක්ෂය සහ නියුට්‍රෝන තාරකා අභ්‍යන්තර සංයුතිය ගවේෂකය (නයිසර්) ඇතුළු දුරේක්ෂයන් මුලින්ම නිරීක්ෂණය කලේ SGR 1935 + 2154 වස්තුව අප්‍රේල් 27 වන දින වඩාත් ක්‍රියාකාරී වී X-කිරණ හා ගැමා කිරණ විහිදූ බවයි. ඉන් පසු ක්ෂණික දීප්තියක් පැමිණි අතර එහිදී පුපුරා ගිය තරංග කැනඩාවේ CHIME දුරේක්ෂයට හසුවී ඇත. CHIME දුරේක්ෂය එම වස්තුවට මුහුනලා පිහිටි සෘජු රේඛාවෙන් පිටත සිටියද දුරේක්ෂයට කෙසේ හෝ ඒවා අනාවරණය කරගත හැකි වීම එදා ලද ජයගහණයකි.
කැනේඩියානු හයිඩ්රජන් තීව්‍රතා සිතියම්කරණ අත්හදා බැලීම් පර්යේෂණ වේගවත් රේඩියෝ පිපිරුම් ව්‍යාපෘතිය (CHIME / FRB) යනු දකුණු බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ ගුවන් විදුලි දුරේක්ෂයක් වන අතර මෙම පිපිරීම් සෙවීම සඳහා තත්පරයට 1,000 වතාවක් අහස පරිලෝකනය කරන අර්ධ සිලින්ඩර ඇන්ටෙනා හතරකින් මෙය සමන්විත වේ. එමගින් දැනටමත් ඒවායින් බොහොමයක් හදුනාගෙන ඇත,නමුත් SGR 1935 + 2154 වෙතින් නිකුත් වූ පුපුරා යාම විශේෂ ඉතිහාස සංදිස්ථානයකි.

අපේ මන්දාකිනිය තුළ වේගවත් රේඩියෝ පිපිරීමක් ඔවුන් සැබවින්ම දුටුවාද නැද්ද යන්න තේරුම් ගැනීමට විද්‍යා ඥයින් දැන් උත්සුකව කටයුතු කරමින් සිටී. තාරාකා විදයාඥයකු වන තෙන්ඩුල්කාර් තාරකා විශ්ලේෂකයකු වන ගිස්මෝඩෝට පැහැදිලි කළේ සැලකිය යුතු පරාසයක වුවද වේගවත් ගුවන් විදුලි පිපිරුම් ශක්තීන්හි පිපිරීම සිදුවිය හැකි අතර එය ක්ෂීරපථයට පිටතින් වු පහල කෙලවරකදී එහි ශක්තිය හීන වන්නට ඇති බවයි. නමුත් ඔවුන් මේ වන විටත් SGR 1935 + 2154 වෙත ඇති සැබෑ දුර සහ සංඥාවෙහි සැබෑ ශක්තිය ගණනය කරමින් පවතී.
මූලාශ්‍ර :
NEWSWEEK Magazine & Website