උල්කාවක් නිසා සිදුවූ මරණය
වසර මිලියන 65 ට පෙර ඩයිනෝසරයන් වදවී යාමට හේතු උනේ විශාල උල්කාවක් පොලවේ වැදීමෙන් බව අපි කවුරුත් දන්නා කාරනයක්. නමුත් උලකාවක් වැදි සිදුවු මිනිස් මරණයක් ගැන ඔබ අසා තිබේද?
උල්කාපාත වර්ෂා යනු මේ දිනවල බොහෝ කතා බහට ලක්වූ මාතෘකාවකි. උල්කාපාත වර්ෂා වසර පුරා විවිධ කාලවල විවිධ ප්‍රමාණ වලින් දිස්වේ. දුර්ලභ නමුත් දැකීමට ඉතා සුන්දර දර්ශනයක් වන උල්කාපාත වර්ෂා පිළිබඳ දැක්වෙන සමහර සටහන් අනුව එය හානිකර ලෙස බලපෑ අවස්ථාද සඳහන් වේ. මේ එසේ සිදුවු අනතුරු ගැන ඔබහමුවේ තබන සටහනකි.
පෘථිවිය අසලින් ගමන් කරන ග්රාහක කැබලි ගුරුත්වයට හසුවී පෘථිවිය වෙතට ඇදී ඒම උල්කා වර්ෂා ලෙස හඳුන්වයි. දිනකට මෙවැනි ග්රාහක කැබලි මිලියනයක් පමණ ඇදී එන නමුත් ඒවා සියල්ලම පාහේ පෘථිවි වායුගෝලය තුලදී දැවී අලුවී යයි.
නාසා ආයතනයේ වාර්ථා වලට අනුව, 1988 සිට මේ දක්වා කාලය තුලදී පෘථිවි වායුගෝලය තුලදී සම්පූර්ණයෙන්ම නොදැවුනු ග්රාහක 822ක් පමණ විවිධ රටවල විවිධ ප්‍රදේශ වලට පතිත වූ බවට වාර්ථා වී ඇත.
උල්කාපාත වර්ෂාවක් නිසා සිදු වී ඇති මරණ පිළිබඳ සොයා බැලීමේදී ඒ ගැන ප්‍රථම වරට තොරතුරු අනාවරණය වන්නේ තුර්කි ජාතික පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදු කල පර්යේෂණයකදි හමුවු සාධක අනුව සඳහන් කරන ලද, 1888 අගෝස්තු 22 දින සිදුවී ඇතැයි සැලකෙන මාරාන්තික අනතුරයි.
1888 වසරේ සිද්ද වූ මෙම සංසිද්ධිය ඔප්පු කිරීමට කිසිදු පාෂාණ කොටසක් සොයා ගෙන නොමැති උවත් මෙහි පර්යේෂණ වාර්ථා තුර්කි ඔටෝමාන් භාෂාවෙන් සටහන් කොට සුරක්ෂිත ව තබා තිබී ඇත. ඒ මගින් හමුවූ ඇති තොරතුරු වලට අනුව ජූලියන් දින දර්ශනයට අනුව අගෝසතු මස 10 වන දින (ජෝජියන් දින දර්ශනයට අනුව අගෝස්තු මස 22 වන දින) රාත්‍රී 8.30 ට පමණ අහසේ විශාල ගිනි බෝලයක් දිස්ව ඇති අතර ඊට පසු මිනිත්තු 10ක පමණ කාලයක් පුරා අහසින් බෝම්බ දමන්නාක් මෙන් උල්කා කඩා වැටීමක් සිදුවී ඇත. මෙම කැබලි නගරය පුරාවටම ඇද වැටුන බවද සඳහන් වේ.
මින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අයෙකු අංශභාග රෝගයටද ගොදුරු වී ඇත. තවද ගිනිබෝලය නිසා ඇතිවූ කම්පන තරංග නිසා සැලකිය යුතු වශෙයන් ඔවුන්ගේ අස්වැන්නට බලපෑම් සිදු වී ඇති බවද මෙම වාර්ථා වල සදහන් වෙයි. දිනකදී විශාල උල්කා ගනනාවක් පෘථිවියට ඇතුලූ වූවද මෙවැනි මාරාන්තික සිද්ධියක් වාර්තා වූ පලමු අවස්ථාව මෙය වෙයි.
2013 වසරේ Chelyabinsk උල්කාව මගින් ඇතිවු කම්පන තරංගය මගින්ද විශාල බලපෑමක් සිදුවූ නමුත් කිසිදු මරණයක් වර්තා නොවීය. මෙහිදී අහසින් කඩා වැටුනු පාෂාණ කොටස්වල ස්කන්ධය 654kg පමණ අගයක් වීම විස්මයට කරුණකි.
මීට අමතරව 1954 වසරේ ඇලබාමා නගරයේ ඈන් හොඩ්ජ්ස් නැමති කාන්තාවද තම නිවස තුල නිදා සිටියදී මෙවැනි අනතුරකට, මුහුණ දුන් බව වාර්ථා කර ඇත. පසුව සිදුකල පරීක්ෂණයේදී තහවුරු වූයේ එහිදි ලැබුනු පාෂාණ කොටස් පෘථිවියට අයත් නොවන ඒවා බවයි.
මෙවැනි අවස්ථාවකට ඔබට මුහුණ දීමට සිදුවන්නේ නම්, පළමුව තම ආරාක්ෂාව පතා එම ස්ථානයෙන් උපරිම දුරකට ගමන් කිරීම වඩා යෝග්‍ය වන අතර හැකි ඉක්මනින් වගකිව යුතු නිළධාරීන් දැනුවත් කිරීම සිදු කල යුතුය. මන්ද යත් මෙම උල්කාෂ්ම වල අඩංගු සංඝටක අහිතකර ලෙස බලපෑ හැකි අතර එය දිගුකාලීන සෞඛ්‍ය ගැටලු ඇති කල හැක.
ඉතා අල්පව සිදුවන සංසිද්ධියක් වන මෙයට අනිසි බියක් ඇති කරගත යුතු නොවන නිසා තවදුරටත් උල්කා වර්ෂා පිළිබඳ ඔබේ සිතේ ඇති නොමඳ ආසාව මෙයින් අඩපණ නොවූවා යැයි බව සිතමින් ලිපිය අවසන් කරමි.
මූලාශ්‍ර :
Russia Today News