ආදරය හා සුන්දරත්වය කැටිකොටගත් – සිකුරු
සූර්යයාගේ සිට දෙවෙනියට පිහිටා ඇති ග්‍රහලොව වන සිකුරු ග්‍රහයා, ආදරයේ හා සුන්දරත්වයේ රොමානු දේවතාවියගේ නමින් නම් කර ඇත.
හඳ හරුන විට රාත්‍රි අහසේ දීප්තිමත්ම වස්තුව මෙයයි. පහන් තරුව සහ ඉරබටු තරුව (Morning star and Evening star) ලෙස හඳුන්වන මේ ග්‍රහයා සාමාන්‍යයෙන් දැකිය හැක්කේ සූර්ය උදාවට පෙර හෝ සූර්යයා බැස ගියාට පසුවය. සිකුරු ග්‍රහයා අහසේ සූර්යයාට සමිපව පවතින අතර මේ වස්තුන් දෙක අතර දකිය හැකි උපරිම කෝණික වෙන්විම 46° කි.
සිකුරු ග්‍රහයට කිසිඳු උපග්‍රහයෙක් නැත. සිකුරු ග්‍රහයාගේ විෂ්කම්භය 12,100 km පමණ වේ. මෙය පෘතිවියේ විෂ්කම්භයට බොහෝ දුරට සමාන අගයකි (12,700 km). පෘතිවියට ඇති බොහෝ සමානකම් නිසා සිකුරු ග්‍රහලොව පෘතිවියේ සහොදරිය (Sister Planet) ලෙස හඳින්වේ.
සිකුරු ග්‍රහයාගෙ තවත් විශේෂත්වයක් වන්නේ මෙහි භ්‍රමණ කාලය (දින 243) පරිභ්‍රමණ කාලයට(දින 224) වඩා වැඩිවීමයිි. එම නිසා සිකුරු ග්‍රහයාගේ එක් දිනයක් එහි වසරකට වඩා දිග වේ.
සිකුරු සහ යුරේනෙස් ග්‍රහයන්ගේ අහසේ සූර්යයා බටහිරින් උදාවී නැගෙනහිරින් බැස යයි. මෙයට හේතුව එවා භ්‍රමණය වන්නෙ අනිත් ග්‍රහයන්ට විරුද්ධ දිශාවටවීමයි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ භ්‍රමණ අක්ෂය 177° පමණ ඇලවි තිබීමයි. එය ආසන්න වශයෙන් 180°ක්. එම නිසා සිකුරු දෙස පිටතින් බලන කෙනෙකුට, මෙහි උතුරු සහ දකුණු ද්‍රැව මාරු වී ඇති සෙයක් පෙනේ (උඩු යටිකුරු ලෙස). සිකුරු ග්රහයගේ ගෝලාකාර බව අනෙක් සියලු ග්‍රහයන්ට සාපෙක්ශව සුරැකීතිබේ. එයට හේතුවත් ඔහුගේ මන්දගාමි භ්‍රමණයයි.
සිකුරුගේ පෘෂ්ටය සහ අභ්‍යන්තරය
සිකුරුගේ පෘෂ්ටය වැඩි ප්‍රමාණයක් ගිනිකඳු ක්‍රියාකාරකම් මගින් හැඩගැසී ඇති බව පෙනේ. එහි විශාල ගිනි කඳු 167 පමණ් ඇති අතර ඒවා කිලෝමීටර් 100 පමණ විශාලත්වයක් ඇති බව සොයාගෙන ඇත. විද්‍යාඥ්‍යන් විසින් සිකුරු මත ගිනිකඳු ක්‍රියාකාරකම් සිදුවන බවට සාක්ෂි කිහිපවරක්ම පෙන්වා දී ඇත. 2020 ජනවාරි මාසයේදීද තාරකා විද්යාඥ්යන්යින් විසින් සිකුරුගේ සක්‍රීය ගිනිකඳු ඇති බවට සාක්ෂි වාර්තා කර තිබේ. සිකුරුගේ භූ කම්පන දත්ත හෝ එහි අවස්ථිති මොහොත පිළිබඳ දැනුමක් නොමැති නිසා සිකුරුගේ අභ්‍යන්තර ව්‍යුහය හා භූ රසායන විද්‍යාව පිළිබඳ ඍජු තොරතුරු ලබා ගැනීම අපහසුය. නමුත් සිකුරුගේ සහ පෘථිවියේ ප්‍රමාණය හා ඝනත්වය අතර ඇති සමානකම මගින් ග්‍රහලෝක දෙකේ සමාන අභ්‍යන්තර ව්‍යුහයක් ඇති බව කිව හැකිය.
සිකුරුගේ වායුගෝලය
අභ්‍යන්තර ග්‍රහලොක වලින් වැඩිම ඝනත්වයක් සහිත වායුගෝලය පිහිටා ඇත්තේ සිකුරු ග්රහයාටයි. සිකුරුගේ වායුගෝලයෙන් 96%ක්ම තිබෙන්නේ කාබන් ඩයොක්සයිඩ් (CO2) වායුවයි. එමෙන්ම නයිට්‍රිජන් (N2), සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) හා ආගන් (Ar) යන වායුන් ද සුලු වශයෙන් තිබේ.
සිකුරුගේ ඇති අධික CO2 වායුව නිසා මෙහි හරිතාගර ආචරණය (Green-house effect) පෘතිවියට වඩා වැඩි වශයෙන් සිදුවේ. මේ නිසා සිකුරුගේ පෘෂ්ඨයේ උෂ්ණත්වය 737 K (464 °C) දක්වා ඉහල ගොස් තිබේ. සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක අතුරින් වැඩිම උෂ්නත්වයක් සහිත පෘෂ්ඨය තිබෙන්නෙ සිකුරු ග්රහයාටයි.
සිකුරු ග්‍රහයා මත අකුණු ඇති බවට වර්ණාවලීක්ෂන සාක්ෂි මගින්ද, එහි වායුගෝලයේ සල්ෆර් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය කිහිප ගුණයකින් ඉහල ගොස් ඇති සාක්ෂි ද සොයාගෙන ඇත.
පිහිටා ඇති දුරට අමතරව සිකුරු රාත්‍රී අහසේ දීප්තීමත්ව පෙනීමට තව ප්‍රධාන හේතුවක් වන්නෙ වායුගෝලය වටේ ඇති ඉතාමත් ඝනකම වලාකුළු තීරයයි. මෙම වලාකුළු මගින් එවාට වැටෙන සූර්යාලෝකයෙන් 75% පමණ නැවත අභ්‍යවකාශයට පිට කරයි (albedo = 0.75).
සිකුරු මත පදනම් වු අභ්‍යාවකාශ මෙහෙයුම් වලින් කිහිපයක්
1. Mariner 2 – ඇමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය මගින් අභ්‍යාවකාශ ගත කරන ලද මෙය
පිටස්තර ග්‍රහලොවකට ගිය ප්‍රථම යානය වේ.
2. Mariner 10 – සිකුරු හා බුධ යන ග්රහලෝක් දෙකම් ගවෙශනය කරන ලදී.
3. Venera 4 – සිකුරු වායුගෝලයේ පළමු රසායනික විශ්ලේෂණය.සෝවියට් රුසියාව මගින් අභ්‍යාවකාශ ගත කරන ලදී.
4. Venera 7 – සිකුරු මත මෘදු ගොඩබෑමක් කළ පළමු අභ්‍යවකාශ යානයයි. සිකුරු වායුගෝලය විසින් විනාශ වීමට පෙර යානය විනාඩි 23 ක් පමණ ක්‍රියාත්මක විය.
5. Venera 9 and 10 – සිකුරු මතුපිට සිට පින්තූර ආපසු යැවූ පළමු අභ්‍යවකාශ යානය.
6. Magellan Spacecraft – සිකුරු ග්‍රහයාගේ මතුපිට මුලින්ම සිතියම් ගත කරන ලදී (මතුපිටින් 98% ක් ආවරණය විය).
7. Venus Express – යුරොපානු අභ්‍යාවකශ ඒජන්සිය (ESA) මගින් සාර්ථකව සිකුරු ගවේශනයට යවු ප්‍රථම යානය
8 Akatsuki Spacecraft – ජපාන අභ්‍යාවකාශ ගවේශන ඒජන්සිය (JAXA) මගින් සාර්ථකව සිකුරු ගවේශනයට යවු ප්‍රථම යානය
සිකුරු සංක්‍රාන්තිය – Venus transit
සිකුරු සංක්‍රාන්තිය සිදුවන්නේ සිකුරු ග්‍රහයා පෘථිවිය හා සූර්යයා මැදට ආ විටය. එවිට සිකුරු සූර්ය තලයේ ඇති කුඩා ලපයක් ලෙස පෙනේ. නමුත් මෙය පියවි ඇසට නොපෙනේ. දුරේක්ෂයකින් මෙය බලාගත හැකිය. අවසානයට මෙවන් සිදුවීමක් වූයේ 2004 සහ 2012 ජුනි මාසයේ ය. මීලඟ සිකුරු සංක්‍රාන්තිය සිදු වන්නේ 2117 සහ 2125 දෙසැම්බර් මසයේ ය.
මෙම සුවිශේෂි සිදුවීම සිදුවන්නේ වසර 121.5ක් හෝ 105.5ක් වැනි දීර්ඝ පරතර වලිනි. එසේ සිදුවෙන සෑම වතාවකම අවුරුදු 8ක පරතරකින් යුතු සංක්‍රාන්ති යුගලයක් ලෙස සිදුවේ.
සිකුරු ගේ සමහර භෞතික ලක්ෂණ
ස්කන්ධය (Mass) = 4.87 x 1024 kg
පරිභ්‍රමණ කාලය (Orbital period) = 224 days
භ්‍රමණ කාලය (Rotational period) = 243 days
අර්ධ මහා අක්ෂය (Semi-major axis) = 0.72 AU / 1.08 x 1011 m
අක්ෂීය ඇලවීම (Axial tilt) = 177°
මතුපිට උෂ්ණත්වය (Surface temperature) = 737 K / 464 °C
මතුපිට පීඩනය (Surface pressure) = 91 atm
මතුපිට ගුරුත්වාකර්ෂණය (Surface gravity) = 8.87 m/s2
දෘශ්‍ය විශාලත්වය (Apparent magnitude) = -4.92 to -2.98 (~ -5 to -3)
ඇල්බෙඩෝ අගය (Albedo) = 0.75
සිතුම් දුලේන් ප්‍රනාන්දු,
කමිටු සාමාජික,
නාලන්දා විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය