සෞරග්‍රහ මණ්ඩලයේ නිල් දියමන්තිය, අපගේ නිවහන – පෘථිවිය
අප ජීවත්වන පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ විශේෂ ස්ථානයක් හිමිකරගන්නා ග්‍රහලෝකයකි. එම තත්ත්වය ඊට ලැබී ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය පවත්නා එකම ග්‍රහලෝකය එය වන නිසාය. පෘථිවිය මතුපිට මහාද්වීප, සාගර, කඳු, තැනිතලා, සානු පෙදෙස්, වනාන්තර, කාන්තාර සහ මිරිදිය ජලාශ මෙන්ම වගුරුබිම් ද පිහිටා ඇත. පෘථිවියේ ජීවය පැවතීමට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ එහි ඇති ද්‍රව ජලය සහ ජීවයට හිතකර වායුගෝලය යි. සුර්ය ග්‍රහ මණ්ඩලයේ සුර්ය්යාගේ සිට පිලිවෙලින් ගත් කල උපග්‍රහයෙක් සිටින පලමු ග්රහලොකයද අප පෘතුවියය්. මෙම උපග්‍රහයා ලූනා (Luna) නැත්හොත් චන්ද්‍රයා ලෙස හඳුන්වයි.
පෘථිවියේ බිහිවීම
පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ තෙවැනියට පිහිටි ග්‍රහලෝකය වන අතර අභ්‍යන්තර ග්‍රහලෝක අතරින් එකකි. වසර බිලියන 4.6 කට පෙර අන් ග්‍රහලෝක මෙන්ම පෘථිවිය ද නිර්මාණය වූයේ විශාල නිහාරිකාවක් මගින්ය.නිහාරිකාවේ මැද කොටසින් සූර්යයාත්, ඉතිරිවු කොටස් වලින් පෘථිවිය ඇතුළු සෙසු ග්රහලෝකත් තැනුණි. පෘථිවිය සෑදුණු නිහාරිකා කොටස වසර මිලියන සිය ගණනක් අභ්‍යවකාශයේ සූර්යයා වටා පරිභ්‍රමණය වෙමින් පැවතුණේය. එය එකල ගිනිගෙන දැවෙන මැග්මා ගෝලයක් වූ අතර එසි අන්තර්ගත වූයේ උණු වූ පාෂාණ සහ ඛනිජ වර්ගයි.
තවත් දීර්ඝ කාලයක් ගෙවුණු පසු පෘථිවියේ ඉහළ ස්තර නිවෙන්නට විය. එම නිවුණු ස්තරවලින් කබොල තැනුණි. අනතුරුව පෘථිවි වායුගෝලය නිර්මාණය විය. වසර බිලියන 4.4 කට පෙර අති දීර්ඝ කාලයක් තිස්සේ පැවති වර්ෂාව හේතුවෙන් පෘථිවි කබොලේ තිබූ ද්‍රෝණි හෙවත් පහත් ස්ථාන ජලයෙන් පිරී සාගර සහ මුහුදු බවට පත් විය.
තවත් කාලාන්තරයකට පසු එනම්ව සර බිලියන 4.28 කට පමණ පෙර විවිධාකාර ඛනිජ ලවණ ආදියෙධ් ඉතා සරුව තිබූ සාගර ජලයෙහි ප්‍රාථමික ජීවීන් පහළ විය. ඒවායේ මුල්භ ජීවය අභ්‍යවකාශයේ සිට සාගරයට පතිත වූ ග්රහක සහ උල්කා ආදියේ දැවටී තිබූ ඇමයිනෝ අම්ලයකින් හෝ රසායනික ප්‍රතික්‍රියා සහිත සාගර ජලයෙහි ම පහළ වූවකින් ජීවය විකාශය වූවා විය හැක.
පෘථිවියේ අභ්‍යන්තර ව්‍යුහය
පෘථිවියේ අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී එය ස්තර කිහිපයකට බෙදා දැක්විය හැකිය.
1. කබොල (Crust)
2. ප්රාවරණය (Mantle)
* ඉහල ප්රාවරණය (Upper Mantle)
* පහල ප්රාවරණය (Lower Mantle)
3. හරය (Core)
* පිටත හරය (Outer Core)
* ඇතුළත හරය (Inner Core)
පෘථිවියේ මතුපිට ආවරණය හෙවත් කබොල සියලුම ජීවීන්ගේ වාසස්ථානය වේ. මතුපිට ආවරණය සිලිකන් (Si) බහුල පාෂාණ වලින් නිර්මාණය වී ඇත. ක්වාට්ස්, මයිකා, ෆෙල්ස්පාර් වැනි ඛනිජ වලින් සෑදුණු ආග්නේය පාෂාණ හා හුණුගල් වැනි ඛනිජ වලින් සෑදුණු බැසෝල්ට් පාෂාණ ද මතුපිට ආවරණයේ දක්නට ඇත. මෙම ස්තරය පෘථිවිය මතුපිට සිට 40 km ක් පමණ ඇතුළට විහිදී ඇත.
දෙවන ස්තරය ප්‍රාවරණයයි. 40 km සිට 289 km ක් දක්වා ඇතුළට ප්රාවරණය විහිදී ඇත. එය ඉහල හා පහල ප්රාවරණ කලාප ලෙස කොටස් දෙකකට වෙන් කර ඇත. විලීන තත්ත්වයේ පවතින ඔක්සයිඩ් හා කැල්සියම් ඔක්සයිඩ් වැනි ලෝහ ඔක්සයිඩ බහුලව අඩංගු වේ.
තුන්වැන්න වූ පිටත හරය 2890 km සිට 5150 km දක්වා ඇතුළච විහිදී ඇත. මෙහි ද්‍රව තත්ත්වයේ පවතින යකඩ බහුලව ඇති අතර නිකල් සහ සල්ෆර් ද්‍රව තත්ත්වයේ පවතී.
සිව්වැනි ස්තරය වන ඇතුළත හරය 5150 km සිට 6378 km වැනි ප්‍රමාණයක් දක්වා ඇතුළට විහිදී ඇත. යකඩ බහුලව ඇති මෙම ස්ථරය අධික පීඩනයකට ලක්වී ඇති නිසා නිසා ඝන අවස්ථාවේ පවතී.
පෘථිවියේ ජීවය
සෞරග්‍රහ මණ්ඩලයේ ජීවයෙන් පිරි එකම ග්‍රහලොව වන පෘථිවිය මත ජීවය ඇති වීමට හේතු වන සාධක කිහිපයක් වේ.
* උෂ්ණත්වය
* ද්‍රව ජලය
* විකිරණ ආවරණය
* ජීවය සඳහා අවශ්‍ය මූලද්‍රව්‍ය
* හිරු එළිය
* ඔක්සිජන් වායුව
වායුගෝලය
සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහලෝක වලට වඩා දියුණු, සංකීර්ණ වායුගෝලයක් ඇත්තේ පෘථිවියට ය. මෙභ වායුගෝලයේ පීඩනය මුහුදු මට්ටමේදී 101.325 kPaකි. මෙම පීඩනය පෘථිවිය මතුපිට සිට 8.5 km ක් පමණ උසක් දක්වා විහිදී ඇත. වායුගෝලයේ නයිට්රජන් 78.08%ක් ද, ඔක්සිජන් 20.95%ක් ද, කාබන්ඩයොක්සයිඩ් 0.003%ක් ද, ආගන් 0.93%ක් ද, ජලවාෂ්ප 1%ක් පමණ අඩංගු වේ . වායුගෝලය ප්‍රධාන ස්තර 5කට බෙදේ.
1. පරිවර්තී ගෝලය (Troposphere)
2. අපරිවර්තී ගෝලය (Stratosphere)
3. මෙසෝ ගෝලය (Mesosphere)
4. තාප ගෝලය (Thermosphere)
5. බහිර් ගෝලය (Exosphere)
1. පරිවර්තී ගෝලය
පරිවර්තී ගෝලය පෘථිවි මතුපිට සිට 18km ක් ඉහළට විහිදී ඇත. වලාකුළු හා වර්ෂාව හටගන්නේ පරිවර්තී ගෝලය තුළය. ගුවන් යානා ගමන් කරන්නේ ද මෙම සීමාවේ ය.
2. අපරිවර්තී ගෝලය
අපරිවර්තී ගෝලය පරිවර්තී ගෝලයේ සිට 50km ක් දක්වා ඉහළට විහිදී ඇත. අපරිවර්තී ගෝලය හා මෙසෝ ගෝලය අතර සීමාවි ඕසෝන් ස්තරය පිහිටා ඇත.
3. මෙසෝ ගෝලය
මෙසෝ ගෝලය 50km සිට 90km දක්වා ඉහළට විහිදී ඇත.
5. බහිර් ගෝලය
තාප ගෝලයේ ඉහළ සීමාව වන තාප මණ්ඩලය හෙවත් 500kmට එපිටින් පිහිටි කලාපය බහිර් ගෝලය
පෘථිවියේ දත්ත
පෘථිවියේ වයස – අවුරුදු බිලියන 4.6
සූර්ය සමීපකය – 147,200,000 km
සූර්ය දූරකය – 152,000,000 km
විකේන්ද්රීයතාව – 0.016,710,219
පරිභ්‍රමණ කාලය – දින 365.256
භ්‍රමණ කාලය – පැය 23.934
කක්ෂීය ප්‍රවේගය – Ghostwriter Kosten
උප ග්‍රහයන් – 01 (චන්ද්‍රයා)
විෂ්කම්භය – 12,756 km
වියෝග ප්‍රවේගය – 11 186 kms-1
සූර්යාලෝක පරාවර්තනය – 0.367
* වායුගෝලීය සංයුතිය
නයිට්රජන් – 78.8%
ඔක්සිජන් – 20.95%
කාබන්ඩයොක්සයිඩ් – 0.003%
ආගන් – 0.93%
ජලවාෂ්ප – 1%