විශ්ව න්‍යාය විද්‍යාව – #1 විකාශනය
මිනිස්සුන්ට අහස ගැන, තරු ගැන තියෙන්නෙ පුදුමාකාර කුතුහලයක්. ඒක මේ අද ඊයෙක ආපු එකක් නෙමේ. සෑහෙන්න ඉස්සර මිනිස්සු ගල් ගුහාවල ඉන්න කාලෙ ඉදං මේක තිබ්බා කියන්න සාක්ෂි ඕන තරං තියනවා. යුරෝපෙ පුරා විද්‍යාත්මක කැනීම් වලින් හම්බවුනු ගල් ගුහාවල තිබුනු චිත්‍ර, අපි අදටත් පාවිච්චිකරන තරු රටා වලට බොහොම ලගින් සමානකම් පෙන්නනවා. පස්සෙ කාලෙක මිනිස්සු ශිෂ්ටාචාර විදිහට දියුණු වෙනකොටත් මේ කුතුහලය වැඩි උනා මිසක් අඩුවුනේ නම් නැ. ඒ නිසා මේ අහසෙ තියන තරු වලින් විවිධාකාර රූප මවාගෙන, ඒවා ආශ්රයෙන් එක එක ප්‍රබන්ධ, මිත්‍යා කතන්දර මවගෙන, කොටින්ම කිවුවොත් ඒ රූප සහ කතාවලට දේවත්වයක් ආරූඪ කරගෙන ආගම් විදිහට ඇදහිලි පුද පූජා කරන්න තරම් මේ කුතුහලය වැඩි දියුණු වුනා කිවුවොත් වැරැද්දක් නෑ. නමුත් අවාසනාවකට වගේ මේ ලස්සන අහස ගැන මීට වැඩිය පර්යේෂණ කරන්න කරුණු කාරනා හොයන්න ඒ මිනිස්සුන්ට තිබුනු අවස්තාව සහ හැකියාව නම් සෑහෙන්න අල්ප උනා. ඒ නිසා ඒකාලෙ අපෙන් එපිට විශ්වය ගැන තිබ්බෙ ඒ කාලෙ හිටපු දාර්ශනිකයො හරි නැත්තම් විවිද ආගම් වලින් හරි පලවුනු මතවාද විතරයි.
උදාහරණ ටිකක් කතා කරගෙනම ඉස්සරහට යමු . මානව ඉතිහාසයේ එන ඊජිප්තු, මෙසපොතේමියානු ශිෂ්ඨාචාර වලදි මිනිස්සු මුලින්ම හිතුවෙ ලෝකෙ කියන්නෙ මූදෙ පාවෙන මහ විශාල පැතලි ගලක් විදිහට. හැබැයි පහුවෙනකොට ග්‍රීසියෙ හිටපු “ප්ලේටෝ”, “පයිතගරස්” වගේ මහා දාර්ශනිකයන්, ගණිතඥයන් මීට වඩා වෙනස් මතයක් ගත්තා. “ප්ලේටෝ” කියන පුද්ගලයා තමා මුලින්ම අදහසක් ලියන්නෙ මේ ලෝකෙ ගෝලාකාරයි කියල. ඊටපස්සෙ ආපු එයාගෙ ගෝලයෙක් වෙච්චි “ඇරිස්ටෝටල්”, ක්‍රිස්තු පූර්ව 3 වන ශතවර්ෂයේ වගේ සාක්ෂි ඇතුවම ඔප්පු කරනවා මේ ලෝකෙ කියන්නෙ තැටියක් නෙමේ ගෝලයක් කියලා.
මේ ප්ලේටෝ කියන දාර්ශනිකයා තවත් කතාවක් කිවුවා. මේ අහසෙ තියන ඉර, ග්‍රහලොක, තරු ඔක්කොම ගෝලාකාර වස්තුය, ඒවා මේ අපි ඉන්න පෘථිවිය වටා කැරකෙනවාය කියල. මේ මතයට කිවුවෙ “භූකේන්ද්‍රවාදය” කියල. මෙයාගෙම සමකාලීනයෙක් වෙච්චි ඇරිස්ටාකස් (ඇරිස්ටෝටල් නෙමේ) කියන දාර්ශනික හිතුවා ඒක එහෙම නෙමේ අපි මේ ඔක්කොම ග්‍රහලෝක කැරකෙන්නෙ සූර්යයා වටේ කියල. හැබැයි එතුමාගේ මතය එච්චර ප්‍රසිද්ධ උනේවත් මිනිස්සු පිලිගත්තෙවත් නෑ වැඩිය. භූකේන්ද්‍රවාදය කොච්චර ප්‍රසිද්ධ උනාද කියනවනම් ක්‍රි.ව. 16 වෙනි සියවස වෙනකන්ම ලෝකයේ පිලිගැනුනේ විශ්වය ගැන මෙන්න මේ කතාව.
හැබැයි ඔන්න 16 වෙනි ශතවර්ෂයේ හරි අමුතු වැඩ ටිකක් වෙනවා. පෝලන්ත ජාතික “නිකලස් කොපර්නිකස්” කියන විද්‍යාඥයා, සූර්යකෙන්ද්රවාදය සදහා ගණිතමය ආකෘතියක් ඉදිරිපත් කරනවා. මීට ටික කාලෙකට පස්සෙ දුරේක්ෂයකින් පලවෙනියටම අහස නිරීක්ෂණය කරන “ගැලීලියෝ ගැලීලි” කියන තාරකා විද්‍යාඥයා, එයාගෙ නිරීක්ෂණ වාර්තා වලින් මේ මතයට තව තවත් සාක්ෂිත් ඉදිරිපත් කරනවා. ඒවගේම “ජොහැන්නස් කෙප්ලර්” කියන විද්යාර්තයා විසින් මේ සූර්යා වටේ ග්‍රහලෝක වල ගමන් පථය වුර්තයක් නෙමේ ඉලිප්සියක් කියලත් කියනවා. ඒ සම්බන්ධයෙන් අපි අදටත් පාවිච්චි කරන කෙප්ලර් නියමත් ඉදිරිපත් කරනවා. ඔය විදිහට තමා අවුරුදු 1500 කටත් වඩා තිබිච්ච භූකේන්ද්රතාවාදය බිදවැටිලා ගිහිං සූර්යකේන්ද්‍රවාදය ඉස්සරහට එන්නෙ. මේ සූර්යකේන්ද්‍රවාදයෙන් කියවෙන්නෙ මේ අපෙන් එපිට තියන ග්රහලෝකත්, අපේ පෘථිවියත් ඇතුලුව මේ ඔක්කොම වස්තු අපේ සූර්යයා වටේ ගමන් ගන්නවා කියන එක. කෙප්ලර් කිවුවෙ ඒ ගමන්ගන්න පථ වෘත්තාකාර ඒවා නෙමෙයි ඉලිප්සියාකාර ඒවා කියල.
හැබැයි මෙතන ඉදං අවුරුදු 150ක් වත් යන්න නෑ මේ විශ්වය ගැන අපේ තිබ්බ දැනුම මට්ටම ආයෙ කනපිට ගැහෙනවා. ඒ “චාර්ල්ස් මෙසියර්”, “විලියම් හර්ශල්”, “ෆෙඩ්රික් බෙසල්” වැනි විද්‍යාඥයින් ගෙ සොයාගැනීම් එක්ක. මෙසියර් කියන තාරකා විද්‍යාඥයා විසින් පලවෙනි වරට අහසෙ ඉලිප්සියාකාර, සර්පිලයක් වගේ දූවිලි වලාකුලක් නිරීක්ශනය කරනවා. පස්සෙ තමයි හොයාගැනෙන්නෙ මෙයා මේ දැක්කෙ මන්දාකිනියක් කියලා. ඒ කාලෙම වගේ හර්ශල්, බෙසල් සහ ඒ සමකාලීන විද්‍යාඥයො එකතුවෙලා සොයාගන්නවා අපි ඉන්න මේ සෞරග්‍රහ මන්ඩලය, විශ්වයේ මැදවත්, මුලවත්, අගවත් නෙමෙයි , ක්ෂීරපථය කියන මහ විශාල මන්දාකිණිය ඇතුලෙ (මෙසියර් දැක්ක වගේ එකක්) තියන සියදහස් ගනනක් සෞරග්‍රහ මන්ඩල, තරු අතරේ තියන තවත් එකම එක වැදගැම්මකට නැති ග්‍රහලෝක ටිකක් විතරයි කියල. මෙන්න මේ සිද්ධි වලින් පස්සෙ තමා මේ විශ්වය ගැන මිනිස්සුන්ගෙ අදහස් සම්පූර්ණයෙන්ම කණපිට හැරෙන්නෙ.
මේ මන්දාකිණි කියන සංකල්පය නිසා විශ්ව න්‍යාය විද්‍යාව ලොකු පිම්මක් ඉස්සරහට එනවා. ඒ එක්කම එවකට තිබුනු විශාල වර්ගයේ දුරේක්ශ වලින් සිය ගනනින් මේ මන්දාකිණි රාත්‍රී අහසෙන් සොයාගැනෙනවා. මේ මන්දාකිණි ආශ්රයෙන් නොයෙක් භෞතික විද්‍යාත්මක සංකල්ප ගොඩනැගෙනවා. අපේ දැනට විශ්වය ගැන තිබෙන දැනුම ගොඩනගාගන්න මේක ලොකු රුකුලක් වෙනවා.
ටිකක් කම්මැලි උනත්, සාරාංශයක් විදිහට හරි ඉතිහාසය පොඩ්ඩක් හරි කතා කලේ නොකරම බැරි නිසා. අපි අපේ කුතුහලය නිසා කොච්චර දුරක් ඉස්සරහට ආවද කියල අපි දැනගෙන ඉන්න එක වටින නිසා. ඒත් ඉතිහාස කතාව අපි මෙතනින් නවත්තනවා. දැන් ටික ටික සංකීර්ණ කතන්දර කතාකරන්න පටන්ගන්නවා. අපි ලබන සතියෙ, අපි ජීවත් වෙන අපේ මන්දාකිනිය වෙච්චි ක්ෂීරපථය උදාහරනයක් විදිහට අරගෙන මන්දාකිණි ගැන පොඩ්ඩක් ඉගනගමු. ඒ මාර්ගෙන් අපිට දැනට පේන්න තියන විශ්වය කොච්චර විශාලද කියලා පොඩි උදාහරණයක් ආශ්රයෙන් තේරුම් ගන්න උත්සාහ කරමු. දැන් ඉදන් හැබැයි ගණන් පොඩ්ඩක් අපිට ඕනෙ වෙනවා. මහ අමාරු ඒවා නම් නෙමෙයි . කියවන්න කැමතිනම් අභ්‍යවකාශයේ දුර මනින ප්‍රධාන ඒකකයක් වෙන “ආලෝක වර්ෂ” ගැන පොඩ්ඩක් බලන්න. කම්මැලිනම් ඒත් කමක් නෑ ඉතින්. අපි කොහොමත් මුල ඉදන් පටන්ගමු.