ජලය සෙවීම සඳහා නාසා ආයාතනයෙන් සඳ වෙත රෝවරයක්
මිනිස් ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නීල් ආම්ස්ට්‍රොං සඳ මත පා තබා දශක හයක් ගතවන මේ මොහොත වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ නාසා (NASA) ආයතනය, නුදුරු අනාගතයේදී නැවත වරක් සඳ මතට මිනිසුන් යැවීමට කටයුතු සැලසුම් කරමින් සිටී. එම ඓතිහාසික ගවේශන ව්‍යපෘතියට ප්‍රථමයෙන් සඳ මත අයිස්ජලය ඇති ප්‍රදෙශ හඳුනාගැනීම සඳහා, 2022 දෙසැම්බර් මාසයට පෙර රෝවරයක්සඳේ දක්ෂිණ ධ්‍රැවයට යැවීමට මේ වන විට සැලසුම් කර ඇත.
The Volatiles Investigating Polar Exploration Rover නොහොත් VIPER , දින 100 ක් පුරා සඳ මත සැතපුම් කිහිපයක් ගමන්කර ජලය සොයා ගැනීම සඳහා සඳ මතුපිට පස පරික්ශා කරනු ඇත. මිනිසුන් නැවත වරක් සඳ මතට යැවීම සඳහා, නාසා ආයතනයමගින් සැලසුම් කරන Artemis ව්‍යාපෘතියේ එක් අදියරක් ලෙස ක්‍රියාත්මක වන මෙම VIPER ව්‍යාපෘතිය මගින් රැස් කරගන්නා, අයිස්ජලය පිලිබඳ දත්ත භාවිතයෙන්, ගගනගාමීන් යැවිය යුතු සුදුසුම ස්ථානය තොරා ගනු ලබනු ඇත.අනාගතයෙදී සඳ මත පා තබන ගගනගාමීන්ගේ අවශ්‍යතා සපුරලන්නට හැකි ස්වභාවික සම්පතක් ලෙස මෙම අයිස් ජලය භාවිතා කිරීමට හැකි බැවින් ජලය බහුලව පවතින ස්ථානයක් ගොඩබෑමේ ස්ථානය ලෙස තෝරා ගැනීමට අභ්‍යවකාශ ඒජන්සියට අවශ්‍ය වී ඇත.
VIPER හි ජලය හඳුනා ගැනීම සඳහා ප්‍රධාන උපකරණ හතරක් ඇත. නියුට්‍රෝන වර්ණාවලීක්ෂක පද්ධතිය (The Neutron Spectrometer System ) මඟින් සඳේ මතුපිට පෘෂ්ඨයට පහළින් අයිස් ජලය සහිත ප්‍රදේශ හඳුනා ගනු ඇත. එලෙස හඳුනාගන්නාස්ථාන තව දුරටත් පරික්ෂාවට ලක් කිරීමට, යානයේ ඇති TRIDENT (The Regolith and Ice Drill for Exploring New Terrain)භූ විදුම් උපකරණය (Drill) මගින් මීටරයක් දක්වා ගැඹුරට පස හෑරීම සිදු කරනු ලබයි. මෙමගින් ලබාගන්නා පාංශු සාම්පල තුල අඩංගුජලයේ සංයුතිය හා සාන්ද්‍රණය, ස්කන්ධ වර්ණාවලීක්ෂය (The Mass Spectrometer Observing Lunar Operations) නොහොත්MSolo සහ අධෝරක්ත වෝල්ටීයතා වර්ණාවලීක්ෂ පද්ධතිය (Near InfraRed Volatiles Spectrometer System) නොහොත්NIRVSS යන උපකරණ මගින්තී රණය කරනු ඇත.මෙම මෙහෙයුමේදී, VIPER විසින් සඳෙහි විවිධ ප්‍රදේශවලින් විවිධ වර්ගයේ පස් එකතු කරනු ඇති අතර, එමගින් ජලය ඇති ස්ථානනිශ්චිතවම සිතියම් ගත කිරීමට විද්‍යාඥයන්ට හැකි වනු ඇත.
Artemis ව්‍යාපෘතිය 2020 දශකයේ ආරම්භ වීමත් සමඟ සඳෙහි ජලය ප්‍රධාන සම්පතක් ලෙස භාවිත වීම ආරම්භ වනු ඇත. යම්දිනක සඳ මත ස්ථිර මිනිස් ජනාවාස ඇතිකිරීම සඳහා මෙම මෙම ජල සංචිත ඉතා වැදගත් සම්පතක් වනු ඇත. එය පානීය ජලයඅවශ්යතාව සපුරාගැනිම සඳහා පමණක් නොව, හයිඩ්රජන් හා ඔක්සිජන් නිස්සාරණය කර රොකට් ඉන්ධන සඳහාද භාවිතා කළ හැකිවේ. එමඟින් ගගනගාමීන්ට ඔවුන් සමඟ සඳට ගෙන ඒමට අවශ්‍ය ඉන්ධන හා සැපයුම් ප්‍රමාණය අඩු කළ හැකි අතර අඟහරු ග්රහයාවෙත අනාගත මෙහෙයුම් සඳහා පවා උපකාරී විය හැකිය.2009 දී තාරකා විද්‍යාඥයන් සඳෙහි දක්ෂිණ ධ්‍රැවය අසල ජල අයිස් පළමු වරට නිරීක්ෂණය කරන ලදී. එම නිරීක්ෂණය සනාථ කරගැනිමට සහ තව තවත් ජලය සොයාගැනිමට මෙම ගවේශන ව්‍යපෘතිය උපකාරී වනු ඇත.
VIPER රෝවරය සඳ මතුපිට ක්‍රියා කරන්නේ කෙසේදැයි බැලීමට ඉංජිනේරුවන් දැනටමත් පරීක්ෂා කරමින් සිටී. VIPER රෝවරයනාසා පර්යේෂණ මධ්‍යස්ථාන කිහිපයක හා ඔවුන්ගේ වාණිජ හවුල්කරු වන Honeybee Robotics මගින් නිර්මාණය කරනු ලබයි.
Source : The National Aeronautics and Space Administration (NASA)