Starlink චන්ද්‍රිකා ජාලය
ඇමරිකා එක්සත් ජනපදයේ SpaceX අභ්‍යවකාශ ආයතනය පිලිබඳව ඔබ මීට පෙර අසා ඇති. SpaceX එහෙමත් නැත්නම් Space Exploration Technologies Corporation ආයතනය ආරම්භ වන්නේ 2002 වර්ෂයේ දී සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඊලෝන් මස්ක් (Elon Musk) විසින්. මේ වන විට අභ්‍යවකාශ ගවේෂණය සඳහා වූ විශාලතම බාධකය වූයේ ඒ සඳහා වැයවන අධික වියදමයි. ඊට හේතුව වූයේ රොකට් වල පලමු අදියර රොකට් බූස්ටරය නැවත භාවිත කිරීමට ආරක්ෂිතව පෘථිවියට ගෙන්වාගැනීමට නොහැකි වීමයි. Elon ගේ අරමුණ වූයේ කෙසේ හෝ එම කොටස ආරක්ෂිතව ගෙන්වාගැනීමයි. කිහිප වරක් අසාර්ථක වීමෙන් පසුව සාර්ථකව රොකට් බූස්ටරය ගොඩබැස්වීමට SpaceX ආයතනය අවසානයේ සමත් වුණා. මේ වන විට ඔවුන්ගේ Falcon 9 රොකට් යානයේ ප්‍රථම අදියර කොටස් 53 වරක් පෘථිවිය මත ගොඩබැස්වීමට ඔවුන් සමත්ව සිටිනවා. නමුත් එකම පලමු අදියර බූස්ටරය උපරිම වාර ගණනක් ගොඩබස්වා ඇත්තේ 5 වරක් පමණයි. මේ වන විට SpaceX සතුව Falcon 9, Falcon Heavy සහ ඉදිවෙමින් පවතින Starship යන යානා පවතින අතර ඒවා පිලිබඳව ඉදිරියේදී ලිපියක් ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.
දැන් අපි බලමු මොකක්ද මේ Starlink කියන්නෙ කියලා
Starlink කියන්නෙ චන්ද්‍රිකා 42000ක චන්ද්‍රිකා ජාලයක්. මේ චන්ද්‍රිකා වල අරමුණ වෙන්නෙ ලෝකයටම අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදෙන එක. මෙම චන්ද්‍රිකා කක්ෂගතකිරීමට යොදාගෙන තියෙන්නෙ පහල පෘථිවි කක්ෂය හෙවත් Low Earth Orbit (LEO) එක. පෘථිවියේ සිට සැතපුම් 340ක් පමණ දුරින් තමයි මේ චන්ද්‍රිකා ජාලය කක්ෂගත වෙන්නෙ.
දැනට පවතින චන්ද්‍රිකා වල ගැටලුව වන්නේ දත්ත එක් තැනක සිට තවත් තැනකට යැවීමේදී ගතවන කාලය ( latency ) තරමක් වැඩි වීමයි. ව්‍යවහාරයේදී ping එක ලෙස හඳුන්වන්නේද මෙම කාලයයි. Starlink චන්ද්‍රිකා වල මෙම අගය මිලි තත්පර 10-20 පමණ වනබව සෛද්ධාන්තිකව ගණන් බලා ඇත. සාමාන්‍යයෙන් geostationary orbit එකක ඇති සාමාන්‍ය චන්ද්‍රිකාවක latency එක මිලි තත්පර 400-600 පමණ අගයක් ගනී. Latency එක අඩු වුවද මෙම starlink චන්ද්‍රිකා වල ඇති අවාසියක් වනුයේ විශාල ප්‍රදේශයක් ආවරණය කල නොහැකි වීමයි. ඊට හේතුව මේවා කක්ෂගත වන්නෙ පෘථිවියට ආසන්නයෙන් බැවිනි. මේ හේතුව නිසා මුලු පෘථිවියම ආවරණය කිරීමට චන්ද්‍රිකා 42000ක් පමණ කක්ෂගත කිරීමට අවශ්‍යබව SpaceX ආයතනය සඳහන් කර සිටිනවා.
දැනට මෙම Starlink චන්ද්‍රිකා 420 ක් කක්ෂගත කර ඇති අතර මෙම ව්‍යාපෘතිය 2021 වසරේදී සම්පූර්ණ කිරීමට හැකිවන බවද ඔවුන් සඳහන් කර සිටිනවා.
මෙම ව්‍යාපෘතියට අයත් තවත් චන්ද්‍රිකා 60ක් ලංකාවේ වේලාවෙන් ජූනි 4 වන දින උදෑසන 6.55 ට කක්ෂගත කෙරිනු අතර එය SpaceX YouTube නාලිකාව ඔස්සේ සජීවීව විකාශය විය.
එම වීඩියෝව පහත link එක ඔස්සේ ඔබට බලාගත හැක 👇
https://www.youtube.com/watch?v=y4xBFHjkUvw
මූලාශ්‍ර :
space.com
skyandtelescope
digitaltrends.com
Teslarati.com