යුද්ධයට අධිපති රතු ග්‍රහලොව – අඟහරු
හැඳින්වීම
අප සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයාගේ සිට 4 වන ස්ථානයේ පිහිටා ඇති අඟහරු ග්‍රහයා, ග්‍රහ මණ්ඩලයේ දෙවනුවට කුඩාම ග්‍රහලොවයි. මෙය පාෂාණමය ග්රහලොවකි. පෘථිවියේ සිට රතු පැහැයෙන් දිස්වන නිසා මෙය රතු ග්‍රහයා ලෙස හඳුන්වන අතර මේ නිසා රෝමානුවන් අගහරු ග්‍රහයා යුද්ධයට අධිපති ග්‍රහයා (god of war) යන නමින්ද හඳුන්වා ඇත .
ක්‍රි.ව. 1610දිි ගැලිලියෝ ගැලිලි (Galileo Galilei) විසින් තම දුරේක්ෂය ආධාරයෙන් පළමුවරට අඟහරු නිරීක්ෂණය කළ අතර ඉන් පසු ක්රිස්ට්යාන් හයිගන්ස් (Christian Huygens) නමැති තාරකා විද්‍යාඥයා විසින් ඔහුගේ දුරේක්ෂය භාවිතයෙන් අඟහරු සිතුවම් කරන ලදී.
අඟහරු නිරීක්ෂණය
සෑම මාස විසි දෙකකට වරක්ම අගහරු ප්රතිපක්ෂ වීම (mars opposition) නම් අවස්තාවට ලගා වේ. එනම් වසර 2 කට ආසන්න කාලයකින් අගහරු සහ හිරු අතරට පෘථිවිය පැමිනිිමයි. මේ අවස්තාවේ දිිී අගහරු ඉතා දීප්තිමත්ව රාත්‍රී අහසේ දිස් වේ. මීට පෙර එය 2018දී සිදු වූ අතර 2020 වසරේදී ද සිදු වීමට නියමිතය. ඒ ඔක්තෝම්බර් 13වන දිනයි.
මේ දිනවල,එනම් මැයි මාසයේ පෙ.ව.1.30 පමන සිට කුම්භ තාරකා රාශියේ දී අගහරු ග්‍රහයා නිරීක්ෂණය කළ හැක .
පෘථිවියේ සිටින අපට සෑම මාස විසි හයකට වරක් ම අවස්ථාවක දී අඟහරු ආපසු ගමන් කොට යලි ඉදිරියට ගමන් කරන්නා සේ පෙනේ. මේය අඟහරු ගේ ප්රතිගාමී චලිතය (Mars retrograde motion) ලෙසින් හදුන්වයි. අඟහරු ග්‍රහයා මෙසේ ආපස්සට ගමන් ගන්නා ලෙස පෙනෙන්නේ සුර්යා වටා පරිභ්‍රමණය වීමේදී පෘතිවියට සාපේක්ශව අඟහරු ග්‍රහයා ගේ පිහිටීම වෙනසවන ආකාරය අනුවය.
පෘතිවියට පසුව ඇති ග්‍රහලෝක වල ප්රතිගාමී චලිතයන් පහසුවෙන් නිරීක්ෂණය කල හැක
මතුපිට ලක්ෂණ
අගහරු ග්‍රහයා මත ධ්‍රැවීය අයිස් තට්ටු ,අක්‍රීය ගිනිකඳු හා අතීතයේ පැවති මුහුදු ගංගා ආදියේ මායිම්ද දැක ගත හැක.
ආඟහරු ගේ තාර්සිස් කලාපයේ (Tharsis Region) ඇති ඇස්ක්රියස් මොන්ස් (Ascraeus Mons), පැවොනිස් මොන්ස් (Pavonis Mons), සහ ආසියා මොන්ස් (Arsia Mons), යන ගිනිකඳු මෙන්ම කිලෝ මීටර 22 පමණ උස ඔලිම්පස් මොන්ස් (Olympus Mons) නම් සෞරග්‍රහ මණ්ඩලයේ ම උසම ගිනි කන්ද ද අඟහරු ග්‍රහයා අතීතයේදී භූ විද්‍යාත්මකව ඉතා සක්‍රීයව පැවති බවට සාක්ෂි සපයයි.
තවද අඟහරු ග්‍රහයා ගේ සමකයට ආසන්නව පිහිටි වැලිස් මැරිනරිස් (Valles Marineris) නම් විශාල භූ පැල්මක්ද අඟහරු ග්‍රහයා මත දැක ගත හැකි ඉතා විශාල භූ ලක්ෂණයකි. එය දිගින් කිලෝමීටර් 4000 පමණද පළලින් කිලෝමීටර් 200 පමණ වන අතර ගැඹුර කිලෝමීටර් 7 පමණ වේ.
අඟහරු ග්‍රහයා රතු පැහැයෙන් දිස් වීමට හේතුව නම් මතුපිට ඇති මලකඩ සහිත තුනී දූවිලිස්ථරයයි.
භෞතික ලක්ෂණ
පෘථිවිය මෙන් හරි අඩක් පමණ විෂ්කම්භයක් ඇති අඟහරු ග්‍රහයා ගේ මතුපිට වර්ගඵලය ද පෘථිවියේ වර්ගපලයෙන් 0.284කි. අගහරු ග්‍රහයාගේ විශ්කම්භය කිලෝමීටර් 6779 වන අතර වර්ගඵලය වර්ග කිලෝමීටර් මිලියන 144.8.
අඟහරුගේ ස්කන්ධය පෘථිවියේ ස්කන්ධයට වඩා අඩු බැවින් අගහරුගේ ගුරුත්වාකර්ශන බලය ද පෘථිවියේ මෙන් 38%කි. ඒය තත්පරයට වර්ග මීටර් 3.77කි.
භ්‍රමණය සහ පරිභ්‍රමණය
අඟහරු ග්‍රහයා භ්‍රමණය හෙවත් තමා වටා කැරකැවීමට පෘථිවි පැය 24.6 ක් පමණ ගත කරයි .මේ ග්‍රහයා ද අංශක 25 ක ඇලයක් දක්වන අතර මේ නිසා පෘථිවියේ මෙන් ම අඟහරු වල ද සෘතු බේද දැකිය හැක .
මෙම ග්‍රහයා පරිභ්‍රමණය සඳහා ද පෘථිවි දින 687ක් පමණ වැය කරයි.
වායු ගෝලය
පෘථිවියේ මෙන් නොව අඟහරු හට ඇත්තේ ඉතා තුනී වියලි වායුගෝලයකි. මෙහි සියයට අනූපහක් පමණ කාබන් ඩයොක්සයිඩ් වාතය අන්තර්ගත ව ඇති අතර මීට අමතර ව නයිට්රජන්, ආගන්, කාබන් මොනොක්සයිඩ් හා සුළු වශයෙන් ඔක්සිජන් ද අඩංගුව ඇත.
කාබන් ඩයොක්සයිඩ්: 95.32%
නයිට්රජන්: 2.7 %
ආගන්: 1.6%
ඔක්සිජන්: 0.13 %
කාබන් මොනොක්සයිඩ්: 0.08 %
https://nssdc.gsfc.nasa.gov/planeta…/factsheet/marsfact.html
(වැඩිදුර දත්ත සදහා පිවිසෙන්න 👆)
මීට වසර බිලියන 3.5 කට පෙර අඟහරු හට තම පෘෂ්ඨය මත ජලය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් තරම් වායු ගෝලයක් පැවැති බව විද්‍යාඥයන් ගේ මතයයි. මේ අනුව අඟහරු මත ජලය නොපැවතීමට හේතුවක් වන්නේ ඝනත්වය අඩු වායු ගෝලයි හා දුර්වල ගුරුත්වාකර්ශන බලයයි. එහෙත් මෙහි ධ්‍රැවීය අයිස්තට්ටු තවමත් දැකිය හැක. ඒවා ඝන කාබන්ඩයොක්සයිඩ් වලින් සමන්විත .කෙසේ වෙතත් අඟහරුගේ වායුගෝලයේ අහිමි වීමට හේතුව විද්‍යාඥයන් තවමත් නොදනී.
අඟහරුගේ ඝනත්වය අඩු වායුගෝලය හේතුවෙන් හා සූර්යයාගේ සිට හතරවෙනි ස්ථානයහි පිහිටීම නිසා සාමාන්‍ය මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 80 ක් පමණ වේ .
අඟහරුගේ උප ග්‍රහයින්
අඟහරු හට ඩයිමෝස් (Deimos) හා ෆෝබෝස් (Phobos) නමින් උප ග්‍රහයන් හෙවත් චන්ද්‍රයින් දෙදෙනකු සිටියි.මෙම උප ග්‍රහයින් දෙදෙනාම ඈසැෆ් හෝල් (Asaph Hall) නැමැති ඇමරිකානු ජාතික තාරකා විද්‍යාඥයා විසින් සොයා ගන්නා ලදී .මෙම උප ග්‍රහයන් දෙදෙනාගේම විශේෂත්වය වනුයේ ඒව හරි ගෝලාකාර නොවීමයි.
ෆෝබෝස් අඟහරු ගේ විශාලතම උප ග්‍රහයා වේ. වායුගෝලයක් නොමැති නිසා බොහෝ විට උල්කාපාත වලින් බැටකයි. අඟහරු වටා දිනකට තුන්වරක් ගමන් කරන ෆෝබෝස් සෑම වසර 100කට ම මීටර 1.8 ක් බැගින් අඟහරුට ළං වෙයි .මේ අනුව ෆෝබෝස් චන්ද්‍රයා තවත් වසර මිලියන පනහකට පසු අඟහරු හා ගැටෙනු ඇති බව විද්‍යාඥයන් ගේ මතයයි. ෆෝබෝස් උප ග්‍රහයා අඟහරු ගේ සිට කිලෝමීටර් 9380 දුරින් පිහිටා ඇත .
සෑම පැය 30කට වරක් ම අඟහරු වටා වටයක් ගමන් කරන ඩයිමෝස් උප ග්‍රහයා අඟහරු ගේ සිට කිලෝ මීටර් 23,460 දුරින් පිහිටා ඇත.
ඩයිමෝස් හා ෆෝබෝස් යනු ග්‍රීක පුරාවුර්ති වලට අනුව යුද්ධයට අධිපති දෙවියන් ගේ පුතුන් දෙදෙනාය.
මිනිසාගේ අඟහරු මත මෙහෙයුම්
පළමු වරට මිනිසා විසින් අඟහරු වෙත 1965දි යානාවක් යවන ලදී.ඒ මැරිනර් 4 යානයයි. එතැන් සිට වරින් වර අඟහරු අඟහරු වෙත මිනිසා විසින් මෙහෙයුම් 56ක් දියත් කළ අතර ඉන් විසි හයක් සාර්ථක විය.
අගහරු වෙත ගිය යානාවලින් කිහිපයක්
මැරිනර් 4
1965 දී නාසා ආයතනය මගින් දියත් කළ මෙම සාර්තක මෙහෙයුම මගින් පළමු වරට අභ්‍යවකාශයේ සිට අඟහරු ග්‍රහයා ගේ ඡායාරූප ගැනීමට හැකි විය .
මැරිනර් 9
1971 දී නාසා ආයතනය මඟින්ම අභ්‍යවකාශ ගත කළ මෙම යානය පළමු වරට අඟහරු ග්‍රහයා වටා කක්ෂ ගත විය .
වයිකිං ව්‍යාපෘතිය
වයිකිං 1 සහ වයිකිං 2 ලෙස යානා දෙකක් 1976දී අඟහරු මත සාර්ථකව ගොඩ බස්වන ලදී. අඟහරු ග්‍රහයා මත ප්‍රථම වතාවට සාර්ථකව ගොඩබට යානය වයිකිං 1 වේ. (අඟහරු ග්‍රහයා මත ප්‍රථම මෘදු ගොඩ බැසීම සිදු කරන ලද්දේ 1971 සෝවියට් රුසියාවේ නිෂ්පාදිත මාස් 3 යානයයි. කෙසේ වෙතත් එය තත්පර 14 පමණ පසුව ක්‍රියා විරහිත විය). අඟහරු ග්‍රහයාගේ මතුපිට ඡායාරූප, වායුගෝලයේ හා මතුපිට සංයුතිය, මෙන්ම අඟහරු ග්‍රහයාගේ ජීවය පවතින්නේදැයි පිළිබඳව සොයා බැලීමට ද වයිකිං යානා අඟහරු මතුපිට සිට පරීක්ෂණ පවත්වා ඇත.
මාස් පාත්ෆයින්ඩර්
මෙම යානය 1997 දී අඟහරු මත ගොඩ බසින ලදී. වසර 21කට පසුව අගහරු මත ගොඩ බෑ පළමු යානය එයයි. එය ශ්‍රී ලාංකිකයන් වන අපිට විශේෂ වන්නේ එම යානයේ යේ සජෝන් රෝවරයේ (Sojourner rover) අධෝරක්ත කැමරාව නාසා ආයතනයේ සේවය කරන ආචාර්ය සරත් ගුණපාල විසින් නිශ්පාදනය කිරීමයි.
මීට අමතර ව Marven, 2001 Mars Odyssey, Mars Global Surveyor, Spirit Rover වැනි යානා ද අඟහරු මෙහෙයුම් දියත් කර ඇත .
මේ අනුව වර්තමානය වන විට අඟහරු මත InSight Lander සහ Curiosity Rover (මෙතෙක් අඟහරු වෙත යවා ඇති විශාලතම rover යානය curiosity rover ) යන යානා දෙකම මෙහෙයුම් දියත් කරමින් සිටියි. InSight Lander යානය මගින් අඟහරුගේ අභ්‍යන්තර ව්‍යුහය පිළිබද වැඩි දුර තොරතුරු සොයමින් පවතී .
මෙම වර්ෂයේදිි ද අඟහරු මෙහෙයුම් බොහොමයක් ක්‍රියාත්මක වීමට ඇත .ඒවා නම් ,
1. Hope Mars Mission
2. 2020 Chinese Mars Mission
3. 2020 Nasa’s Mars Mission
4. India’s Mars Orbiter
අඟහරු මත ජනපද පිහිටුවීම
මේ පිළිබඳ ව විද්‍යාඥයන් විවිධ අදහස් ඉදිරිපත් කර ඇති අතර සංකල්ප බොහොමයක් ද ඉදිරිපත් කර ඇත. Nasa ආයතනය මෙන්ම SpaceX ආයතනය ද අඟහරු මත ජනපද පිහිටුවීමට අවශ්‍ය සංකල්ප ඉදිරිපත් කර ඇත .
මූලාශ්‍ර
https://solarsystem.nasa.gov/moons/mars-moons/overview/
https://solarsystem.nasa.gov/
https://mars.nasa.gov/
http://m.nakedeyeplanets.com/mars