සෙනසුරුගේ වළලුමෙන් 200 ගුණයක් විශාල වළලු පද්ධතියක් ඇති සුපිරි සෙනසුරු ග්‍රහයා
සූර්යග්‍රහණය, සිකුරු සංක්‍රාන්තිය වැනි සංසිද්ධි අපට බොහෝ හුරු පුරුදු සංසිද්ධීන් ය. ඒවා සිදුවන විටදී සූර්යයායේ ආලෝකය අඩු වන බව අප දැනටමත් හොඳින්ම දන්නා කරුණක්. එය එසේ වන්නේ එම ග්‍රහලෝක මගින් සූර්යයා ආවරණය වීම නිසා අපට එම ආලෝකය හරි ආකාරව නොලැබීයාමයි. මෙම සංසිද්ධියම පාදක කර ගනිමින් සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති තරු වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝක (exoplanet) පිළිබඳ අධ්‍යනය කර ඒවාට ඇති දුර ඒවා වල ප්‍රමාණය පරිභ්‍රමණ කාල ආදිය ගණනය කල හැකි දියුණු ක්‍රමවෙදයන් ඇති බව ඔබ දන්නවාද..!!
ඉහත කී ආකාරයේ නිරීක්ෂණයන් මගින් තරු වටා ග්‍රහලෝක වල හැසිරීම් පිළිබඳ පර්යේෂණ කරන පර්යේෂණ කණ්ඩායමක් විසින් එක්තරා විශේෂිත වූ ග්‍රහලෝකයක් පිළිබඳ ඉතා වැදගත් කරුණු නිරීක්ෂණයක් 2007 වර්ෂයේදී සිදු කරන ලදි. එනම්, එක්තරා තරුවක් වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝකයක ඇති වළලු පද්ධතිය නිසා ඔවුන්ට දින 56ක් පුරාවට එම තරුවේ ආලෝකය විචලනය වෙමින් දිස් වී ඇත.
සෙන්ටෝරස් (Centaurus) තාරකා රාශියේ පෘථිවියට ආලෝක වර්ෂ 433ක් ඈතින් පිහිටා ඇති, 1SWASP නම් තරුණ අවදියේ පවතින තාරකාවක් වටා කක්ෂගතව පවතින මෙම වළලු සහිත ග්‍රහලෝකය J1407b ලෙස නම් කර තිබෙන ඇත. මෙහි වළලු වල ප්‍රමාණය සහ පැතිරීම සලකා බැලූ කල එම වළලු සෑදී ඇත්තේ, පෘථිවියට හෝ අඟහරුට සමාන ප්‍රමාණයේ උප ග්‍රහලෝකයක් සම්පූර්ණයෙන්ම විනාශ වී එහි දූවිලි සහා වායුන් එම ග්‍රහලෝකය වටා වළලක් සේ සැකසීම නිසා බව විද්‍යාඥයෝ පවසති.
මේ පිළිබඳ වැඩිදුරටත් පර්යේෂණ කරන නිව්යෝක් හී රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ (University of Rochester) පර්යේෂණ කණ්ඩායමේ නායක එරික් මැමජෙක් (Erik Mamajek) පවසා තිබුනේ විශාලත්වය අතින් මෙම ග්‍රහලෝකය බ්‍රහස්පති (Jupiter) ග්‍රහලෝකයට සමාන බවත් මෙහි වළලු වල විශාලත්වය නම් සෙනසුරු ගේ වළලු මෙන් 200 ගුණයක් පමණ වනු ඇති බවත් ය. එම නිසා ඔවුන් විසින් මෙය සුපිරි සෙනසුරු (Super Saturn) යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වා ඇත.
2012 වසරේදී එරික් ඇතුලු කණ්ඩායම සිදුකල නිරීක්ෂණ වලින් පසු එලෙස ආලෝක විචලනයන් ඇති කිරීමට සමත් උනේ ඉතා විශාල වළලු 4ක් නිසා බව පළමුවරට පවසා තිබුනි. නමුත් පසුව ඔහු නෙදර්ලන්තයේ ලෙයිඩෙන් නිරීක්ෂණාගාරයේ (Leiden Observatory) කටයුතු කරන මැතිව් කෙන්වර්ති (Matthew Kenworthy) සමඟ එකතුව සිදුකරන ලද විශ්ලේෂණයන්ට අනුව පුළුල් පරතර සහිත වළලු 37ක් ඇති බවට හඳුනාගෙන ඇත.
1SWASP තාරකාවේ ආලෝක විචලනයන් J1407b ග්‍රහලෝකයේ වලලු වල පිහිටීම හා ඒවායේ ඝන්කමට දක්වන සහසම්බන්ධය ගැන තවදුරටත් පැහැදිලිකරන වීඩියෝවක් පහත එක හරහා බලා ගත හැක. 👇
මෙම වළලු කෙලින්ම නිරීක්ෂණය කිරීමට තරම් හැකියාවක් නොමැති වී ඇත්තේ මෙම තරුව අපට ඉතා ඈතින් පිහිටා තිබෙන නිසා උවත් සති කිහිපයක් පුරාවට පැවති ග්‍රහණයේදී (Eclipse) ලබා ගත් ආලෝක විචලනය දත්ත මගින් වළලු වල පිහිටීම් ඉතා හොඳින් පැහැදිලි වූ බව මැතිව් කෙන්වර්ති පවසා ඇත.
නිරීක්ෂකයෙකුගේ සිට කිලෝමීටර දහස් ගණනක් ඈතින් බ්‍රහස්පති වැනි ග්‍රහලෝකයක් සූර්යයා වැනි තරුවක් ඉදිරියෙන් ගමන් කරන විට ඇතිවන බාධාව නිසා 1% ක පමණ ආලෝකය අඩු වීමකි. එය විශාල ආලෝකයක් නිකුත් කරන බල්බයක් ඉදිරියෙන් මදුරුවෙක් ගමන් කිරීමේදී සිදුවන ආලෝක විචලනයට සමාන වේ. නමුත් මෙම සුපිරි සෙනසුරු ග්‍රහයාගේ විශේෂත්වය නම්, එහි වළලු මගින් තරුවේ ආලෝකය 95% කින්ම කපා හැරීමට සමත් වීමයි.
යම් හෙයකින් බ්‍රහස්පති ගේ ගැලීලියානු චන්ද්‍රයන් සම්පූර්ණයෙන්ම විනාශ වී දුහුවිලි බවට හැරී බ්‍රහස්පති වටා වළල්ලක් ආකාරයට සැකසුනේ නම් එම වළල්ල ඉතාමත් පාරාන්ධ වනු ඇති බවත්, අප ඉහත තරුව නිරීක්ෂණය කල දුරට සමාන දුරක සිට අපගේ සෞරග්‍රහ මණ්ඩලය නිරීක්ෂණය කලේ නම් එම බ්‍රහස්පතිගේ වළල්ල මගින් දින ගණනක සූර්යග්‍රහණයක් ඇති කිරීමට සමත් වනු ඇති බවත් එරික් මැමජෙක් ගේ අදහසයි.
ලැබුණු දත්ත වලට අනුව සුපිරි සෙනසුරු ග්‍රහයා වටා සැතපුම් මිලියන 37ක් පුරා ඔහුගේ වළල්ල විහිදී ඇත. පෘථිවිය හෝ අඟහරු ගේ ස්කන්ධයට සමාන ස්කන්ධයක් ඇති උපග්‍රහයෙක් සම්පූර්ණයෙන්ම විනාශ වීමෙන් මේම වළල්ල ඇති වන්නට ඇති බව දැනට පිළිගෙන ඇති මතයයි. සෞරග්‍රහ මණ්ඩලයේ බොහෝමයක් ග්‍රහලෝක වලට ඉතා කුඩා හෝ වළලු ඇති බව අප දැනසිටිනා නමුත් ග්‍රහලෝක වටා එලෙස වළලු ඇති වන්නේ කෙසේදැයි යන්න තවමත් සොයා ගෙන නොමැත. තවද 2014 වසරේදී තාරකා විද්‍යාඥයන් විසින් ග්‍රාහකයක් වටා ද මෙලෙස වළලු ඇති බවටද පළමුවරට නිරීක්ෂණය කර ඇත.
ග්‍රහලෝක වටා ඇති වළලු එම ග්‍රහලෝකය නිර්මාණය වූ කාලයේදී පටන් පැවතගෙන එන ඒවා වීමටද ඉඩ ඇත. නැතහොත් ග්‍රහලෝකය මතට වැටුන ග්රාහක කැබලි විනාශ වීමෙන් සෑදුන ඒවා විය හැක. ඇතම්විට වළලු ඇතිවී ඒවා ක්‍රමයෙන් උපග්රහයන් බවට හැරී කක්ෂගත විමද සිදුවිය හැක. මෙහි අවසාන නිගමනය වඩා නිවැරදි වනු ඇතැයි සිතන එරික් මැමජෙක් සහා මැතිව් කෙන්වර්ති දෙපලගේ අදහස නම්, ඉදිරි වසර මිලියන කිහිපය තුලදී මෙම වළලු තුනී වී ඒවා වල ඇති ද්‍රව්‍යයන්ගෙන් චන්ද්‍රයන් බිහිවී වළලු අතුරුදහන් වනු ඇති බවයි.
සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භයේදී බ්‍රහස්පති සහා සෙනසුරු වලත් මෙවැනිම වූ සුවිශාල වළලු පද්ධතියක් තිබෙන්නට ඇති බවත් ඒවා පසුකාලයේ චන්ද්‍රයන් බවට හැරෙන්නට ඇති බවත් තාරකා විද්‍යාඥයන්ගේ අදහසයි.
කාලයාගේ ඇවෑමෙන් J1407b හී වළලු පද්ධතියද එලෙස ක්ෂීණ වී යෑමට බොහෝ ඉඩකඩ ඇති නිසා වසර මිලියන ගණනක් ගියපසු නැවතත්, හොඳම වළලු පද්ධතිය හිමි ග්‍රහලෝකයට පිරිනැමෙන සම්මානය අපගේ සෙනසුරු හටම හිමිවෙනු ඇත.
මෙහි ඇති රූපසටහන මගින් චිත්‍රශිල්පියෙකු J1407b ග්‍රහලෝකයේ වලලු පද්ධතිය චිත්‍රයට නැගි ආකාරය දැක්වේ
මූලාශ්‍ර :
https://www.space.com