Falcon 9
SpaceX ආයතනයේ ප්‍රධානතම ක්‍රියාකාරී රොකට් යාන පිලිබඳව තමයි අද ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ.
2002 ආරම්භ වුණු SpaceX ආයතනයේ පලමු රොකට් යානය වන්නේ Falcon 1 රොකට් යානයයි. Falcon යන නම යෙදීමට හේතුව Star Wars චිත්‍රපට මාලාවේ එන Millenium Falcon කියන Spaceship එකයි. 1 ලෙස නම් කරන්නේ එක් රොකට් එන්ජිමක් පමණක් මෙම රොකට් යානයට තිබූ නිසයි. 2006 දී නිර්මාණය වන මෙයට කිලෝග්‍රෑම් 670ක් රැගෙනයාමේ හැකියාව පැවතිණි. පලමු දියත්කිරීම් 3හි දීම අසාර්ථක වන Falcon 1 සිව්වන වර සාර්ථකව ගුවන්ගත වන්නේ dummy payload එකක් සමගයි. පස්වන සහ අවසාන ගමනේදී මැලේසියානු RazakSat නම් චන්ද්‍රිකාව සාර්ථකව පෘථිවි කක්ෂයට ගෙනයමින් 2009 ජූලි 14 දින තම රාජකාරි අවසන් කරනවා.
SpaceX හි ඉංජිනේරුවන් මීලඟට එන්ජින් 5කින් සමන්විත Falcon 5 රොකට් යානයක් නිර්මාණය කිරීමට සැලසුම් කර එය අතහැර දමා රොකට් එන්ජින් 9කින් යුත් Falcon 9 රොකට් යානය නිර්මාණය කරනවා. කිලෝගෑම් 13150ක් ගෙන යාහැකි මෙම රොකට් යානය අදියර 2කින් යුක්තයි. Falcon 9 2010 ජුනි 7 වන දින ඇමරිකාවේ කැනවරල් තුඩුවෙන් තම මංගල ගමන ආරම්භ කරනවා.
මේ අතරතුරේදීම ඔවුන් F9R Dev නමින් පරීක්ෂණ රොකට් යානයක් ගුවන් ගත කරමින් නැවත නැවතත් භාවිත කළ හැකි ලෙස Falcon 9 යානය සැකසීමට අවශ්‍ය තොරතුරු එකරැස් කරනවා. මීට පෙරද Grasshopper නම් මූලාකෘති රොකට් යානයකින් මෙවැනිම පරීක්ෂණ සිදුකිරීමට ඔවුන් කටයුතු කලා. 2014දි සංවේදකයක වූ දෝශයක් නිසා ආරක්ෂක හේතූන්මත F9R Dev ස්වයංක්‍රීයව වීනාශ වෙනවා.
පරීක්ෂණ කටයුතු එසේ සිදු වෙද්දී Falcon 9 රොකට් යානයේ පලමු අදියර මුහුද මත ගොඩ බැස්වීමට උත්සාහ දරනවා. උත්සහයන් තරමක් දුරට සාර්ථක වෙමින් Falcon 9 හි 9වන අහ්‍යවකාශ ගමනේදී භාවිතා කල පලමු අදියර බූස්ටරය මෘදු ලෙස මුහුද මත පතිතකිරීමට(soft landing) ඔවුන් සමත් වෙනවා. එයින් නොනැවතුණු falcon 9, 2015 දෙසැම්බර් 21 දින කැනවරල් තුඩුවේ landing zone 1 හිදී සාර්ථකව සිය පලමු ගොඩබැසීම නිමා කරනවා. එතැන් පටන් falcon 9 බූස්ටර් කොටස්, 53 වරක් සාර්ථකව ගොඩබැස්වීමට SpaceX ආයතනය සමත් වෙනවා. අභ්‍යවකාශ තරණයට තිබෙන විශාලම ගැටලුව වන අධික වියදම සඳහා සාර්ථක විසදුමක් මෙලෙස සොයාගනිමින් SpaceX ආයතනය අභ්‍යවකාශ තරණයේ නව පෙරැලියක් ඇති කරනවා.
Falcon 9 රොකට් යානයට අවශ්‍ය බලය ලබාදෙන්නේ Merlin 1 D රොකට් එන්ජින් නවයකිනි. රොකට් යානයේ දෙවන අදියර සඳහා බලය ලබා දෙන්නේ Merlin Vacuum (MVac) එන්ජිමකිනි. ඉන්ධන ලෙස ඉතා පිරිපහදු කරන ලද භූමිතෙල් (Highly Refined Kerosine-RP1) භාවිත කරන අතර ඔක්සිකාරකය ලෙස ද්‍රව ඔක්සිජන් (LOX) භාවිත කරයි.
Falcon 9 රොකට් යානයේ ගෙනයන payload වායුගෝලීය පීඩනයෙන් ආරක්ෂා කිරීමට ආවරණය වී ඇත්තේ fairings 2 කිනි. (ඡායාරූප බලන්න)
රොකට් යානයේ දෙවෙනි අදියර සමග සම්බධවී ඇති මෙම කොටස payload එක අභ්‍යවකාශයට මුදෑහැරිමට පෙර ගැලවී පෘථිවියට වැටේ. මෙම fairings අල්ලාගැනීම සඳහා Ms Tree සහ Ms Chief නමින් නෞකා දෙකක්ද falcon 9 රොකට් බූස්ටර් ගොඩබැස්වීම සඳහා Of Course I Still Love You සහ Just Read The Instructions නමින් ඩ්රෝන්ශිප් දෙකක් ද SpaceX ආයතනය භාවිත කරයි.
SpaceX ආයතනයේ අසාර්ථ ගොඩබැස්වීම් ඇතුලත් වීඩියෝව: 👇
https://youtu.be/bvim4rsNHkQ
“අසමත්වීම යනු විකල්පයකි. ඔබ අසාර්ථක නොවන්නේනම් ඔබ ප්‍රමාණවත් ලෙස නව නිපැයුම් කරන්නේද නැත”
– ඊලෝන් මස්ක් (Founder, CEO : SpaceX)
මූලාශ්‍ර :
space.com
spacenews.com