පොසොන් මහේ අහස
මෙවර ජුනි මාසයේ අහසේ විචිත්‍රවත් සිදුවීම් ගණනාවක් දැක ගන්න පුලුවන්. ඒ පිළිබඳව විස්තරයක් තමා අප මේ ලිපියෙන් කතා කරන්න යන්නේ.
මේ මාසෙ දැක ගන්න පුලුවන් වුනු පලවෙනි සිදුවීම තමයි ජුනි 4 වෙනිදා සිදුවුණු බුධ ග්රහයායෙගේ Great Eastern Elongation එක. Great Elongation අවස්ථාවක තමා අභ්‍යන්තර ග්‍රහලෝකයක සූර්යත් එක්ක වැඩිම කෝණික වෙන්වීම (Angular separation) තියෙන්නේ. Great Elongation එක වෙන අවස්ථාවෙදී ග්‍රහලෝකය පෘථිවියට සාපේක්ෂව නැගෙනහිරද බටහිරද තියෙන්නේ කියන එක අනුව eastern, western කියන එක ඇතුලත් වෙනවා. සූර්යත් එක්ක උපරිම කෝණික වෙන්වීමක් තියන නිසා සුර්යා බැහැලා ගියාට පස්සෙ උපරිම උන්නතාංශයකින් (Altitude) ග්‍රහලෝකය අපිට මේ වේලාවේදි නිරීක්ෂණය කරන්න පුලුවන්.
ඒ වගේම ජුනි මාසයේ 5 වනදා අපට උප ඡායා චන්ද්‍ර ග්‍රහණයක්ද (Penumbral lunar eclipse) බලාගන්න පුලුවන් වුනා. පැය 3යි මිනිත්තු 18 ක කාලයක දැක ගන්න පුලුවන් වුනු මේ චන්ද්‍ර ග්‍රහණයේ උපරිම අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට ජුනි 6 වන දින පෙරවරු 12:54 ට දැක ගන්න පුලුවන් වුනා. සාමාන්‍යයෙන් පෘථිවි උප ඡායා සෙවනැල්ල (Penumbral shadow) එතරම් තීව්ර නැති නිසා පූර්ණ චන්ද්‍රයා හා ග්‍රහණයේ උපරිම අවස්ථාවේ චන්ද්‍රයා අතර දීප්තියේ වෙනසක් නිරීක්ෂණය කරන්න අමාරුයි.
ජුනි මාසයේ අපිට දැක ගන්න පුලුවන් විචිත්‍රවත්ම සිදු වීමක් තමයි ජුනි 21 වෙනිදාට සිදුවීමට නියමිත වලයාකාර සූර්ය ග්‍රහණය (Annular solar eclipse). වලයාකාරා සෙවනැල්ල පතිත වන මාර්ගයේ ශ්‍රී ලංකාව පිහිටා නොමැති නිසා මෙවර මෙම සූර්ය ග්‍රහණය ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැක්කේ අර්ධ සූර්ය ග්‍රහණයක් විදිහටයි. ජුනි 21 වනදා උදෑසන 11:54 ට මෙම සූර්ය ග්‍රහණයේ උපරිම අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට දැක ගැනීමට හැකි වන අතර මෙම අවස්ථාවෙදී සූර්ය තැටියේ 16% වැසීමක් (Obstruction) නිරීක්ෂණය කරන්න පුලුවන්.
ජුනි මාසයේ ග්‍රහලෝක දැක ගන්න පුලුවන් අකාරය ගැන කතා කලොත් බුධ ග්‍රහයා පලමු දසතිය තුළ හිරු බැස ගිය පසු බටහිර අහසේ මිථුන රාශිය පසුබිම් කරගනිමින් නිරීක්ෂණය කරන්න පුලුවන්. උන්නතාංශය ගොඩක්ම අඩු නිසා බුධ ග්‍රහයා නිරීක්ෂණය කිරීමට ක්ෂිතිජයට ආසන්න අහස පෙනෙන ස්ථානයක් තම යෝග්‍ය වෙන්නේ. පියවි ඇසට පෙනෙන ග්‍රහලෝක 5න් නිරීක්ෂණය කරන්න අමාරුම ග්‍රහලෝකය බුධ ග්‍රහයා කිව්වොත් නිවරදියි.
අලුයම 1න් පමණ පසුව අගහරු, බ්‍රහස්පති, සෙනසුරු යන ග්‍රහලෝක 3ම හිරු උදාව වන තෙක් ජුනි මාසයේ පුරාවටම නිරීක්ෂණය කරන්න පුලුවන්. මෙහිදී බ්‍රහස්පති ග්‍රහයා ධනු රාශිය ද සෙනසුරු ග්‍රහයා මකර රාශිය ද අඟහරු ග්‍රහයා කුම්භ රාශිය ද පසුබිම් කරගනිමින් තමා පිහිටල තියෙන්නේ. ඒ වගේම වසරේ අලුයම් කාලයේදී දකින්න පුලුවන් උපරිම දීප්තියෙන් අගහරු ග්‍රහයා ජුනි 12 වනදාද නෙප්චුන් ග්‍රහයා ජුනි 13 වනදාද අපට නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඔබ නෙප්චුන් ග්‍රහයා නිරීක්ෂණය කරනවා නම් දෙනෙතියක් හෝ දුරේක්ෂයක් අවශ්‍ය වනවා.
ඒ වගේම ඔබ ආලෝක දූෂණය අඩු ප්‍රදේශක සිට නිරීක්ෂණය සිදු කරන්නේ නම් මාසයේ පුරාවටම ධනු හා වෘශ්චික තාරකා රාශි පසුබිම් කරගනිමින් ක්ශීරපථයේ (Milkyway) දීප්තිමත් ප්‍රදේශය වන එහි මධ්‍ය ප්‍රදේශය දැකගැනීමේ හැකියාවක් තියෙනවා.
අවසාන වශයෙන් ජුනි මාසයේ අමාවක දින ය (New moon) 21 වෙනිදාට යෙදී තියෙනවා.චන්ද්‍ර ආලෝකයේ බලපෑම නැති නිසා අඩු දීප්තියකින් යුත් ගැඹුරු ආකාශ වස්තු සහ තාරකා රාශි නිරීක්ෂණයට මෙදින ඔබට යොදා ගන්න පුළුවන්.
මූලාශ්‍ර
Stellarium 0.19.2
Mobile Observatory 2.64
timeanddate.com