2020 ජූනි 21 වෙනි දින ඇතිවූ අර්ධ සූර්යග්‍රහණය
2020 ජූනි 21 වෙනි දින ඇතිවූ වලයාකාර සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව දිස්වූයේ අර්ධ සූර්යග්රහනයක් ලෙසිනි. එය නිරීක්ෂණය කිරීම සඳහා නාලන්දා විද්‍යාලය තාරකා විද්‍යා සංගමය සහ ආදී නාලන්දීය තාරකා විද්‍යා සංගමය මගින් විශේෂිත නිරීක්ෂණ කඳවුරක් කොළඹ දී පැවැත්විණි. වර්තමානයේ පවතින කොවිඩ් 19 රෝගය හේතුවෙන් පිරිස් සම්බන්ධකර නොගෙන දුරේක්ෂ භාවිතා කරමින් අන්තර්ජාලය ඔස්සේ සජීවීව සූර්යග්‍රහණය දර්ශන විකාශය කරන ලදී . නැවත ශ්‍රී ලංකාවට 2022 ඔක්තෝම්බර් මස 25 වැනි දින සූර්යග්‍රහණයක් දර්ශනය වන නමුත් එය සම්පූර්ණ සූර්යයාගෙන් 1% පමණ වැසෙන විනාඩි 9 වැනි කෙටි කාලයක් පවතින සූර්යග්රහණයක්වේ. පැහැදිලිව දර්ශනය වන සූර්යග්රහනයක් ශ්‍රී ලංකාවට නැවත නිරීක්ෂණය කළ හැකි වන්නේ 2027 අගෝස්තු මස 02 දිනට වේ.